(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය පිහිටි රජයේ ඉඩම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් හේතු කර ගෙන බාලදක්ෂ පදක්කම් ලේකම්වරයා ඇතුළු ජනාධිපති බාලදක්ෂයින් පිරිසකට බැන තර්ජනය කර කලු ගලකින් පහරදීමට උත්සාහ කළ බව කියන මාතර මූලස්ථාන පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන බව මාතර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
යාබද නිවසේ පදිංචි අදාල උප පොලිස් පරීක්ෂකවරයා එහි පැරණි මායිම් තාප්පය කඩා දමා බාලදක්ෂ මූලස්ථානය පිහිටි ඉඩමෙන් ද කොටසක් අල්ලාගෙන නව තාප්පයක් ඉදි කිරීමට උත්සාහ කළ බවත් ඒ ගැන විමසන අවස්ථාවේදී බැණ තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කළ බවත් මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් ඉන්දික ප්‍රසාද් මහතා පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
එසේ නව තාප්පය ඉදි කළ පසු බාලදක්ෂ මූලස්ථානයට අයත් රජයේ ඉඩමේ වතුර ටැංකිය උප පොලිස් පරික්ෂකවරයාගේ ගෙවත්තට ගොස් තිබෙන බවද “මෙය රජයේ ඉඩමක්” බවට ප්‍රදර්ශනය කර තිබු පුවරුව එම පොලිස් නිලධාරියා කඩා බිඳ දැමු බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති බාලදක්ෂයකු වු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද පසුගියදා එම ස්ථානයට පොලීසියද සමග පැමිණියේය.
එහිදී මාතර සහකාර පොලිස් අධිකාරී වයි.එල්.ලීලවංශ මහතා අදාල තාප්පය ඉදි කිරීම නවතන ලෙස උපදෙස් දී උප පොලිස් පරීක්ෂකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහුට දැඩි ලෙස අවවාද කළේය.
තවද ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිකිරිම් කටයුතු වලට එරෙහිව තහනම් නියෝගයක්ද ලබා දී තිබුණි.
මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාල උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා සහකාර පොලිස් අධිකාරීවරයා වෙත උපදෙස් ලබා දී තිබේ.
මාතර සහකාර පොලිස් අධිකාරී වයි.එල්.ලීලවංශ හා මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන යන මහත්වරු මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බාල දක්ෂයින්ට පහරදීමට තැත් කළ එස්අයිට පරීක්ෂණයක්
ලුම්බිණි Tuesday, 21 August 2018 04:44 AM
තවමත් නීතිය තමන්ය කියල හිතන පොලිස් මහත්වරු ඉන්න බවකුයි පෙනෙන්නේ.
ටි.ඉන්දික Tuesday, 21 August 2018 10:26 AM
මේ වගේම පොලිස් බලතල අවභාවිත කරලා ගමක්ම බිය වද්දන නිලධාරියෙක් ඉන්නවා, මං දැක්කා, කුණ්ඩසාලේ යක්ගහපිටිය ග්‍රාමයේ...මුළු ගමටම කුණු හහරුප කිය කියා, බැන වදිනමින්..හරිම නින්දිතයි....ගමම පොලිස් පතිටත් පැමිණිලි කරාලු..තාම පියවරක් ගෙන නැති බවයි ගමේ අය කිව්වේ