IMG-LOGO

2024 දෙසැම්බර් මස 22 වන ඉරිදා


පාසලේ වෙඩි තැබීමේ සිද්ධියට සෙබළාගේ වරදක් නැති බව හමුදාව කියයි

(ජයන්ත සමරකෝන්)

 ගාල්ල පාසලක් අසල දී සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකාර සෙබලා පිළිබඳව ලැබෙන තොරතුරු අනුව ඔහු වරදක්  කර  ඇති බවක් පෙනෙන්නට නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා අද (7) පැවසීය.
 
එහෙත් මෙම සිද්ධිය පිළිබඳව විවිධ තොරතුරු මෙන්ම කටකතා පැතිරෙමින් පවතින බවද යුද හමුදා පොලිසිය ඒ පිළිබඳව තවදුරටත් විධිමත් පරික්ෂණයක් සිදුකරගෙන යන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

දැනට මේ පිළිබඳව පොලිසිය හා යුද හමුදාව වෙත වෙනම පරීක්ෂණයක් සිදුකරන අතර සැකකාර සෙබළා හදිසි නීතිය යටතේ බුස්ස 581 බල සේනාධිපති බාරයේ රඳවා ඇතැයි ද ඒ මහතා කීය.

එරෙහත් ඉල්ලා සිටින ඕනෑම මොහොතක ඔහු පොලිසියට හෝ අධිකරණයට බාරදීමට සුදානම් බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (17)

පාසලේ වෙඩි තැබීමේ සිද්ධියට සෙබළාගේ වරදක් නැති බව හමුදාව කියයි

ravi Sunday, 07 July 2019 10:39 AM

ඕක ඉතින් අපි මුලින්ම දැනගෙන හිටියා.. ! එ්ත් සිද්ද වියයුතු දේ නම්.. අපේ රටේ මනුස්සයින්ව රූපවාහිනියෙන් සහ පුවත්පත් මගින් ක්‍රියාත්මක වෙන " හදිසි නීතිය" ගැන විස්තර සැපයීමයි. ආරක්ෂක නිලධාරීන්ට, පොලිසියට.. තර්ජන කිරීම සහ ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම " මාරාන්තික සෙල්ලමක් වියහැකි බවද පැහැදිලිව දැන්විය යුතුයි.

:       39       114

සේන Sunday, 07 July 2019 10:58 AM

රණවිරුවන් පාසල අසළ රැකවල් ලා සිටින්නේ පාසලේ ආරක්ෂාවටයි. ඒ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැම දෙනෙක්ම උපකාරී විය යුතුයි. රණවිරුවන්ට අවනත විය යුතුයි. බෝම්බ බැඳන් පාසලට බලෙන් ඇතුල් වන්නට දඟළනවා... ලෙස හැසිරුණොත් මේ ලියන මට වුවද රණවිරුවන්ගෙන් වෙඩි කන්නට සිදුවේ. ඒ ඔවුන්ගේ උතුම් රාජකාරියයි.

:       234       418

Bandula. Sunday, 07 July 2019 11:32 AM

රාජකාරි මට්ටමින් සේනාලා අත කිසිම වරදක් නැහැ. දෙමාපියන් විදියට එයත් වැරදි නැහැ. නමුත් පාසලේ අද තියන ආරක්ෂාව මත ඔහු අතිනුත් වරද සිදු වෙලා.. එ්ත් මොනවා කරන්නද දෙපැත්තම බේරගන්න වෙනවා.

:       85       33

Bamunuarachchi Sunday, 07 July 2019 11:56 AM

බොහොම කණගාටුවෙන් කියන්නේ නමුත් ඇත්ත එකයි.

:       3       38

සෙනෙවි Sunday, 07 July 2019 12:31 PM

හොරාගේ අම්මගෙන් පේන අහල වැඩක් තියෙයිද ?

:       486       289

රත්නායක Sunday, 07 July 2019 12:38 PM

සියල්ල අවසානයේ මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. අවසානයේ වැරදිකරුවා වන්නේ අපරාධයට ගොදුරු පුද්ගලයායි! කිසිවෙකුත් මේ ගැන තර්ක නොකරයි!

:       10       151

shan Sunday, 07 July 2019 12:43 PM

පාසැල් ආරක්ෂක කලාප කරලා තියෙන එක අමතක කරන්න එපා... එහෙම කරලා තියෙන්නේ ඇයි කියන එකත් අමතක කරන්න එපා. මේ අගතියට පත් පුද්ගලයා මේ පාසලට දෙවතාවක් පැමිණ තිබෙනවා. ඔහුට පළමු වතාවේ පාසලට යන්න නොලැබුණා නම් ඇයි දෙවන වතාවේ පාසලට එන්න කලින් විදුහල්පතිට කතා නොකළේ... ඔහුට පාසලෙන් කතා කළා නම් ඔහුට ඇතිවී තිබෙන ගැටලුව පාසලට දැනුම්දී හමුදා නිලධාරියට ඒ බව පාසල තුළින් දැනුවත් කරන්න තිබුණා උදේ 9 යළිත් උදේ 11 පාසලට පැමිණ මොහුගේ හමුදා උෂ්ණය පෙන්වීමට යාමෙන් මෙය සිදුවී ඇති බව පැහැදිලියි. ඔහු හොඳටම දන්නවා.. රටේ නීතිය අනෙක මේ රැකගන්නේ තමන්ගේ දරුවෝ බව ඒ සියල්ල දැනගෙන මොහු මේදේ කළේ ඔහුගේ බලය පෙන්වා හමුදාවේ නිලධාරියා අපහසුතාවට පත් කරන්න. එ්ක කවුරුත් හොඳින් අවබෝධ කරගත යුතුයි.. අපේ රටේ ඇතැම් මාධ්‍ය උදවිය තමන්ගේ ලොකුකම් පෙන්වන්න බොරු දේවල් මවාපානවා. ඕනෙම කෙනෙක් රටේ නීතියටයටයි. අවේලාවේ පාසලට ඇතුල්වෙන්න බැරිබව කවුරුත් දන්නවා. එ්ක දැනගෙන බලෙන් යන්න ගිය එක තමයි වරද... රටේ පවතින තත්වය අනුව එහෙම කළොත් ඔහුව හෝ අැයව වෙඩිතබා හෝ නතර කිරීමේ බලය රාජකාරියේ ඉන්න හමුදා නිලධාරියාට තියෙනවා. එසේ නොකර ළමුන් සිය ගණනකගේ ජීවිත අවදානමක් දමන්න දෙන්න බැහැ..

