IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරුට චෝදනා 5 ක්

(චමිල් රූපසිංහ)

චෝදනා පහක් යටතේ බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගත්බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ තිලක් යු ගමගේ මහතා අද (29) පැවැසීය. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමිනි.

මෙම සිද්ධිය සම්බන්ධව ගිය සතියේදී පොලිසිය විසින් කරුණු වාර්තා කර අතර අද දින එම ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණු ලැබනු බවද ඒ සම්බන්ධව අදාල ලිපිගොනුව නිතිපතිවරයාටද යොමු කර ඇති  බව ආණ්ඩුකාරවරයා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා මෙසේද කීය.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවාද, මහාධිකරණයේ නඩු පවරනවාද යන්න තීරණය කරුනු ලබන්නේ නීතිපතිවරයා විසින් බවත්  ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළ අතර ප්‍රධාන වශයෙන් මෙහි සඳහන් වී ඇත්තේ නිසි ක්‍රමවේදයකට මෙම ගොඩනැගිල්ල ඉදිකර නැති බව තහවුරු වී ඇති බවත් මහල් 5 ක බර දරා ගත නොහැකි පරිදි එම ගොඩනැගිල්ලේ පාදම ඉදි කර නොමැති වීම ප්‍රධාන සාධකය වී ඇති බව තහවුරු වී ඇති බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අද (29) වාර්තාව ලැබෙන බවත් මේ සම්බන්ධව හෝ වෙනත් කාරණයකදී සියලුම පළාත් පාලන ආයතන ඉදිරියේදී නායයෑම් සම්බන්ධව මහනුවර හා නායයැම් ඇති ප්‍රදේශ වල ගොඩනැගිලි වල හා අලුතින් ඉදිකරන ගොඩනැගිලි සඳහා විදිවිධාන හා නීතියට ගරු කර මෙවැනි අනීතික ගොඩනැගිලි සාදන අවස්ථාවලදී පාළාත් පාලන ආයතන වලට බලය ලබා දීම සඳහා සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති වසන්ත යාපා මහතා හා අනිකුත් මන්ත්‍රීවරුන් කටයුතු කරනු ලබනු ඇති බවද ආණ්ඩුකාරවරයා එහිදී පැවැසීය.

මේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  කිරිදිගොඩ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

 



අදහස් (8)

බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරුට චෝදනා 5 ක්

Sunil Tuesday, 29 September 2020 04:44 PM

උලතියන්න ඕනේ...

:       27       13

NMTuesday, 29 September 2020 08:55 PM

මෙම නිවාස කඩාවැටීම නිසා ජීවිත නැතිවූ අයවලුන් පිළිබඳව කණගාටු වෙමු. මෙම නිවාස සැදීම සඳහා ඔප්පුව ලබාගත් ආකාරයේ සිටම සොයාබැලීමක් කළයුතු වේ. මන්දයත් මෙම කඩාවැටීම් පිළිබඳව වගකිව යුතුවන්නේ එමනිවස ගොඩනැගෙමින් තිබියදී පරීක්ෂා කළ ඉන්ස්පෙක්ටර්ස්ලා 50% සහ නිවසේ හිමිකරු 50% බාරගැනීම කළයුතු වේ. අවසානයේ ලාභ ගොඩනැගිලි ද්‍රව්‍ය දමා සාදාගන්න ගොඩනැගිලි වලට ඔවුන්ම බිලිවෙයි. කෙසේනමුත් මෙම කතාව අවසාන වනවිට මෙම ගොඩනැගිල්ල සෑදු මේසන් බාස්‌ට සහ ඔහුගේ ගෝලයාට සිමෙන්ති අඩුවෙන්දමා වැලි වැඩිකර ඇතිබව කියමින් මෙම මරණවලට වගකීම දරන්නට සිදුවේද කියා සැක සහිතවේ. සියලු වතුර බසින්නේ පහළින් නිසා මෙම සිදුවීමටත් එසේ වීමට බැරි නැත.

