IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


’බස් ගාස්තු තවත් වැඩි කරන්න දෙන්නේ නැහැ’- රාජිත

(ඩයනා උදයංගනී)

බස්ගාස්තු සංශෝධනය කිරීම සිදුවූයේ බස් සංගම්, අමාත්‍යාංශය ඇතුළු සියළු පාර්ශවවල එකඟත්වය මත ඇති කරගත් මිල සුත‍්‍රයකයට අනුව බවත්, ඊට වැඩි ගාස්තු වැඩිවීමක් ලබාදිය නොහැකි බවත් සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  පැවසීය.

පහුගිය කාලය පුරාවට බස් ගාස්තු වැඩි කර ඇත්තේ ඒ අනුව  බව කී අමාත්‍යවරයා ප‍්‍රතිපත්තියක් පවතිද්දී බස් සංගම්වල ඉල්ලීම් අනුව හිතුමතේ ගාස්තු වැඩි කළ නොහැකි බව ද සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩිවීමක් සිදුවුවහොත් ඊට සාපේක්‍ෂව බස් ගාස්තු වැඩි කළ යුතු අන්දම එම මිල සූත‍්‍රයෙහි සඳහන් බැවින් එයට විරුද්ධ වීමට කිසිවෙකුටත් නොහැකි බවද අමාත්‍යවරයා කියා සිටියේය. 

බස් සංගම් වැඩ වර්ජනයක් කළහොත් එයට මුහුණදීමට රජය සූදානම් බව කී අමාත්‍යවරයා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 1500ක් යෙදවීමට හා දුම්රිය සේවාව කාර්යක්‍ෂම කිරීමට මේ වන විටත් තීරණය කර ඇතැයි ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීවේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න සහ ඇමතිවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය

ඔබතුමන්ලා මොනවා කීවත් වැඩ වු බස් ගාස්තු ඉහළ නැංවීමෙනුත්, වර්ජන සිදුකිරීමෙනුත් අපහසුතාවයට පත්වන්නේ මගී ජනතාව නේද? 


පිළිතුර 

එහෙමයි කියලා සියලූ ඉල්ලීම් දෙන්න බැහැ. ප‍්‍රතිපත්තියක් තිබෙනවා නම් ගාස්තු වැඩිවිය යුත්තේ ඒ අනුවයි. ජනතාවට අනවශ්‍ය තරම් බර පටවන්න බැහැ. පසුගිය කාලයේ බස් ගාස්තු වැඩි කර ඇත්තේත්, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුවන්නේත් ඒ අනුවයි.

ප‍්‍රශ්නය

ලිහිසි තෙල්, සේවක වේතනය ගෙවීම ආදිය සළකා මීට වඩා වැඩිකිරීමක් කළ හැකි බව බස් සංගම් කියනවා නේද?

පිළිතුර
එහෙත් ප‍්‍රතිපත්තියෙන් පිට කටයුතු කරන්න බැහැ

ප‍්‍රශ්නය

ඉන්ධන මිල වැඩිවන අවස්ථාවල තමන්ටත් ඉන්ධන සහනයක් ලබාදෙන ලෙස බස් සංගම් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කරනවාද? 

පිළිතුර

ඉන්ධන මිල වැඩිවූ නිසා තමයි ගාස්තු වැඩිවීමක් දුන්නේ. මේ වන විටත් අපි ඉන්ධන සහනාධාර වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරනවා. සමෘද්ධි හා වතුකරයේ පවුල් 47,555කට සහ ධීවර පවුල් 24,282කට භූමිතෙල් සහනාධාරය හිමිවෙනවා. ඩීසල්වාහන වලටත් භූමිතෙල් යෙදීම නිසයි එම මිල වැඩිකර ඩීසල් මිල හා සමාන කිරීමට සිදුවූයේ. මෙම සහනාධාරය මිල වැඩිවීම සිදුවූ දා සිට බලපාන අයුරින් ජූනි 1 වැනි දා සිට ලබාදෙනවා.
 
ප‍්‍රශ්නය

එයට විසඳුම මිල වැඩිකිරීම නොව ඉන්ධනහල් වලින් බස් රථ සඳහා ඩීසල් ලබාදීම වැළැක්වීම නේද? දැන් සී.සී.ටී.වී කැමරා ආදිය ඇති නිසා එය පහසුයි.

