(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ටේරෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සේවක අර්ථ සාධක අරමුදල පාඩු ලබා ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක තාක්‍ෂණ අධක්‍ෂක වසන්තද අල්විස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් සිටියදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඒ බව කොමිසමට දැනුම් දුන්නේය.
බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ටේරෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සුළු ලාභයක් පෑන් ඒෂියා බැංකුව උපයාගෙන ඇති බවද මිලින්ද ගුණතිලක මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.
මෙම කොමිසම ස්ථාපනය කිරීමට හේතු වු 2015 පෙබරවාරී මස 27 වැනිදා බැඳුම්කර ගනුදෙනුවලට අදාළව ලංසු ඉදිරිපත් කිරීම්වල පරිගණක ගොනු පහක්ද ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක තාක්‍ෂණ අධක්‍ෂක වසන්තද අල්විස් මහතා බැදුම්කර කොමිසමට ඉදිරිපත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අතිරේක තාක්‍ෂණ අධක්‍ෂක වසන්තද අල්විස් මහතා දිවුරුම් ප‍්‍රකාශයක් මඟින් මෙම බැදුම්කර ගනුදෙනුවලට අදාළ වැඩිදුර තොරතුරු කොමිසමට ඉදිරිපත් කළේය.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
බැඳුම්කරයෙන් අර්ථ සාධක අරමුදල පාඩු ලබයි
sunil Tuesday, 27 June 2017 02:11 PM
කවුරු කොහොම කිව්වත් කවදත් පහර වැදුනේ අහිංසක සේවකයාට තම. නමුත් ප්‍රස්නේ තියෙන්නේ ඒ අහිංසක සේවකයාට කවදාකවත් ඔය දේ නොතේරෙන එක තමා.
sam Tuesday, 27 June 2017 04:27 PM
අර්ථ සාධක අරමුදල කෙලින්ම බැඳුම්කර වල ආයෝජනය කරේ නැත්තේ ඇයි? අවස්ථාව තිබියදීත් ඇයි පර්පචුවල් ටේරෂරීස් සමාගම හරහා ගියේ? ඒ ගැනත් හොයන්න.