IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බන්දුල ඇතා නිදහස් කරන්නැයි මනේකා ගාන්ධි ඉල්ලයි

දෙහිවල සත්වෝද්‍යානයේ වසර විස්සක් තිස්සේ බැඳ දමා සිටින බන්දුල නමැති ඇතා නිදහස් කොට රිදියගම වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී මනේකා ගාන්ධි මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් එවමින් ඉල්ලීමක් කර ඇතැයි අද (18) ‘‘ද හින්දු පුවත් ’’ පුවත්පත අනාවරණය කළේය.

69 හැවිරිදි  බන්දුල ලොව වයස්ගතම අලි ඇතුන් අතර 11 වන ස්ථානය ගන්නා බවත් ඔහුට නිදහසේ සිටීමට දීම ඉතා වටිනා බවත් ඇය සිය ලිපියේ සඳහන් කර ඇතැයි එම පුවත්පත කියයි.

තුන් හැවිරිදි වියේ දී ශ්‍රී ලංකාවට ලබා දී ඇති බන්දුල සිය ජීවිතයේ වසර 20 ක්ම දෙහිවල  සත්තු වත්තේ  බැඳ දමා සිටින්නේය. දැන් ඔහු නිදහස් කළ යුතු බවට බලකෙරෙන ‘‘මාව දම්වැලෙන් නිදහස් කරන්න- බන්දුල අඬයි’’ මැයෙන් වූ අන්තර්ජාල පෙත්සමක් මේ දිනවල අත්සන් කෙරෙන අතර මේ වනවිට දශලක්ෂ පන්සියයක් දෙනා අස්සන් කර ඇති එම පෙත්සමට මනේකා ගාන්ධි මහත්මිය ද අස්සන් කර ඇතැයි හින්දු පුවත්පත තවදුරටත් කියයි.

බන්දුල නම් කර ඇත්තේ හිටපු රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වූ බන්දුල ජයසේකර මහතා නමින් වන අතර මෙම පෙත්සම අත්සන් කිරීමට මුල් වී ඇත්තේ ද ඔහුය.

බන්දුල සමඟ තවත් යදමින්  බැඳ සිටින අලි ඇතුන් හය දෙනෙක් නිදහස් කරන ලෙස ද ජනාධිපතිවරයා වෙත ගාන්ධි මහත්මිය  යවා ඇති ලිපියෙන් ඉල්ලා ඇතැයි හින්දු පුවත්පත කියයි.

ඡායාරූප - ද හින්දු පුවත්පත අනුග්‍රාහයෙනි

 

 

 



අදහස් (10)

බන්දුල ඇතා නිදහස් කරන්නැයි මනේකා ගාන්ධි ඉල්ලයි

Jagath Epaarachchi Tuesday, 18 September 2018 05:36 PM

ඔබට ස්තුතියි මනේකා. ලංකාවේ ඉන්න සියලුම අලින්ට මේ නිදහස දිය යුතුයි ජනාධිපතිතුමනි. ඔබට මුදල් වැය නොවේ විධානය පමණි

:       0       1

anura Tuesday, 18 September 2018 06:50 PM

වනාන්තර වලදී දිනකට කිලෝමීටර ගණනාවක් නිදහසේ සැරි සරන මෙවැනි ස්ත්වයෙක් මෙසේ බැඳ තබා තිබීම ඉතාම ඛේදජනකයි.

:       0       1

NASRUDIN Tuesday, 18 September 2018 07:39 PM

අතිගරු ජනාධිපතිතුමනි, මේ පුවත දුටු මොහෙතේ සිටම ශ්‍රී ලාංකික බෞද්ධයින් වන අප හට දැනෙන්නේ වාවා ගත නොහැකි බලවත් කණගාටුවකි. එනමුත් පරිසරය සහ සත්ව අවිහිංසාව පිලිබඳ ක්‍රියාධරණියක ලෙස ලොව පුරාම පාහේ පතලා වූ කීර්ති කදම්බයකින් සමලංකෘත වූ මනේකා ගාන්ධි ගරු ඇමති තුමියගේ ඒ කාරුණික ඉල්ලීම එක පැහැරම ඉටු කරනු ඇතැයි අප තුළ ඇත්තේ උතුර උතුර උතුරා වාන් දමන සතුට මිශ්‍ර බලවත් විශ්වාසයෙකි.

