IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


පාසල් පොත් බෙදා දෙන්න මැතිවරණ කොමිසමට එන්න කියයි

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සදහා නොමිලේ පාසල් උපකරණ ලබා දීමට මැතිවරණ නීතිරිති හමුවේ සිදු කළ නොහැකි බවට එම ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් අඹන්ගගකොරේදී අද (18)නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

දෙවැනි දිනටත් පොත් බෙදා දිමට නොහැකි වු නියෝජ්‍ය අමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ මැදිහත් විමෙන් අහිංසක දරුවන්ට පොත් බෙදා දෙන ලෙස ඉල්ලා සිටියි.

මාතලේ අඩු ආදායම් ලාභි පවුල් වල පාසල් සිසුන්ට පොත් බෙදා දිමට අද සුදානම් කර තිබුනත් එය ව්‍යවර්ථ විය.

මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදම්ලාභි පවුල්වල පාසල් සිසුන් වෙත 2018 වාර්ෂය සදහා  පාසල් උපකරණ නොමිලේ  ප්‍රදානය සිදුකිරිමට සුදානම් කර තිබුනත්  මැතිවරණයක් සදහා නාමයෝජනා කැදවා තිබිම හේතුවෙන් එම භාණ්ඩ ප්‍රදානය නීතිවිරෝධි බැවින් එම කාර්ය සිදු නොකරන බවට ජනතාව දැනුවත් කිරිම සදහා අඹන්ගග පල්ලේතැන්න විද්‍යාලය අසල මෙම රැස්විම පැවැත්වු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



අදහස් (8)

පාසල් පොත් බෙදා දෙන්න මැතිවරණ කොමිසමට එන්න කියයි

Shaan Monday, 18 December 2017 03:02 PM

මා, ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා, ප්‍රශ්චාත් උපාධිය ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයකින් ලැබුවෙමි. මා උපතින් දුප්පත් පවුලකින් පැමිනෙන්නෙකි. මාගේ දෙමව්පියන්ට අමතරව, මා හට අධ්‍යාපනයට වියදම් කලේ, දුප්පත් ජනතාවයි. ඔවුන් පරිභෝජනය කරන සියලු දේ වෙනුවෙන් ඔවුන් වෙළඳාම් බද්දක් (අද වැට් කියන) ගෙව්වෙමු. රැකියාවක් කරන බොහෝ දෙනා අදායම් බද්දක් (අද පේයී කියන) ගෙවීමු. ඒ මුදල් වලින් කොටසක් දේශපාලකයන් කොමිස් ගැහුවත්, ජනතාවගේ මුදල් වැඩි පමාණයක් ශ්‍රී ලාංකික ශිෂ්‍ය පරපුරේ අධ්‍යාපනයටත්, වෙනත් සහනාධාර වලටත් භාවිතා විය. උපාධි ප්‍රදානෝත්සවයට දේශපාලකයෝ පැමිණ දේශනා තබා, ඔවුන් අධ්‍යාපන කටයුතු වලට "උදව්" කල බවට වහසිබස් දෙසීමට එකල විශ්ව විද්‍යාල පාලකයන් ඉඩ දුන්නේ නැත. ආවානම්, උපාධි ලාභීන්ගෙන් හොද "හූ" සංග්‍රහයක් ලැබෙනු ඇත. දුප්පත් සිසුන්ට පාසල් උපකරණ ලබා දීමට ලක්ෂ්මන් පෙරේරා ඇමතිතුමාගේ සහභාගිත්වය කොහෙත්ම අවශ්‍ය නොවේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරීන් සහ පාසල් ප්‍රධානීන් එය හොඳින් ක්‍රියාත්මක කරනු ඇත. නැත්නම් සිදුවනුයේ, "ණය කන්ද" ගෙවීමට මුදල් අවශ්‍ය බවත්ය.

:       0       192

shaan Monday, 18 December 2017 03:06 PM

රටේ "සංවර්දන" කටයුතු වලට මුදල් ඕනැයි කියා, මහා බැංකුව හොරකම් කර, එම මුදල් වලින් කොළඹ නගරයේ සුපිරි තට්ටු නිවාස පෞද්ගලික පරිහරණයට මිලදී ගැනීමත්, රටේ තිබෙන සහල් වලින් මධ්‍යසාර සැදීමත්, දේශපාලන ප්‍රචාරය සදහා මාධ්‍ය "බිස්නස්" එකට යොමුවීමත්ය.

:       270       361

Raveendra Monday, 18 December 2017 03:07 PM

අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් පිළිබඳව පුදුමාකාර සෙනෙහෙබර ආදරයක්නේ මේ හාදයන්ට තියෙන්නේ. මීට පෙර මේ මිනිසුන් ගැන මේ උන්දැලාට මතක නැතිව ඇති නොවැ නේද?

:       0       131

lusena Monday, 18 December 2017 03:14 PM

ඉතින් ඕකට දේශපාලකයෝ අවශ්‍ය නැහැ. රජයේ අධ්‍යාපන බලධාරීන්ට පොත් බෙදාදීම කරන්න පුළුවන් පාසල් මට්ටමින් ....

:       0       55

C.K.Lankaputhra Monday, 18 December 2017 08:03 PM

බල්ලාගේ වැඩේ කිරීමට බූරුවෙක් මොකටද? මේ අයට නීතියානුකූලව වැඩ කරලා පුරුද්දක් නැහැනේ.

:       0       0

ලුම්බිණි Monday, 18 December 2017 11:10 PM

හැම එකටම මොකටද දේශපාලකයෙක් දා ගන්නේ? අද ඉන්න නිලධාරින් පවා හෙන්චයියන් වෙලා තියෙන හැටියක්.

:       0       0

sarath Tuesday, 19 December 2017 01:19 AM

පොත් ටික ගමේ පන්සලට යවන්න. සරලව අවශ්‍ය තැනට පොත් ටික ලැබෙයි.පුදුම ආදරයක් නේ තියෙන්නේ ඡන්දෙ දවස් වලට. දැන් හෝ ගාල පාරවල් කොන්ක්‍රීට් කරන ඒවා ,තාර දාන ඒවා සිදුවෙනවා.අපිට ආදරේට වෙන්න.

:       0       0

Ranjith Silva Tuesday, 19 December 2017 08:20 AM

නිකන් මෝඩ වැඩ කරන්න එපා මහත්තයෝ. බොරු සෝබන...දෙන්න ඕනේ නම් ඡන්දෙන් පස්සේ දෙන්නකෝ........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

මඩකලපුවේ පොල් පැළ ලක්ෂ හතරක් ලෙඩ වෙයි
2025 මාර්තු මස 14 5 0

මඩකලපුවේ පොල් පැල ලක්ෂ හතරකට ලෙඩක් වැළඳී තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.


වැඩකට නැති රාජ්‍ය වතු පෞද්ගලික අංශයට
2025 මාර්තු මස 14 347 1

ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


සත්තු ගණන් කරන්න පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න
2025 මාර්තු මස 14 419 5

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබා


තේ කම්හල් 124 ක් වැහිලා
2025 මාර්තු මස 14 189 2

මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක


‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 2219 8

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 416 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 232 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 528 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 253 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site