(අරුණ එස්. කුමාර සහ නිලුක සඳුන් )
මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 10,155 ක පමණ ඡන්ද ප්‍රමාණයකට සිදුවූ දෙයක් නොමැති බව එහි නිල ඡන්ද ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි.
කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 24,290 ක් වන අතර එහි වලංගු ඡන්ද සංඛ්‍යාව 24,048 කි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අද අලුයම 2.38 ට නිකුත් කරන නිල ප්‍රතිඵලය අනුව සියලුම පක්ෂවලට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 13,893 කි. ඉතිරි ඡන්ද 10,155ට සිදුවූ දෙයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 8,621ක් ද, එක්සත් ජාතික පක්ෂය 3,417ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය 928 ක්ද, ජනතා විමුක්ති පෙරමුණ 818 ක්ද, ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ ඡන්ද 109 ක් ලබාගෙන ඇති අතර ඒ අනුව පක්ෂ පහක් ඡන්ද 13,893 ලබාගෙන ඇති නමුත් එම ලේඛනයේ වලංගු ඡන්ද වශයෙන් 24,048 සටහන්ව ඇත. ඒ අනුව ඡන්ද 10155කට වූ දෙයක් සටහන් වී නැත.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පුහුල්වැල්ලේ ඡන්ද 10,000කට වෙච්ච දෙයක් නෑ
shihan Saturday, 10 February 2018 10:52 PM
ආණ්ඩුව පරාජයෙන් වියරුවැටී සිටිති.. ජනමතය වෙනස් කිරීමට තිරිසන් උත්සාහයක නිරතව සිටී.
saman Sunday, 11 February 2018 01:57 AM
ගණන් ගන්න එපා. ඡන්ද ප්‍රතිඵල දැක්කට පස්සේ මැකෝ ට ආතතිය හැදිලා ඉන්නේ.................
Sagara Pushpakumara Sunday, 11 February 2018 02:07 AM
මෙයා සාමකාමී මැතිවරණයක් හොඳ ප්‍රතිඵල ලබමින් පවතී................
Ruwan Sunday, 11 February 2018 03:00 AM
ඒ ටිකත් පොහොට්ටුවේ තමයි...