IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘පාසල් දෙන්න බැරිනම් වඳ බේත් දෙන්න‘

( මුදිතා දයානන්ද)

පාසල් යවන වයසේ සෑම දරුවකුටම සුදුසු පාසලක් ලබාදීමට නොහැකි නම් දරුවන් හැදීම වළක්වන්න වඳ බෙහෙත් ලබාදෙන්නැයි බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී යසපාල කෝරළගේ මහතා අද(17) බස්නාහිර පළාත් සභාවේදී ඉල්ලා සිටියේය.

කෝරලගේ මහතා කියා සිටියේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසල් 8ක් පවතින අතර එයින් පාසල් දෙකක් මධ්‍යම රජයට අයත් වන බවත් ඉතිරි පාසල් සියල්ල අයත් වන්නේ බස්නාහිර පළාත් සභාවට වන අතර එයින්ද හෑගල්ල ප‍්‍රාථමිකයට පවතින්නේ පළමු වසර එක් පංතියක් පමණක් බවයි. තවමත් 2017 වසරේ පාසලක් නොලැබුණ දරුවන් පිරිසක් හොරණ කලාපයේ සිටින බවද ඔහු පැවසීය.

පළාත් සභාවට අයත් පාසල් හයේම පවතින්නේ පළමු වසර පංති කාමර විසිඅටක් වන අතර පසුගිය වසර දෙකක කාලය තුළ එක් පංතිකාමරයක සිටිය යුතු සිසුන්ගේ ප‍්‍රමාණය 45 සිට 39 දක්වා අඩුකිරීම නිසා විශාල සිසුන් සංඛ්‍යාවකට පාසලක් නොමැති තත්වයක් උද්ගතව ඇති බවත් පංතියක සිසුන් ප‍්‍රමාණ්‍ය අඩුකිරීම කළ යුත්තේ එයින් හැලෙන සිසුන් සඳහා නව පංති කාමරයක් ලබාදීමෙන් වුවත් ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුව නැති බවත් කෝරළගේ මහතා පැවසීය.



අදහස් (7)

‘පාසල් දෙන්න බැරිනම් වඳ බේත් දෙන්න‘

sampath Tuesday, 17 October 2017 01:00 PM

රෝහින්යා නෙමෙයි නේද? ශ්‍රී ලංකික නේද? එක තමයි තම පාසලක් නැත්තේ...මේක තමයි යහ පාලනය සහ සහජීවනය.

:       732       1017

දිමුත් Tuesday, 17 October 2017 01:44 PM

මේ කතාව හරියටම හරි. අඩුම තරමේ තමන්ගේ නිවස අසල පාසලවත් ළමයෙක්ට ලැබෙන බවට තහවුරු කරන්න. දැන් ඒකත් නැහැ!

:       188       131

dhamneth Tuesday, 17 October 2017 03:40 PM

මිට දශක පහ හයකට පෙර දෙමාපියන් ඉල්ලුවේ අපේ ගමට පාසලක් ලබාදෙන්න කියා. දැන් ඉල්ලන්නේ මගේ ළමයට අසවල් පාසැල ලබාදෙන්න කියා ගැටලුව තිබෙන්නේ ඔන්න ඔතනයි.. විසදුමක් වශයෙන් පේනවා ඉල්ලුම ඇති පාසල්වල පන්තිකාමර වැඩිකලහම ප්‍රශ්නය විසදෙනවා කියා. නමුත් තවත් ප්‍රශ්ණ පැනනගිනවා.

:       5       108

mahinda gamage Wednesday, 18 October 2017 03:41 AM

මෙවන් තත්වයන්ට විසඳූම රටේ වන්ද්‍යාකරන සැත්කම් නම් රට මෙවන් තත්වයට තල්ලු කල දේශපාලකයන්ට එල්ලුම් ගස හිමිවිය යුතුයි.

:       0       3

ලුම්බිණි Wednesday, 18 October 2017 05:01 AM

මේ කතාවෙන් මට පෙනෙන දෙය නම් මෙතුමාගේ දැනුමේ තරම තමයි.

:       1       3

de silva Wednesday, 18 October 2017 08:16 AM

මෙම ප්‍රශ්න බොහෝමයකටම මුල කාලයක් තිස්සේ මෙතුමා වැනි දේශපාලකයන් විසින් රට පාලනය කිරීමයි.

:       0       1

මම1 Wednesday, 18 October 2017 11:56 AM

ඇයි වෙන මොකක්වත් එපාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 208 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 646 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 182 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 751 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site