IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන කහ පැහැයෙන් වර්ණ ගැන්වීමට යයි

(ඩයනා උදයංගනී)

පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා කහ වර්ණය ආලේප කිරීම අනිවාර්ය කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙසේ කිරීමෙන් පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කෙරෙන වාහන සෙසු රියදුරන්ට පහසුවෙන් හඳුනාගත හැකි නිසා එම වාහනවලට ඉදිරියට ගමන් කිරීමට ප්‍රමුඛතාව හිමිවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

ලෝකයේ සෑම රටකම පාසැල් සිසුන් ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා මාර්ගවල ප්‍රමුඛස්ථානය හිමිවන බව කී මහින්ද අමරවීර මහතා මෙරට එවැනි තත්ත්වයක් නොවීම නිසා දරුවන් ප්‍රවාහනය කරන රථ අසලින් ඇතැම් බර වාහන ධාවනය කිරීම නිසා ඇතැම් කුඩා දරුවන් බියපත් වනවා මෙන්ම හදිසි අනතුරුවලට පවා ලක් වන බව අමාත්‍යවරයා කීවේය.

එබැවින් පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන හඳුනාගැනීම පහසුවන පරිදි එම කහ වර්ණ ගැන්වීමටත්, ඉදිරියේ දී පාසල් සිසුන් ප්‍රවාහනයට  ආනයනය කෙරෙන වාහන කහ වර්ණයෙන්ම පමණක් ආනයනය කිරීමටත් තීරණය කර ඇතැයි ඇමතිවරයා පැවසීය.

එමගින් මාර්ග තුළ විනය පවත්වාගෙන යාමට ද හැකිවනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.



අදහස් (13)

පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන කහ පැහැයෙන් වර්ණ ගැන්වීමට යයි

Champa Wednesday, 08 July 2020 01:30 PM

හොඳ වැඩක්. ඒ වගේම මේ වගේ කහපාට බස් රථ නැවැත්තුවාම බස් රථයේ ඉදිරිපසින් දිග ලීයක් (bar) වගේ එකක් පාර පැත්තට වැටෙනවා. ඒ වගේම ඉදිරිපසින් සහ පිටුපසින් රතු ලයිට් ෆ්ලෑෂ් වෙනවා. එතකොට ඊට පිටිපස්සෙන් එන වාහනත්, ඉදිරියෙන් අනිත් පැත්තෙන් එන වාහනත් නවත්තගෙන ඉන්න ඕනේ. අනිත් පැත්තට යන්න අවශ්‍ය දරුවන් පාර පැනලා යනකම් කහපාට බස් රථයත් නවත්තාගෙන ඉන්නවා. අනිත් වාහනත් ෆ්ලෑෂ් ලයිට් එක නිවෙනකම් නවත්තගෙන ඉන්න ඕනේ මීටර් 5ක් දුරින්. ඕවර්ටේක් කරන්න තහනම්... ලොකු දඩයක් ගහනවා. මේ නීති අපේ මාර්ග නීතිවලට එකතු කරන්න ඕනේ...

:       339       267

Lanka Wednesday, 08 July 2020 01:55 PM

අමරවීරට අමු කැවිලා.., විදුලි බිල නිසි පරිදි හදන්න උපදෙස් දීගන්න බැරිව.., පාසල් වාහන පාට කරන්න යනවා. විකාර නොකියා ඉන්න පුළුවන්ද ඡන්දෙ පහුවෙනකම්වත්...

:       402       529

BamunuarachchiThursday, 09 July 2020 12:12 AM

අපේ රටේ ඉන්න පුදුම මැට්ටෝ. අමරවීර නොවෙයි වාහන පාට කරන්නේ. ඊට වඩා යමක් කිවයුතු නැහැ..

:       132       0

lankaThursday, 09 July 2020 06:35 AM

වටේ ඉන්න අය තමයි උපදෙස් දෙන්නේ.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 03:15 PM

ඉතාමත්ම අගය කළ යුතු වැඩපිළිවෙළක්... මන්දයත්, පාසල් වේලාවේදී මාර්ගවල ඇතිවන තදබදය නිසා පාසල් ළමුන් සහිත වාහන නොයෙකුත් අපහසුතාවලට පාත්‍ර වෙනවා. මේ වැඩ පිළිවෙල නිසා කහපාට වාහන අනිකුත් රියදුරන්ට ආ පොලිසියට හඳුනාගැනීමට පුළුවන් වේවි...!!! එය සිසු දරුවන්ගේ ආරක්ෂාවටද උපකාරී වෙන දෙයක්..

:       290       387

Prabha Wednesday, 08 July 2020 06:48 PM

වැඩේ හොඳයි.. සේවාවේ ගුණාත්මක භාවය ගැනත් මීට වඩා සැලකිලිමත් වෙන්න.

:       0       0

San80 Wednesday, 08 July 2020 10:27 PM

එතකොට වාහනේ පොතත් වෙනස් කරන්න ඕන නේද.?

:       0       0

Roshan Thursday, 09 July 2020 02:23 AM

සමහරු දුවන්නේ එයාලගේ පෞද්ගලික වාහන. ඒවා විවාහ උත්සවවලටත් යනවා මළගෙවල් වලටත් හයර් දුවනවා. එතකොට ඒ අයට කරන අසාධාරනයක් නේද?

:       3       6

damith Thursday, 09 July 2020 03:50 AM

හොඳට පේන්න වටේටම ස්ටිකර් එකක් ඇලව්වනම් හරි නේද. ඇයි අනවශ්‍ය වැඩ කරන්නේ. අනිත් එක වාහනය පාසල් සේවයෙන් අයින් කරපු දවසට ආපහු පාට වෙනස් කරන්න වෙනස් කරන්න වෙනවා. නැත්නම් පාසල් සේවය යන සහ නොයන කහ පාට වැන් අඳුනා ගන්න බැරි වෙනවා.

:       4       6

සමරකෝන් Thursday, 09 July 2020 03:58 AM

රජයේ සියලුම වාහනත් එකම පැහයකින් වර්ණ ගැන්වුවොත් ඉතාම වටිනවා. වාහන අවභාවිතාව, අනවශ්‍ය ගමන් බොහෝ දුරට අඩුවිය හැක.

:       0       10

rana Thursday, 09 July 2020 04:24 AM

ජිවිතෙ ගැටගහන ඇයොන්ට තව වියදම්??

:       4       24

Gamage Thursday, 09 July 2020 04:41 AM

මේවට තමයි විහිළු සපයනවා කියන්නේ. ආණ්ඩුව පත්වෙලා කරපු දෙයක් නැහැ. මිනිස්සුන්ට විදුලි බිල ගෙවාගන්න බැහැ. කන්න නැහැ.

:       63       194

Sadun Thursday, 09 July 2020 07:34 AM

කහ ඉරි, සුදු ඉරි කරා වගේ තමයි මේකත්..පත්වෙලා කරපු දෙයක් නැත. දැන් මේවා තමයි රටට අත්‍යාවශ්‍ය දේවල්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 120 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 372 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 428 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 44 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2575 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


හමාස් නායකයා මැරුවට ගාසා සටන් අවසන් නැහැ
2024 ඔක්තෝබර් මස 18 1606 0

හමාස් නායක යාහ්යා සින්වාර් ඝාතනය කිරීම, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ගෙන යන යුද්ධයේ අවසානය නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site