(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුවු ප්‍රශ්ණගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් ඒ අනුව එම බැඳුම්කර වෙන්දේසියේදී සිදුවු දේ සම්බන්ධයෙන් තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වාර්තාවක් ලබා දුන් බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද බැඳුම්කර කොමිසම හමුවේදී පැවසීය.
එම වාර්තාවේ පිටපතක් කොමිසමට බාරදීමටද ඔහු පොරොන්දු විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්ණගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මඟින් තමන්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බව කොමිසමට සහය වන වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා දැනුම් දුන්නේය.
ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව ඔබ විසින් ලබාදුන් වාර්තාවේ පිටපතක් අද ඔබ ගෙනැවිත් තියෙනවාද?
පිළිතුර - නැහැ.
ප්‍රශ්නය - අදාළ වාර්තාවේ පිටපතක් ඔබට සොයාගන්න පුළුවන්ද?
පිළිතුර - පුළුවන්. එය මගේ ලිපිගොනු වල ඇති.
ප්‍රශ්නය - ඔබ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් වාර්තාවේ පිටපතක් මෙම කොමිසමට ගෙනැවිත් බාර දෙන බවට පොරොන්දු විය හැකිද?
පිළිතුර - අදාළ වාර්තාවේ පිටපතක් මෙම කොමිසමට ගෙනැවිත් බාර දෙන බවට මට පොරොන්දු විය හැකියි
ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ
ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි
ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල
රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බැඳුම්කර ගනුදෙනුව ගැන අගමැතිට වාර්තාවක් දුන්නා - මහේන්ද්‍රන්
sathyapala Friday, 06 October 2017 01:46 PM
වාර්තාවක් දුන්නා නම් දෙන්න ඇත්තේ " ලොක්කෝ වැඩේ ගැස්සිලා. ඔයා මෙහෙම කියන්න මම මෙහෙම කියන්නම්. බැරිම වුණොත් මෙහෙම ජිල්මාර්ට් එකක් දාලා අපි බේරෙමු" කියලා මිසක් වෙන මොන වාර්තාද?
sathyayaa Friday, 06 October 2017 03:51 PM
මහේන්ද්‍රන් කියන්නේ මහා ඉන්ද්‍රයාට. වැරදීමකින් දෝ බහිරවයෙකුට ඒ නම යෙදී තිබෙනවා. ඉපැරණි සිද්ධස්ථාන වල බහිරව රූප නිර්මාණය කරන්න එක හේතුවක් වුනේ ඒ ස්ථාන සතු වටිනා නිධන් වස්තු ඔවුන් ලවා ආරක්ෂා කරගන්නයි. "පුදන කොටම කාපි යකා" වගේ මහේන්ද්‍රන් නමින් පෙනී සිටි බහිරවයෙක් මේ නිධානය ගිලගෙන තව දේශපාලන පිශාචයන් කිහිප දෙනෙක් අතරේ බෙදා දී තිබෙනවා. රනිල්ට දැන් තියෙන ප්‍රශ්නය බහිරවයව බිල්ලට දෙනවද නැත්නම් "යහපාලනයම" බහිරවයාට බිලිදෙනවද කියන එක.
RaveendraFriday, 06 October 2017 04:35 PM
සත්‍යය මයා වෙත, ඔබගේ නියම විග්‍රහයට අපද එකඟ වන්නෙමු. බහිරවයටත් ගේම සැලසුම් කල " මිස්ටර් ක්ලීන්" ඒකට සුදුසුම " රොබරි කෙරුවාව " යොදවලා කොස් ඇට ඔක්කොම ටික බාගත්තා.
savanthSunday, 08 October 2017 06:12 AM
තමන්ව බිල්ලට අහුවෙන්නේ නැතුව ඕනෑ එකෙක් අහුවුනාට කමක් නැතුව ඇති. මදැයි අපිත් යහපාලනයකට ඡන්දෙ දුන්නා.
Rohana Saturday, 07 October 2017 04:22 AM
රජයට සිදුවූ මිලියන 59 පාඩුව අගමැති , හිටපු මුදල් ඇමති , අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඇතුළු කල්ලියෙන් අයකරගැනීම යුක්ති සහගතය. සියලු දේපොළ රාජසන්තක කලයුතුය ඉදිරියට මෙය ආදර්ශයක් වියයුතුය. සැබවින්ම එය එසේ සිදුවේද?
Dayaratne Weerakkody Saturday, 07 October 2017 06:52 AM
තවත් ලැජ්ජා නැතිව මහා පුටුවල වැජඹෙනවා.
Don Saturday, 07 October 2017 07:06 AM
ඇයි අගමැතිව මේ කොමිසම හමුවට ගෙන්නන්නේ නැත්තේ? අගමැති කියන්නේ ජනාධිපතිටත් ඉහල තනතුරක්ද? ලංකාවේ අගමැතිව ප්‍රශ්න කරන්න බැරිද ?
savanthSunday, 08 October 2017 06:14 AM
මහේන්ද්‍රන්ගේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න අගමැතිව නොගේන බහ නේද?