IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


බන්ධනාගාර තාප්පයට උඩින් තහනම් ද්‍රව්‍ය විසි කළ ‘බොරැල්ලේ ලොක්කා‘ අල්ලයි

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ ජයන්ත සමරකෝන්)
 
විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා ගනිමින්  බොරැල්ල  මැගසින් බන්ධනාගාරයේ තාප්පයට උඩින් තහනම් ද්‍රව්‍ය  අඩංගු පාර්සල්  විසිකිරීමේ සංවිධානාත්මක කල්ලිය වන 12 දෙනාගේ  කල්ලිය මෙහෙය වූ මහ මොළකරු "බොරැල්ලේ ලොක්කා"නැමත්තා මැගසින් බන්ධනාගාරය තාප්පය අසළ දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
 
කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පයට පිටතින් තහනම් භාණ්ඩ සහිත විශාල පාර්සලයක් විසිකරන අවස්ථාවේදී ම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා සමඟ හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 10 ක්, ජංගම දුරකථන හතරක්, බැටරි හතක්, ඉයර් පෝන් එකක්, පිසින ලද කරවල පාර්සලයක්, තේ කොළ පාර්සලයක් සහ වේදනා ආලේප බෝතලයක් අඩංගු පාර්සලයක් පොලිස් භාරයට  ගෙන ඇත.

මොහු කලක පටන් මෙම භාණ්ඩ විසිකිරීම විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා ගැනීමේ ක්‍රමයට කරගෙන ගොස් ඇති අතර, මෙම පාර්සලය දමා ඇත්තේ, 18 වන වතාවට බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම 12 දෙනාගේ කල්ලියේ 9දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර, බොරුල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (4)

බන්ධනාගාර තාප්පයට උඩින් තහනම් ද්‍රව්‍ය විසි කළ ‘බොරැල්ලේ ලොක්කා‘ අල්ලයි

Jude Tuesday, 28 July 2020 10:57 AM

මෙය සතුටින් සිටින ආකාරය පෙන්වීමට එම පුද්ගලයින් බේරා ගැනීම සඳහා පොලීසිය හා ප්‍රිෂන් සමඟ සම්බන්ධ වූ පුද්ගලයින්ගේ සැකසුමකි. එසේ නොමැතිනම් මෙම නාට්‍යයට මේ ආකාරයෙන් වේගවත් කළ නොහැක. මට මේ ගැන සැකයක් තිබේ. ඔහු පාර්සලය විසි කරන විට අල්ලා ගත් බැවින්. ඒ කියන්නේ ඔහු අහුවෙන්න ඕන කියලා.

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 28 July 2020 11:49 AM

ප්‍රශංසා කළයුතු අගනා ක්‍රියාවක් ... කල් යල් බලා හොඳ සැලසුමක් සහිතව මනා ඉවසීමකින් යුතුව සිදුකළ අල්ලා ගැනීමක්. මේ සඳහා කැපවූ නිලධාරී මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය ... !!!

:       0       26

sharm warn Wednesday, 29 July 2020 03:38 AM

ඇති යන්තම්... පිළිවෙලක් ඇති වැඩක් වුනා.

:       0       7

Bamunuarachchi Saturday, 01 August 2020 09:12 AM

දැන් ගහලා අත් කඩන්න. කවුරුත් විරුද්ධ වෙන එකක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 268 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 996 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 226 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1695 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2084 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site