පිළිතුර

ඉන්ධනහල් අසල පොලිස් නිලධාරියෙක් බැගින් යොදවන්න හැකියාවක් නැහැ. සී.සී.ටී.වී කැමරාවලින් අලෙවි කරන්නේ භූමිතෙල්ද ඩීසල්ද කියා සොයන්නේ කොහොමද?

ප‍්‍රශ්නය

ඉන්ධන මිල වැඩිවීම නිසා බස් ගාස්තු පමණක් නෙවෙයි ත‍්‍රීරෝද රථ ගාස්තු, පාසල් ප‍්‍රවාහන සේවා ගාස්තු ආදියත් ඉහළ යනවා නේද? ඒ වගේම ආප්පවල සිට සියලූ ආහාරපාන මිල වැඩිවෙනවා. 


පිළිතුර

අපි තවමත් 2014දී තිබුණාට වඩා අඩුවෙන් ඉන්ධන මිල පවත්වාගෙන යනවා. එසේ නම් 2014 දී තිබූ මිලට ඒ සේවා පවත්වාගෙන යා හැකි විය යුතුයි. එසේ වැඩිකිරීම සාධාරණ නැහැ. එසේම ආහාර පාන මිල වැඩිවී නැහැ. 

ප‍්‍රශ්නය

වත්මන් රජය බලයට එද්දී මීට වඩා දේවල් බලාපොරොත්තු වුණා නේද?

පිළිතුර

අපි බලයට ආ පසු ජනතාවට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා. සමෘද්ධි, මහපොළ දෙගුණ කළා. ඒවා ගැන කතා නොකරන්නේ ඇයි?

ප‍්‍රශ්නය

බස්වලට භූමිතෙල් යෙදීමෙන් ඒවාට හානි වුවහොත් පාඩුව බස් කර්මාන්තකරුවන්ටයි. රජය ඒ ගැන පියවර ගන්නේ ඇයි?

පිළිතුර

අමතර කොටස් ගෙන්වද්දී විදේශවලට ඇදී යන්නේ රටේ මුදල් නෙවෙයිද?
 



අදහස් (18)

’බස් ගාස්තු තවත් වැඩි කරන්න දෙන්නේ නැහැ’- රාජිත

rama Wednesday, 16 May 2018 12:34 PM

එ්ක කිව්වේ කටින්ද නැතිනම් වෙන පැත්තකින්ද? වර්ජන කළාම අගේට නැට්ට අස්සෙ ගහගෙන වැඩිකරාවි..

:       89       214

ධනුෂ්කWednesday, 16 May 2018 02:51 PM

වර්ජනය කරන්නත් කලින් වැඩි කරලා ඉවරයි. මෙයා හැමදාම බයිලා ගහනවා. මේ අය පන්නන්න ඕනේ රටෙනුත් එක්ක...

:       1       134

Raveendra Wednesday, 16 May 2018 01:21 PM

කොහොමත් මේ අම්බරුවන් උපන්දා සිට කථනය "ඔබ කියන අනිත් පැත්තෙන්" තමයි.

:       65       397

Bandula Wednesday, 16 May 2018 01:24 PM

මේ කියන්නේ බොරු කියලා ඔබ සැමට හෙට වෙනකොටම තේරේවි.

:       1       101

RaveendraWednesday, 16 May 2018 03:24 PM

බන්දුල මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදිය. ඔබ කී පරිදි මෙම පුවත "පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව 12.5% ඉහළට" යන්න සඳහන් වෙනවා.

:       0       98

Hafeel Wednesday, 16 May 2018 02:38 PM

මෙයාගේ කයිවාරු විතරයි. ඔන්න 12.5% වැඩිකරලා. මෙයා දන්නේ නැහැ ආණ්ඩුව තුළ මොනවද වෙන්නේ කියලා..

:       0       100

රවි Wednesday, 16 May 2018 02:59 PM

යහපාලනේ රෙද්ද පල්ලෙන් බේරෙයි. බස්‌ ගාස්තුව 12.5% කින් වැඩිකර ඇත..

