IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බැඳුම්කර ගනුදෙනුවේ අලාභය සොයන්නැයි නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

2015 සහ 2016 අතර වසරක කාලයක් තුළ භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතීයක වෙළෙඳ පොළේ සිදු වු ගනුදෙනු සම්බන්ධයෙන් විගණනයක්  සිදුකොට ඉන් රජයට හා ව්‍යවස්ථාපිත ආයතනවලට සිදුවු අලාභය ගණනය කොට දැනුම් දෙන ලෙස බැඳුම්කර කොමිසම රජයේ විගණකාධිපතිවරයාට අද (13) නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කොමිසමෙන් කරන ලද ඉල්ලීමක් පිළිගනිමින් බැඳුම්කර කොමිසම රජයේ විගණකාධිපතිවරයාට එසේ නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා සාක්කි දෙමින් සිටියදී කොමිසම ඇමතූ මිලින්ද ගුණතිලක මහතා 2015 පෙබරවාරී පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතරතුර කාලයේදී බැඳුම්කර සම්බන්ධයෙන් ද්වීතීයක වෙළෙඳ පෙළේ තොරතුරු අනුසාරයෙන් රජයට සහ ව්‍යවස්ථාපිත ආයතනයක සිදුව ඇති අලාභය විගණනය කරන්නැයි විගණකාධිපතිවරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා කොමිසම අමතමින් මෙම සිද්ධියට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති හෙයින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයි කීය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම කොමිසමේ බලපත‍්‍රය අනුව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට කොමිසමට බලයක් නැතැයි කීය.
එම තත්ත්වය අනුව මෙවැනි නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන්නේ යැයි ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතුරුව කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා කොමිසමේ බලපත‍්‍රය අනුව මෙවැනි කරුණු සොයා බැලීමට හැකියාව ඇතැයි දැනුම් දුන්නේය.
ඒ අනුව කොමිසමට ලැබී ඇති බලතල අනුව කොමිසම අදාළ නියෝගය නිකුත් කළේය



අදහස් (1)

බැඳුම්කර ගනුදෙනුවේ අලාභය සොයන්නැයි නියෝග

wimal Tuesday, 13 June 2017 04:56 PM

අවුරුදු පහම අදී වගේ.

:       31       168

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 632 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 517 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 131 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1761 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site