IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බස්නාහිර පළාත් මන්ත්‍රී අශෝක රන්වල රිමාන්ඩ්

(ටෝනි කරුණානායක)

සපුගස්කන්ද පොලිස් ස්ථානයට ගොස් වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා ලබන 19 දක්වා රිමාන්ඩ් කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා අද(5) නියම කළේය.

පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා තමාට පහරදුන් බව කියමින් මන්ත්‍රීවරයා රෝහල් ගත කරනු ලැබිණි. සපුගස්කන්ද පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා රාගම රෝහලට ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබන මන්ත්‍රීවරයා නිරීක්ෂණයට ලක්කර එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.



අදහස් (6)

බස්නාහිර පළාත් මන්ත්‍රී අශෝක රන්වල රිමාන්ඩ්

Kusal Rupasinghe Friday, 05 January 2018 03:29 PM

පොලීසියට තර්ජනය කලාලු. හැබැයි ඔහුට තුවාලයි. තමන්ම තමන්ට ගහගන්න ඇති. මොකද පොලීසිය කාටවත් ගහන්නේ නැහැනේ. පුදුමයි අත් බෝම්බ හමු නොවුන එක...

:       645       2033

Bamunuarachchi Friday, 05 January 2018 04:08 PM

පළාත් සභාකාරයෝ ඇමතිවරුන්ටත් ඉහලින් හිතන ජාතියකි. එමනිසා පොලිසිවලට ආවොත් ගැහුවාට කමක් නැත.

:       327       116

sam Friday, 05 January 2018 08:53 PM

තම හෙන්චයියෙක් අත් අඩංගුවට පත්වූ පසු දේශපාලකයෙක් පොලිසියට යන්නේ රාජකාරියට බාධා කිරීමට මිසක් රාජකාරිය හරියට ඉටු කරන්න උදව් වීමට නොවෙයි. එහෙම කෙනෙකුව "අවම බලය" යොදා පොලිසියෙන් ඉවත් කිරීම හෝ පොලිස් අත් අඩංගුවට ගැනීම නීත්‍යානුකුලයි. ලංකාව වැනි රටවල මේ කියන අවම බලය කියන එක "වාචිකව කරන ඉල්ලීමක..." සිට "කට්ටිය වටවෙලා අම්බානක නෙලන එක...." දක්වා පරාසයක විහිදී තිබීම නම් මම අනුමත කරන්නේ නැහැ. නමුත් මෙවැනි පුද්ගලයින්ට ශාරීරික උපදෙස් මිසක් වාචික උපදෙස් තේරෙන්නේ නැති බවත් කිවයුතුයි.

:       0       70

ලුම්බිණි Saturday, 06 January 2018 12:19 AM

මම හිතනවා මෙතන දෙපාර්ශවයේම වැරදි ඇතියි කියලා.

:       24       0

Rasi Saturday, 06 January 2018 08:01 AM

දැන් එතකොට අර ගිය සතියේ කවුද ඇමති කෙනෙක් ගිහිල්ල ගිංතොට පැත්තේ පොලිසියක රාජකාරියට බාධා කරපු එකට නීතිය නැවුනේ නැද්ද?

:       0       0

athula Saturday, 06 January 2018 12:09 PM

මෙම සිද්ධියට හෙතුවූ කාරණය අර අත්අඩංගුවට ගත්ත දුප්පත් ප්‍රියකරන පක්ෂය අනුව බොහොම පැහැදිලියි පොලිසිය කරන්නේ නීතිය කණපිට හැරවීමයි. එම පියා කියන පරිදි ඔහුගේ නිවාස ඉදිරිපිට ගෙට එන පාර හරස් කර පොලීසියේ වාහන නතර කරන්න එපා කියපු එකට පලිගැනීමට කිසිම හේතුවක් නැතුව එම පියාගේ පුතාව හොරකමකට කියල අරන් ගිහින් අඩු තරමේ හොරකමවත් කියන්නේ නැතුව අරගෙන ගිහින් තියෙන්නේ... එම දුගී මනුස්සයාට මෙම අවනඩුව කියන්න හිටපු එකම විස්වාස වන්තයා ඔය අසෝක රන්වලයි. එතුමා යුතුකමක් හා මානුෂික වශයෙන් මෙයට හේතුව විමසන්න ඔහුට අයිතියක් තිබෙන්න ඕන... අපි දන්නවා පොලිසිය මහා බලවතුන් ඉදිරියේ නමුත් දරුණු ගනයේ අපරාද කාරයෝ හොරු ලගට කිට්ටු වෙනවද ?

:       7       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 174 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 88 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 117 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 458 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 165 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 509 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site