(විනීතා එම් ගමගේ)
මැතිවරණවලදී අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නන් ගෙන් පොලිස් වාර්තා ලබාගැනීම අනිවාර්ය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බව පැෆරල් සංවිධානය කියයි.
මේ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම රජයේ බලධාරින් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
පවතින නීතිය අනුව මාස තුනකට වැඩි සිර දඬුවමක් විඳ ඇත්නම් මැතිවරණයකට ඉදිිරිපත් විය නොහැකි වේ.
එවැනි තත්ත්වයක් යටතේ මෙවර මැතිවරණයටත් චෝදනා ලැබුවන් සැලකිය යුතු පිරිසක් ඉදිරිපත් වී ඇති බවත් පවතින මැතිවරණ ක්‍රමය යටතේ එවැන්නන් ඉදිරිපත් කළ විට ඡන්දදායකයන්ට විකල්ප තෝරාගැනීමට අවස්ථාවක් නොවන බැවින් චෝදනාවලින් තොර දූෂණවලට හවුල් නොවූ පුද්ගලයින් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස මැතිවරණයක නාම යෝජනා ලබා ගැනීමට ඉදිරිපත්වීමේ දී පොලිස්වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය කීරීම කෙරෙහි අවධානය යොමු කරවන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙවර මැතිවරණයේ දී ඉදිරිපත්වී ඇති එවැනි දූෂිත පුද්ගලයන් පිළිබඳ පොලිස් වාර්තා හා නඩු වාර්තා ලබා ගෙන තහවුරු කර ගත් පසු මැතිවරණයට පෙර හෙලි කිරීමට බලාපොරොත්තු වන බව හෙට්ටිආරච්චි මහතා වැඩි දුුරටත් සඳහන් කළේය.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අ
ශ්රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.
ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මන්නාරම සුළං බලාගාරයේ ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පැෆරල් සංවිධානය ඡන්ද අපේක්ෂකයන් ගැන පොලිස් වාර්තා සොයයි
nalin Monday, 25 December 2017 12:39 AM
මෙවර මැතිවරණයේ දී ඉදිරිපත්වී ඇති එවැනි දූෂිත පුද්ගලයන් පිළිබඳ පොලිස් වාර්තා හා නඩු වාර්තා ලබා ගෙන තහවුරු කර ගත් පසු මැතිවරණයට පෙර හෙලි කරනන්. මහත් පල මහානිසංස දෙන පිනක්.
Bamunuarachchi Friday, 29 December 2017 01:17 PM
සමහර විට රාජ්‍ය ඇමතිකම් ලැබෙන්න ඉඩ තිබෙනවා.