:       0       0

සාරානාත් Wednesday, 19 September 2018 02:44 AM

මොනවටද මේ සත්තු වතු. ඇයි සතුන්ව නිදහස් කරන්නේ නැත්තේ.

:       0       1

rocky Wednesday, 19 September 2018 02:49 AM

ඇත්ත වශයෙන්ම අපි මේ සතුන්ගේ නිදහස අහිමි කර තිබෙන්නේ කුමටද? අපේ විනෝදය සඳහා නම් එය වැරදියි. මහා ලොකුවට නිදහස ගැන කතා කරන අපි ඇයි, සතුන්ගේ නිදහස ඔවුන්ට අහිමි කරන්නේ? මනේකා ගාන්ධිගේ යෝජනාව අපි ඉතා සිතින් අනුමත කරමු.

:       0       1

janahitha Wednesday, 19 September 2018 03:21 AM

ධරමද්වීපයේ උත්තරීතර යයි කියාගන්න උපාසක උපාසිකාවන්ට නොපෙනෙන සත්ව අයිතිය පාගා දමා උමතු සතුටක් ලබන්නන්ට එරෙහිව හඬක් නැගු සැබෑ ධර්මදර මිනිසුන්ට උත්තමාචාරය .

:       0       65

waruna Wednesday, 19 September 2018 03:56 AM

ඇත්තටම අවාසනාවන්ත තත්වයක්. මේක මා අවසන් වරට දෙහිවල සත්ව උද්‍යානයට ගියේ මට මතක විදිහට 2001 වර්ෂයේ. වගේ මමත් ඔය බන්දුල හස්තියා ඉදිරියේ චායාරුපයක් ගත්තා. අවාසනාවකට ඒ හස්තියා එදා බැද තබා තිබු ස්ථානයෙමයි තවමත් සතාගේ කායික අවශ්‍යතා කිසිවක් බන්දුලට හිමි නැත. දැන්වත් ජිවිතයේ සැදැසමය ගෙවන බන්දුලට නිදහස ලබා දෙන්න

:       0       4

dhammika Wednesday, 19 September 2018 04:06 AM

කෙනෙකුට සතෙකුට කරදරයක් කරන කොට තමාට උපමා කරලා බලන්න ඕනේ. හිර ගෙවල්වල අවුරුදු විස්සක් ඉන්න හිරකාරයෝ මීට වඩා සතුටින් ඉන්නවා.

:       0       0

Kurera Wednesday, 19 September 2018 04:10 AM

බන්දුල ඇතා නිදහස් කරන්න මනේකා ගාන්ධි ඉල්ලනකන් ඉන්නේ ඇයි ? ශ්‍රී ලංකාවේ ඉන්න සත්ව සුරැකුම් සංවිධාන සහ පරිසර සංවිධාන වලට මේවා පෙන්නේ නැද්ද ? ඒ අයත් ඉන්නේ දේශපාලුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා විතරද ?

:       0       12

senarath bandara Saturday, 22 September 2018 12:54 PM

ඇයි අලියෙක්ට විතරක් නිදහස ඉල්ලන්නේ. මම හිතන්නේ හැම සත්ව උද්‍යානයකම ඉන්න හැම සතෙක්ම නිදහස් කරන්න ඕනෑ. ඒ හැම සතෙක්ම හිරවෙලා ජිවත් වෙන්නේ. ඔවුන්ට නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය උසස් මනසක් ඇති මිනිසුන් ලෙස අප විසින් ලබා දිය යුතුයි. අලි අනාථාගාරය තුලින් යම් සේවයක් අලින් වෙනුවෙන් සිදුවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 433 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 262 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 161 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 168 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 342 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2047 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site