IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොලිසියකින් රුපියල් 25000යි බෝතල් 10යි

පොලිස් දින උත්සය සඳහා වෙහෙසුණු පොලිසියේ 100කට පමණ සාදයක් පැවැත්වීම සඳහා ඌව පළාතේ පොලිස් ස්ථාන නවයකින් මුදල් සහ මත්පැන් එකතු කරන බව පොලිසියේ ආරංචි මාර්ග කියයි.
 
එක් පොලිස් ස්ථානයකින් රුපියල් 25,000ක් සහ මත්පැන් බෝතල 10ක් මෙන්ම බයිට් වර්ගද ලබා දෙන ලෙස   සහකාර පොලිස් අධිකාරීවරයකු දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සහකාර පොලිස් අධිකාරීවරයා මෙවැනිම චෝදනා එල්ල වී වෙනත් ප්‍රදේශයකින් ස්ථාන මාරු ලැබූවකු බව ද සඳහන්ය.
 
සාදය සූදානම් කර ඇත්තේ ප්‍රදේශයේ හෝටලයකය.
 
මේ ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශස සම්බන්ධ කර ගැනීමට කිහිප වරක් උත්සාහ කළ ද එය අසාර්ථක විය.



අදහස් (13)

පොලිසියකින් රුපියල් 25000යි බෝතල් 10යි

ravin Wednesday, 20 September 2017 04:50 PM

පොලිසියේ ඉන්න සාමාන්‍ය කොස්තාපල් වරයකුගේ මාසික වේතනය කියද? දුෂ්කර ප්‍රදේශයක පොලිස් ස්ථානයක කොස්තාපල්වරුන්ගේ මාසික වේතනයෙන් කියක් මේ සඳහා වැයකළ යුතුද? මෙන්න දුෂණය පටන්ගන්න තැන්. ඉහල තැන්වල දුෂිතයින් ඉන්නකන් කොයි ආයතනයේත් මෙච්චර තමයි.

:       1       187

ramaniThursday, 21 September 2017 12:21 AM

උඩ අයගේ නීති නිසා තමයි සමහර යට ඉන්න අයත් අන්තිමට දුෂණයට පෙළඹෙන්නේ. මේ පාටිය ගැන පොලිස්පතිතුමා දන්නේ නැද්ද. මොකද කරන්නේ.

:       0       22

perakumThursday, 21 September 2017 02:00 AM

පිස්සුද ravin කොස්තාපල්වරුන්ගේ මාසික වේතනයෙන් කව්ද ඕව ගෙවන්නේ...

:       0       205

mohomed faizelThursday, 21 September 2017 03:50 AM

ඓයෝ ඕක මොකක්ද කඩ 4 කින් 5 කින් එකතු කලානම් හරි , නැතම් වාහන ටිකකින් ගතනම් හරි 100 ක්‌ ඉන්න පොලිසීයක එක්කෙ ට 250 , මේ ලනකව , එංගලන්තයේ නෙවෙයි.

:       0       12

mahee Wednesday, 20 September 2017 08:58 PM

අයියෝ මේවා මොනවද? රජයේ ආයතන කීයක් නම් තියෙනවද ලොක්කා එනකොට ගාන එකතුකරලා තියල රෑට දාන පාටියෙන් පසුව ප්‍රදානය කරන. ඇත ප්‍රදේශවල කොන්ත්‍රාත්කරුවන් ව්‍යාපාරිකයන් යයි කියා ගන්න අය තමන්ගේ හොර වැඩ සඳහා ප්‍රාදේශීය නිලධාරීන්ට ගෙවන සන්තොසම්වලින් තමයි අදාළ කොටස වෙන්කරගෙන ඉඳල නිල චාරිකාවලට එන මහ ලොක්කන්ට ගෙවන්නේ. නැතුව පඩියෙන් එකතු කරලා දෙන්න තරම් උන්ට පිස්සු නෑ.

:       1       57

maru Wednesday, 20 September 2017 09:11 PM

ඔය හාදය හොර අරක්කු අල්ලන්න එහෙම යවනව නොවෙයි.

:       0       6

ariyapala heawge Thursday, 21 September 2017 02:54 AM

මෙම නිලදරියගේ සේවය වහාම අත්හිටවිය යුතුය

:       0       457

sachithThursday, 21 September 2017 04:01 AM

ඔබතුමාට තේරෙන්නේ නැද්ද, මේ ලොකු දේශපලුවෙක්ගේ සුවච කීකරු ගෝලයෙක්, චෝදනාව නිසා දැනට මාරු කරලා. ඡන්දෙ ලං වෙනකොට ඒ ඇමතිගේ ලගට ගන්නවා. එකනේ කිසිම බයක් නැතුව ප්‍රසිද්දියේම මත්පැන් වලට සල්ලි දෙන්න කියන්නේ.

:       0       1

nimali Thursday, 21 September 2017 03:41 AM

සාමාන්‍ය ජනතාව වෙත තවත් බරක්, වරද කල හෝ නොකළ රියදුරන්ගෙන් 25000/= හා අනිකුත් දේ ගස් යට අනීතියේන්

:       0       2

Mohomad - Badulla. Thursday, 21 September 2017 04:58 AM

මහත්වරු කලබල වෙන්න එපා. පිණ්ඩපාත වඩින්න තහනම් කාලය අවසන්වෙන්න තවටිකදවසයි නේද තියෙන්නේ? ඊට කලින් අපේ ස්වාමීන් වහන්සේලා බොහොම සද්දාවෙන් පිඬුසිඟාවැඩලා පොලොසීයේ කටයුතුත් කරලදෙයි.

:       91       253

ගයාන් Thursday, 21 September 2017 11:24 AM

ඔයා මුස්ලිම් නිසාද ඔයාට හාමුදුරුවෝ ගෙන අමාරුව. ඒ අය කාටවත් කරදරයක් නතුව පිඩුසිගා ගිහිල්ලා ඒ දේ කරන්නේ. ඔයාලගෙ අය ඔහොම සල්ලි එකතු කළා නම් පාරෙ ඉන්න අහිංසක හරක් ටික හොරෙන් අරන් ගිහිල්ලා තමයි හම්බ කරන්නේ.

:       0       0

sunil Thursday, 21 September 2017 05:58 AM

අමුතුම විදියේ භාවනාවකට කට්ටිය පුරුදු කරන්න වෙන්න ඇති.

:       0       0

sunil Thursday, 21 September 2017 06:00 AM

මගේ සංතෝ මේ දවස්වල තනි ඉර! තනි ඉර!! බැරිවෙලාවත් ඉස්සරකරන්න එපා පුතෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 9 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 269 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 259 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 138 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 172 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 196 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site