IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


පොලිසියේ ක්‍රියාකලාපය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ දෝෂ දර්ශනයට

(මනෝප්‍රිය ගුණසේකර සහ කොච්චිකඩ් විශේෂ වාර්තාකරු)

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට දින 07 ක කාලයක් ගතවුවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ පොලිසියේ ක්‍රියාකලාපය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා හමුවේ අද (29) දැඩිලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කොට දින 07 ක කාලයක් ගතවී ඇතැත් ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මෙතෙක් කටයුතු කොට නැතැයිද මෙය සල්ලි තියෙන අයට එක නීතීයකුත්, සල්ලි නැති අයට එක නීතීයකුත් තියෙනවා කියා මිනිසුන් කියන කතාව මෙම සිද්ධිය නිසා සනාථ වන්නේ යැයිද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඩුබායි සිටි මධුෂ් නමැත්තාද මැලේසියාවේ සිටි කේ.පී. ද ලංකාවට ගෙනඒමට අපේ ආරක්‍ෂක අංශ කටයුතු කළත් වර්ග කිලොමීටර් 65000 ක භූමියක මිලියන 22 කට ආසන්න ජනතාවක් වෙසෙන අපේ රට තුළ සිටි මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ 87000 ක පොලිස් සේනාවකට නොහැකි වී ඇතැයිද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා කටයුතු නොකිරීමේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙය නීතීයේ මළගමදැයි සැකයක් මතුවන්නේ යැයිද කියමින් නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම් දීමක් සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා අනුරුද්ධ සම්පායෝ නමැත්තාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කර ඔහු වහාම අත්ඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට නියම කළේය.

බන්නගාරගත සිරකරුවන් හා රැඳවියන් සමඟ එක්ව මීගමුව බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල ලබාදීම, බන්ධනාගාරගත රැඳවියන්ට තහනම් භාන්ඩ ලබාදීම, කූඨ ලේඛන සකස් කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයකු වශයෙන් කටයුතු කළ ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැතක්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඒ අවස්ථාවේදී ඊයේ පෙරවරුවේ නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාරවු මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කළ උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත සේනාරත්න නමැත්තන්ද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය අමතමින් මෙම සිද්ධියේ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස මීට දින 07 කට ඉහතදී නියම කොට ඇතැත් ඔවුන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකීවී නැතැයි පෙන්වා දුන්නේය.

සැකකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකු පොලිසියටත් දෙදෙනෙකු අධිකරණයටත් බාරවී ඇතැයිද මෙම සිද්ධියේ ප්‍රධානම සැකකරු බව කියන මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී සම්පායෝ නමැත්තා ලබන සිකුරාදා වනවිට අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකළහොත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පෞද්ගලිකව අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා නොතිසි ලබාගැනීමට ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයිද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දුෂිත බන්ධනාගාර නිලධාරීන් හා එක්ව පොලිසිය සමුහ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේදැයි මෙම ක්‍රියාකලාපය තුළින් සැකයක් මතුවන්නේ යැයිද කීය.

නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාරවු මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කළ උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත සේනාරත්න නමැත්තන් මාවතගම හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් අත්දෙක සාක්කුවට දාගෙන විසිල් පාරක් ගහගෙන ඇවිත් විත්තිකූඩුවට ගොඩවෙනතුරු ඔවුන් අල්ලා ගැනීමට පොලිසියට හැකිවී නැතැයිද මෙම සිද්ධියේ ප්‍රධානම සැකකරු බව කියන මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී සම්පායෝ නමැත්තා අළුත්කඬේට පැමිණ දිව්රුම් පෙත්සමකට අත්සන් කොට ගොස් ඇතැත් ඔහුද අල්ලා ගැනීමට පොලිසියට හැකි වී නැතැයිද කී දිලීප පීරීස් මහතා එවැනි තත්වයක් තිබියදී සම්පායෝ නමැත්තා ජනාධිපති නීතීඥවරුන් ඇතුළු නීතීඥවරුන් කණ්ඩායමක් මෙම අධිකරණයට ගෙන්වා ඇත්තේ ඔහුගේ  බලපරාක්‍රමය පෙන්වීමටදැයි ප්‍රශ්න කළේය.

