IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බස් රියෙන් මරුවා එයි

(කේ බුද්ධික කුමාරසිරි )
 
මීගොඩ - දාම්පේ හොරගල මාර්ගයේ දඹුගොල්ලවත්ත පාර අසලදී යතුරුපැදියක් ලංගම බස් රථයකට ඉස්සර කිරීමට ගොස් එක්වරම තිරිංග තද කිරීමේදී ලිස්සා ගොස් මාර්ග හරහා වැටීමෙන් අද (24) සිදු වූ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලට රැගෙන යන අතරතුර දී මිය ගොස් ඇතැයි මීපේ පොලිසිය පවසයි.

මීගොඩ දාම්පේ හොරගල සිට හෝමාගම බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක වැදීමෙන් මෙම අනතුර සිදු වූ බවට සැකකරන බැවින් ලංගම බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ දාම්පේ වෙරලුපාගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි ආර් ජී සුගත් පි‍්‍රයන්ත නැමැති ව්‍යාපාරිකයෙකි.
 


 
 



අදහස් (9)

බස් රියෙන් මරුවා එයි

සාරාසී Tuesday, 24 October 2017 09:13 AM

හරිම දුකයි ..

:       2       3

Sony Tuesday, 24 October 2017 09:34 AM

ත්‍රීරෝද රථ මොටර් සයිකල් මාර්ග නීති පිලිපදින්නෙම නැහැ. රිය අනතුරු වැඩි

:       4       271

naradha Tuesday, 24 October 2017 09:50 AM

මා දැක තිබෙන දෙයක් නම්, බොහෝ යතුරුපැදිකරුවන් හිස් වැස්මේ "බකල්" එකේ නොදා ගමන් කිරීමයි. පළමු පින්තූරයේ පෙනෙන පරිදි මොහු බොහෝ විට මිය ගොස් ඇත්තේ, හිස පාරේ හැපීමෙනි.මීට හේතුව විය හැක්කේ ඔහු හිස් වැස්මේ "බකල්" එකේ නොදා සිටීමෙන්, අනතුර සිදුවූ විට එය ගැලවී විසිවීමයි.

:       0       72

Sana Tuesday, 24 October 2017 10:26 AM

ඔළුව වැදිලත් හෙල්මෙට් එක ලස්සනට තියනවා......ප්‍රමිතිය ගැන මීට වැඩ හිතුවොත් හොඳයි නේද ?

:       55       0

vipula Tuesday, 24 October 2017 10:30 AM

මේ වගේ යතුරු පැදියක තිරිංග වල දෝෂයක් තියෙනවා කියන එකත් පුදුමයි . අවදානම් සහගත ධාවනය මෙයට හේතුව විය හැකි . පොල්ලෙන් ගැහුවා වගේ ඉන්න හැටි

:       2       1

Shanthi Tuesday, 24 October 2017 10:49 AM

බස් රියදුරන් යන්නේ මාර්ග නීති පිළිපදින්නේ නැතිව. ඔවුන් බොහෝවිට දකුණු පැත්තෙන් යනවා. පොලිසිය බලාගෙන ඉන්නවා. මෙවැනි අවාසනාවන්ත මරණ සිදුවන්නේ එම නිසයි. එවැනි වැරදි වලට අධික දඩ මුදල් අය කල යුතුයි. වාර්තා කරගෙන දිගටම සිදුවන්නේ නම් රියදුරු බලපත් අවලංගු කල යුතුයි. පිට රට වල සිදුවන්නේ එයයි.

:       163       129

ඩී. ජයදේව Tuesday, 24 October 2017 12:21 PM

හරිම දුකයි අහිංසක ලංගම බස් රථ රියදුරු මහතා ගැන

:       57       49

sunil Tuesday, 24 October 2017 02:04 PM

යතුරු පැදි භාවිතා කරන තරුණයිනි, නොසැලකිලිමත් අන්දමින් යතුරු පැදි ධාවනයෙන් වලකින්න මේවා පාඩමට අරගෙන. ඔය කැරකෙන රෝද දෙක ඔබගේ ජීවිතය ආරක්ෂා නොකරන බව තේරුම් ගන්න. කොයි මොහොතක හෝ එය ඔබව අනතුරකට පත් කරන බව නිතර මතක තබාගන්න. ගමන් පහසුවට මිල දී ගත් යතුරු පැදිය ඔබගේ ජීවිතට අනතුරක් කිරීමට හැම මොහොතකම ඉඩක් ඇති බව සිතට ගන්න. තමුන්ගේත් අනුන්ගේත් ජීවිත ප්‍රවේසම ගැන නිතරම සිතමින් යතුරු පැදියක් ධාවනය කරන්න.

:       0       61

Chanak Los angeles Tuesday, 24 October 2017 11:56 PM

මොටෝසයිකලය කියන්නේ දත් තිස්දෙක මැද ඇති දිව වගෙයි .. කොයි වෙලාවේදී .......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 193 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 98 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 124 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 490 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 171 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 533 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site