:       0       92

Siri Wednesday, 16 May 2018 03:28 PM

මේ පරාජිත පාලකයින්ගේ අතකොලු වර්ජනයක් කරන්න යන්නේ. 56 කලාවගේ සේරම පුද්ගලික බස් ලංගමට ගන්න ඕනෑ. එතකොට ඒවායේ සේවකයින්ටත් හොඳ කලක් ඒවි. මහජනයාත් සැපට බස්වල යාවි...

:       28       3

සතයපාල Wednesday, 16 May 2018 04:00 PM

මේක ඔල්මොරොන්දම් කාරයින්ගේ ආණ්ඩුවක්.. මෙහේ ගිරිය පුප්පගෙන කෑ ගහනවා. බස් ගාස්තු තවත් වැඩිකරන්නේ නැහැ කියලා... අනිකා රටටම හොරෙන් බස් කාරයෝ එක්ක ඩීල්දාලා තවත් සීයට හයක් වැඩිකරලා. මේ සීයට හය ගන්න බස් සමාගම් කාරයින් කොච්චර පගාවක් දුන්නද කියලා හොයන්න ජනාධිපති කොමිසමක් දාමුද සිරිසේන මහත්තයෝ?

:       0       139

Soma dubayi Wednesday, 16 May 2018 04:02 PM

විශිෂ්ඨ ප්‍රකාශයක් රාජිත මැතිඳුනි... ජනතා සහන දෙන යහපාලන වැඩපිළිවෙලේ යෝධ නියමුවෙක් ඔබතුමා...

:       418       26

සනත් ඉතාලිය Wednesday, 16 May 2018 09:49 PM

සෝම කඩේ යනවා කියල ඔහොමත් කඩේ යනවද මේ අය කිවොත් වෙන්නේ එකේ අනිත් එක සෝමේ උදේම පත්තරේ බලන්න එතකොට මේ අයගේ කයිවාරුව අගේට වැටහේවි

:       0       74

GayanThursday, 17 May 2018 02:16 AM

අ යි යෝ..... සෝමේ මේ මොකද උනේ ? ??? අපි කොහෙන්ද මේවට හිනා වෙන්ට ඔනී ????

:       0       25

සිරිසේන Thursday, 17 May 2018 12:30 AM

අයියෝ මං ඔය වගක් දැන ගත්තෙ හිටං පත්තරෙන්.

:       0       9

Dayana Thursday, 17 May 2018 03:44 AM

මේවා විස්වාස කරන්න අපි කොන්ද බැඳපු චින්නුද. වැඩි කරන්න ඉඩ දීලා දැන් කියනවා එහෙම කරන්න දෙන්නේ නැහැලු.

:       0       24

NOEL Thursday, 17 May 2018 05:10 AM

මේ කැබිනට් ප්‍රකාශක කියන හුගක් දේ තාර බර ඇරලා ගන්න ඕන .

:       0       84

Sunil Thursday, 17 May 2018 05:44 AM

කිව්වා වගේම කරලා තියෙන්නේ.

:       0       0

deshani Thursday, 17 May 2018 07:21 AM

කටින්ද කිව්වේ ඇමතිතුමෝ

:       0       0

Bamunuarachchi Thursday, 17 May 2018 09:32 AM

ඔය කියන ඒවා කොලේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වෛද්‍යවරයාගේ නිවස කොල්ල කෑ තෙරපිවරයා අල්ලයි
2025 ජනවාරි මස 15 75 0

පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභර


සිමෙන්ති මිල අඩුවෙයි
2025 ජනවාරි මස 15 303 0

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.


‘ලංකාවේ නව යුගයට උදව් කරන්න සූදානම්‘
2025 ජනවාරි මස 15 379 0

සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප


වෙලේ සුදාට,බිරියට,සහෝදරියට කෝටි 22ක දඩයක්
2025 ජනවාරි මස 15 1136 1

හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම


අධිකරණයේ ’’ආරච්චි’’ ලෙස පෙනී සිට මත් ජාවාරම් කළ කාකාස රිමාන්ඩ්
2025 ජනවාරි මස 15 254 0

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න


ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග දෙකක් කොළඹදී
2025 ජනවාරි මස 15 321 0

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 251 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 557 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site