(කාංචන කුමාර ආරියදාස)
පොසොන් සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ වෙහෙර විහාරස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් දිය අනතුරුවලින් වළක්වා ගැනීම සඳහා හැත්තෑ පස් දෙනෙකුගෙන් යුත් ජීවිතාරක්ෂක බලඇණියක් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් අමුණු සඳහා යොදවා තිබෙන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.
පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ මාතලේ දිස්ත්‍රික් ඒකකයේ මැදිහත්වීම මත එහි මූලස්ථාන කාර්යාලය වන දඹුල්ල පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට පැමිණි ජීවිතාරක්ෂකයින් සිය නිල ඇඳුම ලබාගෙන පිටව යෑම (26 ) දින සිදු කෙරිණි.
පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් 25 දෙනෙකු පාසල් ජීවිතාරක්ෂක සිසු සිසුවියන් 45 දෙනෙකු දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක හා ජල ක්‍රීඩා සංගමය හා ආදි ජල ක්‍රීඩා සංගමයේ ජීවිතාරක්ෂකයින් 15 දෙනෙකු පොසොන් පොහොය නිමිත්තෙන් වැව් අමුණු වල ආරක්ෂකයන් ලෙස කටයුතු කිරීම සඳහා විසිර යෑම විශේෂත්වයකි.
මාතලේ දිස්ත්‍රික්කයේ කණ්ඩලම ජලාශය, ඉබ්බන් කටුව ජලාශය, රන්දෙණි වැව ,දඹුල්ල පන්සලේ වැව, මොරගහකන්ද ජලාශය, නකල්ස් හි පිහිටි තෙල්ගමු ඔය ආදී ස්ථානවල විශේෂ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ පාසල් ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවූ බව මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ප්‍රධාන පුහුණු උපදේශක පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා පැවසීය.
මෙම උත්සව අවස්ථාවේදී දඹුල්ල පොලිස් ජිවිතාරක්ෂක තූර්යවාදක කණ්ඩායමේ නායක දඹුල්ල ජාතික පාසලේ සිසුවෙකු වන ලක්ෂික සන්දීප ආරියදාස සිසුවා දඹුල්ල ජාතික පාසලේ වසර 26 කට පසුව ජනාධිපති බාලදක්ෂ පදක්කම් ලැබීම හේතුවෙන් ඔහු ඇගයීමට ලක් කිරීම ද දුකෙරිණි.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා එම සිසුවාට තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී මධ්‍යම පළාතේ හොඳම පිහිනුම් ශූර බවට පත්ව දඹුල්ල ජල ක්‍රීඩා සමාජයේ සිසුවෙකු වන හිරුන් වෑත්තෑව සිසුවාට පදක්කම් පැළඳවීම ද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අතින් සිදුකෙරිණි.
දඹුල්ල මූලස්ථාන පොලිසියට පැමිණි මෙම ජීවිතාරක්ෂක කණ්ඩායම් වෙත සිය නිල ඇඳුම් ප්‍රදානය කිරීම මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බැතිමතුන් ජල අනතුරුවලින් වළක්වා ගැනීමට ජීවීතාරක්ෂක බලෑණියක්
Raveendra Tuesday, 26 June 2018 10:33 AM
ඇත්තෙන්ම අවශ්‍ය දෙයක්. පමාවී හෝ මෙය පටන්ගැනීම පිළිබද අප සතුටු වෙනවා.
isurandi Tuesday, 26 June 2018 10:43 AM
පෙරසුදානම ගොඩක් වටිනවා.