(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය.
භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා විදේශගත වීම හේතුවෙන් කොමිසමමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය.
ඒ අනුව කොමිසමේ වැඩිදුර සාක්කි විමසීම ලබන ජුනි මස 05 වැනිදා තෙක් කල් තබන ලදී.
වියදම් වාර්තා බාර නොදුන් මහ මැතිවරණ අපේක්ෂකයන් පිළිබඳ වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බාර දෙන ලෙස මැතිවරණ
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා
බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්
රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි ඇතැයි කියන සම්බන්ධයෙන් නිදහස් ලකුණු ලබාදීමෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇ
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරී
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීම දෙසතියකින් කල්දමයි
sisira Paris Sunday, 21 May 2017 10:13 AM
බැඳුම්කර මෙගා ටෙලි නාට්‍යයේ අවසානය.... පැමිණිලි පාර්ශවයට මොනවා වෙයිද දන්නේ නෑ. අනේ මෙහෙමත් දේවල්... වැරදි කරුවන් කව්ද කියලා හොඳටම පැහැදිලි වෙලා තියෙද්දී මොකද්ද මේ වෙන්නේ... ?
Pitigala Milano Sunday, 21 May 2017 12:01 PM
හොරු අල්ලන්න ඡන්දෙ දුන්න අය හරිම අවුලක නේද වැටුනේ... දැන් ඉතින් 'නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්' සින්දුව තමයි කියන්න වෙන්නේ හිතේ දුක නිවාගන්න.
sam Sunday, 21 May 2017 02:09 PM
මම අහලා තියන විදියට බැඳුම්කර කොමිසමට දඬුවම් කිරීමේ බලයක් නැහැ. මේක උසාවියට දැම්මම නිර්පාක්ෂික මුල්‍ය විශ්ලේෂකයන්ගෙන් වාර්තාවක් ගනියි. එ්කෙන් රජයට වුණාය කියන පාඩුව වෙනස් වේවි. මොකද භාණ්ඩාගාර බැඳුම්කර පොලිය ඉල්ලුම හා සැපයුම අනුව වෙනස්වන නිසා. මෙතන සිදුවූයේ සේවක භාරකාර අරමුදලට ලාභ ලබන්නට තිබුණු අවස්ථාවක් මගහැරුණ එක...සේවක භාරකාර අරමුදල ටිකක් අවදානම් අරගෙන සත්භාවයෙන් කෙලින්ම බැඳුම්කර ආයෝජනය කරනවානම් හොඳයි. හැබැයි එ්කත් දෙපැත්ත කැපෙන පිහිය වගේ, බැරිවෙලාවත් වැරදුණොත් ගෙදර තමයි. හරිගියොත් මුකුත් නෑ. ඉතින් බොහෝවිට නිලධාරීන් දෙනදේ කලා වෙනදේ බලන් ඉන්නවා. සේවක භාරකාර අරමුදලට පුළුවන් කෙලින්ම බැඳුම්කර ආයෝජනය කරන්න.
Roshan Sunday, 21 May 2017 04:30 PM
මහා බැංකුව වගේම අනිත් බැංකු කඩන හොරුන්ටත් මේ ආකාරයෙන්ම සලකන්න නිතිය සැමට එක හා සමානව.