IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පහන්තුඩාව ඇල්ල පිවිසුමට ආරක්ෂක කුටියක්

( ප්‍රින්ස් රත්නායක)
 
බෙලිහුල්ඔය ගඟ ආශ්‍රිතව ඉහළින් පිහිටා ඇති පහන්තුඩාව ඇල්ලට වැටී මියගිය සංජය ක්‍රිෂ්ණ ජයකුමාර්  සිහිකර ඔහුට පින් පතා එම දෙමව්පියන් විසින් හා චීන මිත්‍රත්ව සහයෝගිතා පදනම මගින් පහන්තුඩා ඇල්ලට පිවිසුම් ආරක්ෂක කුටියක්  තනා අද (6) දින විවෘත කරන ලදී.
 

 සංජය ක්‍රිෂ්ණ  ජයකුමාර් ගේ පවුලේ ඥාති මිත්‍රාදීන් සහ චීන මිත්‍රත්ව කමිටු නියෝජිතයින් හා   ප්‍රාදේශීය සභාපතීත් ශ්‍රීලාල් සෙනරත්, උප සභාපති වසන්ත බන්දුසේන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
බොහෝ සංචාරකයින් පැමිණෙන ආකර්ශණීය ප්‍රදේශයක් වන මෙම බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටා ඇති පහන්තුඩාව ඇල්ල නැරඹීමට ගොස් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 22 ක් පමණ වන බව කියැවේ.

මෙහිදී අදහස් දැක්වූ සංජය ක්‍රිෂ්නා ජයකුමාර් ගේ මෑණියන් වූ නයිනී ජයකුමාර්  කියාසිටියේ තමන්ට අත් වූ වේදනාව තම පුතු නැති වීමෙන් ඇති වූ වේදනාව දුක තවත් එවන් අම්මාවරුන්ට ඇතිවීම වැලක්වීම පිණිස මෙම කටයුත්තට දායක වූ බවයි.

 සිය එකම පුතු මිය යාමෙන් ඇති වූ බවත් එම වේදනාව තවත් මේ රටේ ශ්‍රී ලාංකීය අම්මාවරුන්ට ඇතිවීම වළක්වා ලීමට හැකි නම් එය තමාට තම දරුවා වෙනුවෙන් ඇතිවන සතුටක් බවත් ඇය කීවාය.

 සිය පුතු  විසි එක් වැනි  වියේ දී මෙසේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාමින් මියයාමට සිදුවූ අතර ඔහු වෘත්තියෙන් ගණකාධිකාරි තනතුරක කටයුතු කළ බවත් උපාධි ප්‍රදානෝත්සවය එළඹීමට දි කිපයක් තිබිය දී අවාසනාවන්ත ලෙස මිය යාමට සිදු බවත් පවසා සිටියාය.



අදහස් (6)

පහන්තුඩාව ඇල්ල පිවිසුමට ආරක්ෂක කුටියක්

ඉන්දික Sunday, 06 October 2019 12:21 PM

හොඳ වැඩක්. නමුත් ඇයි චීනේ ගාවගෙන තියෙන්නේ? නැගෙනහිර ඔක්කොම බෝර්ඩ් අරාබියේ, අනිත් පළාත් චීනේ... හරිම කණගාටුයි.

:       346       142

සෙනෙවිරත්න Sunday, 06 October 2019 01:58 PM

සියලු ජාතීන්ගේ හැඟිම් එක සමාන බවට තවත් උදාහරණයක්.. ලංකාවේ උපන් කුමන ජාතියක දරුවෙකුට වුවද එය තමාගේ රට බවයි හැඟීම, එබැවින් මෙම තරුණයා තමාගේ රටේ සිරි නැරඹීමට පැමිණ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුනි... ප්‍රාදේශීය සභාව හොඳ කටයුත්තකට මග පෙන්වා ඇත. එහෙත් මෙම සභාව මෙම අනතුර කලින්ම නුදුටුවේද?

:       0       88

පිටිගල මිලානෝ Sunday, 06 October 2019 03:37 PM

මෙහිදී කළයුත්තේ ආරක්ෂක කුටි තැනීම නොවේ... මුරකාරයෙක් දමා බේබද්දන්ට සහ බෝතල් රැගෙන යන්නන්ට යම් සීමාවකින් එහාට යන්න ඉඩ නොදීමයි. එතකොට මරණ සංඛ්‍යාව බින්දුවට බහියි.

:       1       25

රොශාන් Sunday, 06 October 2019 09:51 PM

පුතා නං ගියා. ඒත් ජීවත් වෙලා ඉන්න දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට තමයි ජීවිත කාලෙම දුකෙන් ඉන්න වෙන්නේ.

:       0       19

sharm warn Monday, 07 October 2019 04:42 AM

ආරක්ෂක කුටියේ කවුරුවත් ඉන්නවද? ඉන්න එක්කෙනාට මෙතනට එන අයව පරීක්ෂා කරන්නත් ඔවුන් මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතිබවට තහවුරු කරගන්න උපකරණ සහ අවශ්‍ය බලතල දෙනවද? එහෙම නොවුණොත් මේ කුටිය තවත් අපචාර මධ්‍යස්ථානයක් පමණක්ම වෙනු ඇත...

:       0       1

sampath Monday, 07 October 2019 06:40 AM

මෙය ඉතා අනාරක්ෂිත සහ ලිස්සනසුළු ස්ථානයක් ඒ වගේම බෑවුම් සහිතයි වැටක් ඉදිකිරිම සුදුසුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලසන්ත ඝාතනය ගැන නීතිපති මතය අධ්‍යනයට
2025 පෙබරවාරි මස 05 207 0

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය


USAID සේවකයන්ට අනිවාර්ය නිවාඩු
2025 පෙබරවාරි මස 05 7 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ශ්‍රී ලංකා කාර්යාලයට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබූ සේවකයන් හෙට (07) රාත්‍රී 11.59 සිට පඩි සහිත අන


ගම් - නගර එකට සංවර්ධනය කරන්න ව්‍යාපෘතියක්
2025 පෙබරවාරි මස 05 175 0

ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා
2025 පෙබරවාරි මස 05 159 0

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ


බදුල්ල නගරය ආශ්‍රිත වැසියන්ට මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 352 1

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 208 2

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 769 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site