දූෂිත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා යම් යම් නියෝග නිකුත් කළත් ඔවුන්ට අත්අඩංගුවට පත්නොවී සැඟවී සිටීමට හෝ නීතීයෙන් ගැලවී යා හැකිවන අන්දමට පොලිසිය කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇතැයිද ඩුබායි සිටි මධුෂ් නමැත්තාද මැලේසියාවේ සිටි කේ.පී. ද ලංකාවට ගෙනඒමට අපේ ආරක්‍ෂක අංශ කටයුතු කළත් වර්ග කිලොමීටර් 65000 ක භූමියක මිලියන 22 කට ආසන්න ජනතාවක් වෙසෙන අපේ රට තුළ සිටි මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ 87000 ක පොලිස් සේනාවකට නොහැකි වී ඇතැයිද කී  දිලීප පීරීස් මහතා මෙය සල්ලි තියෙන අයට එක නීතීයකුත්, සල්ලි නැති අයට එක නීතීයකුත් තියෙනවා කියා මිනිසුන් කියන කතාව මෙම සිද්ධිය නිසා සනාථ වන්නේ යැයිද පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පොලිස් ආඥා පනත අනුව අධිකරණ නියෝග අනුව කටයුතු නොකරන නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට හැකියාව ඇති බවත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැත්තේ පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ දැක්වෙන බියසුළුකම යටතේ නම් බියසුළු පොලිස් නිලධාරීයාගේ මාස 12 කට සරිලන වැටුපද මාස 12ක සිරදඬුවමක්ද ලබාදිය හැකි බව පෙන්වා දුන්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ධනවත් අයට එක නීතීයකුත් දුප්පතුන්ට තව නීතීයකුත් ක්‍රියාවේ පෙදවීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමෙන්තුව ක්‍රියා කළහොත් එය නීතීයේ ආධිපත්‍යයේ මළගම බවත් සමහර නිලධාරීන් එයට අධිකරණයත් පාර්ශවකරුවන් කරගැනීමට උත්සහ කරන්නේ යැයිද කීය.

මෙහෙම ගියොත් සාමාන්‍ය මිනිසුන් කැති පොලු අරගෙන ‘කැලේ නීතීය’ හදන්නත් ඉන් යුක්තිය ඉෂ්ඨ කරවා ගැනීමට උත්සහ කරන කාලය වැඩි ඈතක නොවේ යැයිද අවධාරණය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එයට පොලිසියේ මෙම ක්‍රියාකලාපය වගකිය යුතු බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

ආණ්ඩුවේ බෝඩිම වශයෙන් ජනතාව හඳුන්වන බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් රජයේ ආරක්‍ෂාව මධ්‍යයේ සිට රජයේ වියදමින් ලබාදෙන ආහාර ගෙන ඒ තුළ සිට ජනාධිපතිවරයාට, ආරක්‍ෂක ලේකම්වරයාට, බන්ධනාගාර අධිකාරී උඩුවර මහතා ඇතුළු නීතීගරුක නිලධාරීන්ට තර්ජන එල්ල කිරීමට පටන් ගෙන ඇතැයිද අපරාධකරුවන් දුෂිත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව හා උදව් උපකාර මත විස්කි බිබී, ගංජා උරමින් ව්‍යාපාර කටයුතු කරගෙන යන අන්දමක් පෙනේනට ඇතැයිද කීය.

පොලිස් නිලධාරීන්, බන්ධගාර නිලධාරීන් මෙන්ම නිල ඇඳුමක් අඳින සියළු දෙනාම එම නිල ඇඳුමේ ගරුත්වන ආරක්‍ෂා කිරීමට කටයුතු නොකළහොත් රට අරාජික වන්නේ යැයිද මීගමුව බන්ධනාගාරයේ සිටි නිලධාරීන්ගේ දුෂිත භාවය පෙන්වා දීමට ඇති හොඳම සාක්කිය වන්නේ එම බන්ධනාගාරයේ නියාමකවරයකු පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් තමන්ගේ රැකියාව ආරක්‍ෂා කර ගන්න මසකට රුපියල් පක්‍ෂයක කප්පමක් බන්ධනාගාර අධිකාරීවරයාට ගෙවීමට සිදුවී ඇති බවට කළ ප්‍රකාශය යැයිද කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ තත්වය හේතූවෙන් බන්ධනාගාර අධිකාරීවරයා වත්කම් සොයා ගත් ආකාරය සෙවීම සඳහා විමර්ශන ආරම්භ කොට ඇතැයිද කීය.