:       0       3

rana Wednesday, 30 September 2020 03:28 AM

බූවැලිකඩ අවට විශාලම ව්‍යාපාරය ළමුන් පාසල්වලට ඇතුළු කිරීමට ලියකියවිලි කාමර කුලියට දීම මගින් සාදා දීම.. රුපියල් ලක්ෂ 3-4 අතර, කුලී පදනමේ, ජලය, විදුලිය යනාදි සියලූම ලිය කියවිලි සාදාදෙනු ලබයි. කාමර 5 ඇත්නම් අඩුම අාදායම රුපියල් ලක්ෂ 15ක් පමණ.

:       0       2

sharm warn Wednesday, 30 September 2020 03:48 AM

නියම ප්‍රමිතියෙන් තොරව ගෙයක් හදපු එක වැරැදියි. ඒක ඇත්ත.. හැබැයි මෙයාව ඇප දීලා ගෙදර යැව්වා නම් හොඳයි. මොකද මිනීමරුවෙකුට පාර්ලිමේන්තු වරප්‍රසාද දෙන්න පුළුවන් නම් මේ මනුස්සයාට ඇපදෙන්න බැරිකමක් නැහැනේ. ගෙදර ඉඳන් උසාවි එන්න කියන්න. අපේ බදුමුදල් වලින් නඩත්තු කරන්නේ නැතිව...

:       1       8

Shirley Suraweera Wednesday, 30 September 2020 09:06 AM

රිෂාඩ්ගේ මල්ලි කෙළින්ම බෝම්බ කාරයින්ට උදව් කරලා ගෙදර ගියා නම් මෙයාවත් යවන්න.

:       1       3

risvanWednesday, 30 September 2020 11:21 AM

ඔහෙලා මක්කෙයි මේ කියන්නේ? වටිනා දරුපවුලක් නැතිවෙලා... එතැනටත් දේශපාලනේ... මුග්ධ මිනිස්සුන්ගේ මනස...

:       0       0

Shirley Surweea Wednesday, 30 September 2020 12:55 PM

පාස්කු ප්‍රහාරයෙනුත් 300ක් මැරුණා .

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 01 October 2020 12:20 PM

ඉදිරි අනාගතයේ දී බොහෝ ගොඩනැගිලි නිතර නිතර මේ රටේ කඩාවැටීම සිදුවීම වළක්වන්න ශක්‍රයාගේ පුතා වයිමාටවත් නොහැකි වේවි. එයට හේතුව වන්නේ බොහෝ ගොඩනැගිලි කිසිඳු ප්‍රමිතියකින් තොරව ඉදිකිරීමයි. මේ රටේ තිබෙන කොන්ක්‍රීට් ගල් සාදනුයේ කිසිඳු ප්‍රමිතියකින් තොරවයි. වැඩිපුරම ඇත්තේ ගල්කුඩුයි. සිමෙන්ති යන්තම් ගාවනවා පමණයි. මිනිසුන් කිසිදු වග විභාගයකින් තොරව මේ ශක්තියක් නොමැති සිමෙන්ති ගල් ගෙන ගොස් ගොඩනැගිලි ඉදිකරනු පෙනේ. මේසන් බාස් සහ අත්වැඩකරුවන් බොහෝවිට ඉදිකිරීම් ගැන දන්නා දෙයක් නැත. එනමුත් ඔවුන් සිතා සිටින්නේ තමන් ඉංජිනේරුවන්ටත් වඩා දන්නා බවයි. ලාබය සලකාගෙන අහස උසට නැගෙන බොහෝ ගොඩනැගිලිවල සිමෙන්ති හරිහැටි නොයෙදීම නිසා ශක්තියෙන් අඩු බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේවා ගැන කඩා වැටෙන තෙක් පරීක්ෂා කිරීමට කිසිඳු රාජ්‍ය අංශයක් වූ නිලධාරියෙක් ක්‍රියා කරන්නේ නැත. මෙවන් ලොවක ගොඩනැගිලි කඩා නොවැටුණහොත් තමා පුදුමය කියන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 128 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1223 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 341 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 177 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 801 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site