IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා කැනඩාවෙන් පිටුවහල් කරයි

 තිළිණි ද සිල්වා

කැනඩාවේදී සිය භාර්යාව  ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකු එරටින් වහා පිටුවහල් කිරීමට කැනඩා රජය පියවර ගෙන  ඇතැයි රේඩියෝ කැනඩා පුවත් සේවය  පවසයි.

මෙලෙස එරටින් පිටුවහල් කරනු ලැබ ඇත්තේ සිවලෝගනාදන් තනබාලසිංහම් නැමැත්තෙකි.

2012 වසරේදී අගොස්තු මාසයේදී කැනඩාවේ මොන්ටි‍්‍රයල් නුවර පිහිටි ඔවුන්ගේ නිවසේදී සිය බිරිඳ වූ අනූජා බාස්කරන් නැමැත්තිය ඝාතනය කිරීමේ වරදට චූදිත ලාංකිකයා එරටින් පිටුවහල් කිරීමට කැනඩා ආගමන හා සරණාගත කවුන්සිලය තීන්දු කර තිබූ අතර එම පිටුවහල් කිරීමේ තීන්දුවට එරෙහිව ඔහු විසින් ගොනු කළ අභියාචන පෙත්සමක් ගොනු කිරීමත් සමඟ එම තීන්දුව තාවකාලිකව අත්හිටුවනු ලැබිණි.

තමන්ගේ පවුලේ අය සියලූ දෙනාම කැනඩාවේ ජීවත්වන හෙයින් එලෙස පිටුවහල් කිරීම නීතිවිරෝධී බව චූදිත ලාංකිකයා සිය අභියාචන පෙත්සමින් පෙන්වා දී තිබිණි.

පසුගිය හය වසරකට වැඩි කාලයක් පුරා පැවති එම අභියාචන පෙත්සමේ විභාගය ඉකුත් 06 වැනිදා  අවසන් කරමින් චූදිත ලාංකිකයාගේ අභියාචනය ඉවත දමමින් ඔහු ව වහා ක‍්‍රියාත්මක වන පරිදි කැනඩාවෙන් පිටුවහල් කිරීමට තීන්දු කර ඇත.

ඒ අනුව ඔහු මේ සතිය ඇතුළත කැනඩාවෙන් මෙරටට පිටුවහල් කෙරෙනු ඇතැයි ද පැවසේ.



අදහස් (8)

බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා කැනඩාවෙන් පිටුවහල් කරයි

menna Tuesday, 11 April 2017 12:12 PM

ලංකාවට ඇවිල්ල කොහෙද ඉන්නේ? හිරේද? ඔය විදියට එවන්න ගියාම ඔක්කොම අපරාදකරුවො ලංකාවේ පිරෙයි.

:       2       11

NIHAL Tuesday, 11 April 2017 04:08 PM

මිනී මැරීමට දඩුවම කෝ. දඩුවම රටින් පිටුවහල් කිරීමද

:       1       10

ravin Tuesday, 11 April 2017 07:51 PM

මොහු හා පවුලේ අනික් උදවිය ලංකාවෙන් පිටවෙලා ගියේ කොහොමද? මොන වීසා යටතේද කැනඩාවේ හිටියේ ? ඔවුන්ගේ පවුල් පසුබිම?

:       0       5

keerthi Tuesday, 11 April 2017 09:25 PM

මිනීමරුවන් මෙරටට මොකටද? මේ මිනිහා ලංකාවට ආපු ගමන් හිරේට යවන්න.

:       0       5

silva Tuesday, 11 April 2017 10:59 PM

එයාව පිටුවහල් කරලා තියෙන්නේ මිනි මරුවෝ යවන්න ඕන හොඳම රටට තමා

:       1       30

ලුම්බිණි Wednesday, 12 April 2017 12:52 AM

මොහු රටින් පිටුවහල් කල යුතුයි.

:       2       3

nuwan Wednesday, 12 April 2017 08:18 AM

ලංකාවෙත් මිනිස්සු මරපු කෙනෙක් වෙන්න ඇති. මොහු ලංකාවට ආ විගස අත් අඩංගුවට ගත යුතුයි . කැනඩා නිතිය නැතත් ලංකා නිතිය මේ පුද්ගලයට දිය යුතුයි.

:       12       9

appuva Wednesday, 12 April 2017 04:05 PM

අනේ!!! නිකන් ඉන්න සිල්වා කොලුවා නමත් මාරු කරගෙන තව රටක් මොකටද ? අපිට අපේ රට රත්තරන් අන්තිමට එන්න වෙන්නේ මව්බිමට නොවැ...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 62 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 48 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 73 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 270 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 432 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 150 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site