(ප්‍රේමතිලක පෙරමුණ)
මීගහතැන්න නගරයේ දී අද(21) අපොස සාමාන්‍ය පෙළ විභාගය ට යමින් සිටි පාසල් සිසුවියක හා තවත් පුද්ගලයින් දෙදෙනකු සුනඛයෙකුගේ සපා කෑමට ලක්ව ඇත.
එම සුනඛයා නගරයේ සිටි අයාලේ යන තවත් සුනඛයින් කීප දෙනෙකු සපාකා ඇති අතර ප්‍රදේශවාසීන් විසින් සුනඛයා අල්ලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට බාර දෙනු ලැබීය. වලල්ලාවිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය අමාත්‍යාංශයේ උපදෙස් මත සපාකෑම ට ලක් වූ පාසල් ශිෂ්‍යාවට මුලික ප්‍රතිකාර කර විභාගයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
අනෙකුත් පුද්ගලයින් දෙදෙනා මුලික ප්‍රතිකාර කර නාගොඩ රෝහලට මාරුකර යවා ඇති අතර පාසැල් සිසුවිය විභාගය අවසන් වු සැනින් නාගොඩ රෝහලට යැවීමට කටයුතු කරන බව වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.
අදාල සුනඛයාට පිස්සු බලු රෝගය වැළඳී තිබේදැයි පරීක්ෂා කිරීමට බොරැල්ලට යොමුකළ බව සෞඛ්‍ය නිලධාරීහු කියති.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බල්ලකුගේ සපා කෑමට ලක්වූ තිදෙනෙක් රෝහලේ
Mahinda Wijekoon Thursday, 21 December 2017 07:52 AM
දඩාවතේ යන බල්ලන් විනාශ කරන්න එපා කියා හඬ නගන අයට කියන්න ඔවුන් අරගෙන යයි.
sunil gikiyanage Thursday, 21 December 2017 08:17 AM
අයාලේ යන බල්ලන්ව මරල හරි ඉවත් කරන්න ඕන. රෑකට වැඩිහිටියෙකුටවත් පාරක බැහැල යන්න බැහැ. පොඩි ළමයෙකුට තනියෙන් පාරේ යන්න බැහැ. මේක මහා ව්‍යසනයක්. කාර්වල යන අයනම් කියාවි නෑ නැ බලු අයිතිවාසිකම් උල්ලංගනය වෙනවා කියල. මේකෙ ප්‍රශ්නය තියෙන්නේ දුප්පත් මිනිහට නිසා මෙය කවුරුත් අවදානය යොමු කරන්නේ නැහැ. පන්සල්වල. පාසල්වල. රෝහල්වල බල්ලන්ගේ කරදර හැමවිටම. බල්ලෝ ඇතිකරන කරන අයටත් නීති ක්‍රියාත්මක කළ යුතුයි.
dhamneth Thursday, 21 December 2017 09:39 AM
දඩාවතේ යන බල්ලන් සපාකෑම පමණක් නොවෙයි දිනකට සිය ගණනක් වාහන අනතුරු සිදුවෙනවා....යතුරු පැදිකරුවන් ආබාධිත තත්වයට පත්වී සිටනවා.ඒවගේම හිස් යෝගට් කෝප්ප සැමන් ටින් මස්මාලු එතු දවටන තැන් තැන්වල දැමීමෙන් ඩෙංගු බෝකරනවා.එනිසා දඩාවතේ යන බලුගහනය අඩුකිරීමට වහාම පියවර ගතයුතුයි.ආගම ගෙනයාමටත් ජනතාව ජීවත්වෙලා සිටිය යුතුය.
maradha Thursday, 21 December 2017 10:55 AM
දඩාවතේ යන බල්ලන් සපාකෑම, වල අලින්ගෙන් පහරකෑම වැනි දේ රටේ දුප්පත් මිනිසුන්ට තියෙන ප්‍රශ්න. නමුත් බොහෝවිට ලංකාවේ මේවට විරෝධය පාන්නේ නගරබදව වායු සමීකරණය කරන ලද කාමර වල වාසය කරන අයයි. අවම වශයෙන් මහජන ඡන්දෙන් පත් වුණ අයටවත් මේ දේවල් පෙනෙනවා ඇතැයි සිතමි.
suren Thursday, 21 December 2017 11:20 AM
ආණ්ඩුව සල්ලි ඉතුරු කරන්න බල්ලන් වඳ කරන එක නැවැත්තුව ..මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා හරි ප්‍රාදේශීය සභාවලින් මේ බල්ලන් වඳ කරන එක කලොත් සත්ව ඝාතනයත් ..පිස්සු බලු කේස් එකත් දෙකම නැති වේවි!!!!!!!!!!!!!