බිඟුන් මේනක ගමගේ
බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල ඉදිකිරීමේදී සැක සහිත ගනුදෙනු රැසක් සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.
ඒ අනුව මෙම නව ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් කරන්නැයි විගණන කොමිසමට පැමිණිලි කරන්නේ යැයි බස්නාහිර පළාත් සභා ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා කීය.
පළාත් සභාවේ සියලු ආයතන එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණෙන් ස්ථාපිත කරන ලද මෙම ගොඩනැගිල්ලේ පිරිවැය සැකසහිත මෙන්ම පාරදෘශ්‍ය නොවන ගනුදෙනුවලින් ගහණ බැවින් මෙසේ පැමිණිලි කරන්නේ යැයි නිපුණආරච්චි මහතා කීය.
පළාත් සභාවේ ගනුදෙනු බොහෝමයක් පාරදෘශ්‍යභාවයෙන් තොර යැයි චෝදනා කළ හෙතෙම යහපාල ප්‍රසම්පාදන ප්‍රමිතීන් එහිදී අනුගමනය නොකෙරෙන්නේ යැයිද කීය.
විගණන පනත සම්මත වීම සමඟ විගණන කොමිසමට සැළකිය යුතු බලයක් ලැබී ඇති බැවින් මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමක් සිදුවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කරන්නේ යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල ගැනත් ජවිපෙන් චෝදනාවක්
Sunil Tuesday, 14 August 2018 03:48 PM
එහෙම නොවුනානම් ගිනස් වාර්තාවකට යනවා සිකුරුයි.
රවින් Wednesday, 15 August 2018 08:35 AM
පහුගිය දවස්වල විගණන දෙපාර්තුමේන්තුවට තිබුණු ලොකු අඩුපාඩුවක් තමා පනතේ තිබුණු දුර්වල තැන්. දැන් ටිකක් හරි බලතල හම්බවෙලා තියන නිසා හරි විගණනයක් කර පෙන්නන්න පුළුවන්. මෙන්න පටන් ගැනීමට හොඳ අවස්ථාවක්.
සතයපාල Wednesday, 15 August 2018 01:16 PM
පළාත් සභා ආරම්භයේ සිටම වංචා, දූෂණවලට තෝතැන්නක් වෙලා තියෙන්නේ. ඒ නිසා පළාත් සභාවල හා ප්‍රාදේශිය සභාව ගිණුම් විගණනයට ලක් කිරීමට විගණන දෙපාර්තුමේන්තුවේ වෙනම අංශයක් පිහිටුවීමේ කාලීන අවශ්‍යතාවයක් වී ඇත.