අපරාධකරුවන් සහ මීගමුව බන්ධනාගාරයේ ඇතැමි නිලධාරීන් එක්වී අපරාධ වලින් මුදල් ඉපැයීම සඳහා සමුහ ව්‍යපාරයක් පවත්වාගෙන ගොස් ඇතැයිද මෙම අපරාධයට සම්බන්ධ නිලධාරීන් එම සමඟ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය වන්නේ යැයිද කී දිලීප පීරීස් මහතා මේ තත්වය මත මෙම විමර්ශනය සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ පොලිස්පතිවරයා මෙම අධිකරණයේ පෙනී සිට මෙම විමර්ශනයට අදාළ ප්‍රගතිය වාර්තා කළ යුතු බවද පෙන්වා දුන්නේය.

සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරු කණ්ඩායමක් සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසුරිය මහතා තම සේවාදායකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම අධිකරණය වරෙන්තු නිකුත් කොට ඇත්තේ පොලිසිය ඉදිරිපත් කළ වාර්තා වල අඩංගු කරුණු වැරදි ලෙස වටහා ගෙන බවත් කෙසේ නමුත් තම සේවාදායකයින් මීගමුව බන්ධනාගාරයේ රඳවා තැබීමට නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

එම අවස්ථාවේ යළි අධිකරණය ඇමතූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා මෙම සැකකරුවන් විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බුස්ස රැඳවුම් කඳවුරුට යැවිය යුතුයැයි කීය.

ඉදිරිපත් වු කරුනු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන මස 04 වැනිදා යළි කැඳවීඹට නියම කළේය.

 

 

 

 

 



අදහස් (4)

පොලිසියේ ක්‍රියාකලාපය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගේ දෝෂ දර්ශනයට

Anton Fernando Thursday, 30 July 2020 02:55 AM

සොලිසිටර් ජනරාල්ගේ කතාව ඉතාමත් නිවැරැදියි. බොහෝ අපරාධ දැන් මූලිකව සිදුකෙරෙනවා.

:       0       0

chinthana Thursday, 30 July 2020 03:11 AM

බියගුළුකම බැලුවොත් නම් පොලිසියේ වැඩි කෙනෙක් මාස 12කට හිරේ යවන්න වෙනවා. අර අපේක්ෂකයා හෙල්මට් නැතිව යතුරුපැදි පදිනකොට බලන් හිටිය ඔය කෙනා ඉස්සෙල්ලම යවන්න ඕනෑ. ඉරි කපාගෙන යන ප්‍රභූ වාහන සහ හමුදා වාහනවලට අත දෙන්න බය පොලිස් කාරයෝ ඊළඟට යවන්න ඕනෑ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 30 July 2020 04:40 AM

මේ සැකකරුවන් අධිකරණ නියෝග තිබියදීත්, අත්අඩංගුවට නොගන්නේ මන්දැයි සොයාබැලිය යුතු කරුණක්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ගැන පරීක්ෂාවකින් යුතුව සොයා බැලිය යුතුව පවතී. එය රටේත්, මහජනතාවගේත්, පොලීසියෙත් එහි සිටින අවංක නිලධාරින්ගේත් යහපත හා හිතසුව පිණිස වන්නේය..

:       0       15

සේන Thursday, 30 July 2020 04:41 AM

මේ තමයි අවුරුදු 72 ක් පුරාවට පොලීසියට හුරු ක්‍රමය. පොල් ගෙඩියක් අහුලපු අහිංසකයෙක් නම් කුදලගෙන ගිහින් මෙලහටත් අඬුත් කඩලා. මේ ක්‍රමය වෙනස් වේවි යැයි බලාපොරොත්තුවෙන් ඉන්නේ අපි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 62 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 176 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 729 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 763 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1020 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 236 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site