(විනීතා එම් ගමගේ)
පොලිස්පති පූජිත් ජයසුන්දර සිටින තුරු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව ඇති චෝදනා පිළිබඳ නිවැරදි පරික්ෂණයක් සිදුවේයැයි බලාපොරොත්තු විය නොහැකි යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, පොලිස්පති පූජිත සමඟ පවතින අතිශය සමීප සම්බන්ධතාවය මේ වන විට ඔප්පු වී ඇති බවත් ඒ සඳහා ප‍්‍රබල සාක්ෂි පහක්ම ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවැසීය.
‘‘පළමුවෙන්ම, නාලක ද සිල්වාට කූට ලේඛන චෝදනා එල්ල වන විට කොටි ත‍්‍රස්තවාදින් නිදහස් කිරීම පිළිබඳ චෝදනා එල්ල වන විට, භික්ෂුන් වහන්සේලාට පා පහර දීම පිලිබඳ චෝදනා එල්ල වන විට, ආදි සෑම අවස්ථාවකම නාලක ද සිල්වාව බේරා ගත්තේ පොලිස්පති විසිනුයි.
දෙවනුව, ජනපති ඝාතන කුමන්ත‍්‍රණය ගැන චෝදනා එල්ල වන විට පොලිස්පතිගේ ප‍්‍රතිචාරය වුණේ මොකද්ද? නාලකට පොලිසියේ හතුරන් ඉන්නවා. මේක ඒ අයගේ වැඩක් වෙන්න පුළුවන්. තෙවනුව, ඝාතන කුමන්ත‍්‍රණයේ ප‍්‍රබලතම සාක්ෂියක් වු හඬ පටය පරීක්ෂාවට ලක් කිරීමටත් කලින් ඒක ව්‍යාජ හඬ පටියක් යැයි පොලිස්පතිවරයා පවසනවා.
සිව්වෙනුව, ඉහළ නිලධාරියෙකුට මෙවැනි චෝදනාවක් එල්ල වුණාම කළ යුතු පළමු දේ තමයි ඔහුව වැඩ තහනමට ලක් කරන එක. ඒ ඔහුට පරීක්ෂණ කටයුතු වලට බලපෑම් කරන්න පුළුවන් නිසා. නමුත් ඒ වෙනුවට කලේ ඔහුව වෙනත් අංශයකට මාරු කරලා බේරා ගන්න පුළුවන් ද කියා බලන එක. අපි තදින්ම බලපෑම් කළාට පස්සේ තමයි ඔහුගේ වැඩ තහනම් කලේ.
පස්වෙනුව, ඔහුට ආශිර්වාද කරලා පවත්වපු බෝධි පූජාවට ඔහුත් සමග පොලිස්පතිත් සහභාගි වුණා. ඒක සංවිධානය කලේ පොලිස්පතිගේ උපදෙස් මත කියලාත් අපිට ලැබී තිබෙන නිල නොවන තොරතුරු වලින් කියවෙනවා.
මේ කාරණා පහම එක්ව ගත් විට පොලිස්පති තනතුරේ පූජිත ජයසුන්දර මහතා සිටින තුරු නාලක සිල්වාට එරෙහිව නිවැරදි පරීක්ෂණයක් සිදු වෙන්නේ නෑ කියන එක පැහැදිලියි.‘
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘පොලිස්පති පුජිත් සිටිනතුරු නාලක සිල්වා ගැන නිවැරදි පරීක්ෂණයක් නෑ‘
ජයරත්න Tuesday, 25 September 2018 10:34 AM
දැන් ඔය මරනවා කියපු කතාව හඬ පටයෙන් එයාම මැකුව කියල නාමල් කුමාර කියනවා නේද? එතකොට මෙච්චර නටන්නේ ලොකු පචයක් අල්ලගෙන නේද? මේ ආණ්ඩුව කාලේ එක මිනිහෙක්වත් රාජ්‍ය හස්තයෙන් මිය ගොස් නැහැ. ඒක ඉවසන්න බැරි කමට කුමන්ත්‍රණ න්‍යාය දාගෙන කෑගහනවා.
Saththaya Tuesday, 25 September 2018 11:28 AM
මන් හිතන්නේ පොලිස්පති තුමා මේ ගොල්ලෝ කියන දේවල් කරන්නේ නැහැ වගේ.
Lakmal Wednesday, 26 September 2018 01:14 AM
මුලින් පක්ෂයක් හදාගෙන තනියම පාර්ලිමේන්තු එන්න.
Sapumal. Wednesday, 26 September 2018 02:07 AM
කරුණාකර රහස් පොලීසියේ පර්යේෂණ වලට අත දාන්න එපා. නාමල් නිවැරදියි කියලා තවම ඔප්පුවෙලා නැහැ. රජයේ වැරදි අඩුපාඩු ඇති.ඒත් දැන් ඒ කාලයේ තිබුනාට වඩා නීතිය හොඳයි නේද ? ඒ නිසා මෙහි සුල මුල නිවැරදිව රහස් පොලීසිය සොයා ගන්නා බව අපගේ විශ්වාසයි.