:       81       352

davidMonday, 08 July 2019 02:19 AM

හරියටම හරි සමහර විශ්‍රාම ගිය පුද්ගලයන්ට ඒක අමතකවෙලා. හමුදා භටය කලදේ හරි. විදුහල්පතිට තිබුන භටයව දැනුවත් කරන්න. සමහර විට විදුහල්පති එන්න එපා කියන්න ඇති.

:       0       8

සරල Sunday, 07 July 2019 12:46 PM

ඒක ඇත්ත. ඒ මිනිසුන් දාලා තියෙන්නේ බලෙන් ඇතුළු නොවෙන්නයි. තාත්තා ඉවසන්න ඕනෑ... හැම දරුවන් වෙනුවෙන්ම... ඔවුන් මුරකලේ අනුන්ගේ දරුවන්...

:       37       256

Prabha Sunday, 07 July 2019 02:07 PM

ඔහුත් හිටපු නාවික සෙබළෙක් රාජකාරියේ වගකීම ගැන සාමාන්‍ය කෙනෙකුට අවබෝධයක් තියෙන්න ඕනේ...

:       19       83

Sumith Sunday, 07 July 2019 04:30 PM

සෙබලාගේ රාජකාරිය ඉටුකිරීම...

:       0       32

ලුම්බිණි Monday, 08 July 2019 01:53 AM

පාසලේ වෙඩි තැබීමේ සිද්ධියට සෙබළාගේ වරදක් නැති බව තීරණය කල යුත්තේ අධිකරණය විසින්.

:       3       4

කිරිඇල්ල Monday, 08 July 2019 02:57 AM

එහෙනම් අපි මේක බාර දෙමු ස්වභාවධර්මයට.

:       0       2

shiro Monday, 08 July 2019 03:28 AM

ඇත්තටම මෙතන තියෙන්නේ විනය පිලිබද ප්‍රශ්නයක්. සියලු දෙනාටම නීතිය පොදුයි. මම අහවලාය, අහවලාගෙ අහවලාය කියලා බොහෝ තැනවලදී අපෙ මිනිස්සු විශේෂ වරප්‍රසාද ගන්න හදනවා. යම් ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක අවස්තාවක රටේ ජනාධිපති උනත් ඒකට යටත් විය යුතුයි. එහෙම තමයි දියුණු සමාජයක ලක්ෂණය. ඒකට තමයි විනයගරුක බව කියන්නේ. එක එක්කෙනාට එක එක නීති හදන්නන බෑ. අපේ රටේ මිනිස්සු මේක තේරුම් නොගත්තොත් කවදාවත් දියුණුවක් නෑ. අන්තිමේ තමනුත් අමාරුවේ වැටිලා නීතිය ක්‍රියාත්මක කරන අයත් අමාරුවේ වැටෙනවා.

:       0       17

latha Monday, 08 July 2019 03:29 AM

ඔච්චර අසනීප නම් ලමයව පාසලට එව්වේ මොකටද? හමුදා සෙබලා කොහොමද දන්නේ ඔහු කියන්නේ ඇත්තද කියලා.

:       1       4

indika Monday, 08 July 2019 03:54 AM

මේ දෙය නිතිය පැත්තෙන් බලනකොට සාධාරනයි වුනත් මිනිස්කම් අතින් අපි සත්තුන්ටත් අන්තයි කියලා තමයි හැගෙන්නේ.

:       2       15

ශාන්තලාල් Monday, 08 July 2019 04:58 AM

latha, පාසලේදී ළමයි ලෙඩ වෙන්නේ නැත්ද?

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෙන්තොට රෝහලෙන් සොරකම් කළ ඊ.සී.ජී.යන්ත්‍රය දින තුනකට පසු යළි ගෙනත් දීලා
2024 දෙසැම්බර් මස 22 53 0

බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.


දෙමටගොඩ ගුවන් පාලම යට බිළිදියකගේ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 192 0

දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .


කොල්ලකෑමේ යෙදුණ නාවික සෙබළා පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 22 137 0

කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන


මාලිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමේ සිද්ධියට 5ක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 22 332 0

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ


හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්
2024 දෙසැම්බර් මස 22 289 0

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .


තැනින් තැනට අදත් වැසි
2024 දෙසැම්බර් මස 22 77 0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 39 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 30 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site