IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


බිහිසුණු පනතක් ගැන ජී.එල් කියයි

(චමිල් රූපසිංහ)

රටට අහිතකර ඉතා බිහිසුණු පනතක් වත්මන් රජය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යන බව බව හිටපු ඇමැති ජී. එල් පීරිස් මහතා මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයේ දී  පැවැසීය.

ඒ මහතා විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මේ බව කීවේය.

එම පනතින් රටේ හමුදා සෙබළකුට හෝ දේශපාලනඥයකුට විදේශිය ආණ්ඩුවක් හෝ විදේශිය රජයක් නියෝජනය කරන ආයතනයක් චෝදනාවක්  කරනු ලබන්නේනම් එය විභාග කිරීම සඳහා  එම රටට අදාළ පුද්ගලයා බාර දිමට සිදුවන බවත් ඉන් පසු ඔහු හෝ ඇය ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් ජී.එල්.පීරිස් මහතා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ මහානාහිමිවරු ඇතුළු මහා සංඝයා දැනුවත් කර මෙම ක්‍රියාව නවත්වා ගත යුතු  බව පෙන්වා දුන් හිටපු ඇමැතිවරයා කියා සිටියේ මෙයින් උද්ගතවන ප්‍රතිඵල ගැන ජනතාවගේ වැටහීමක් නැති බවයි.



අදහස් (9)

බිහිසුණු පනතක් ගැන ජී.එල් කියයි

MOHAN Monday, 03 July 2017 05:50 AM

කරුණාකර මෙම පනත ගැන දැනුවත් කරන්න. මෙම පනතේ නම කුමක්ද? එයට මේ වනවිට රටවල් කීයක් අත්සන් තබා ඇත්ද?

:       12       47

KamalMonday, 03 July 2017 07:23 AM

ලංකාවේ පනත්වලට වෙන රටවලින් අත්සන් කරන්නේ මොකටද?

:       72       8

DILEEPA JAYARUWAN Monday, 03 July 2017 06:20 AM

ලොකු හාමුදුරුවනේ,.. ශාසනයට මහා විනාශයක් වේගෙන යනවා. ඔය ගම්පහ පැත්තෙත් බිස්නස්වලට කියා අල්ලාගෙන සමහරු කුඹුරු ගොඩ කරනවා. මේවා නවත්වන්න. වගුරු බිම්, තෙත් බිම් ගොඩ කරලා රටේ පරිසර පද්ධතිය විකෘති කරන දේවල් සඟ සමාජයට සුදුසු නැත.

:       78       191

රූපසිංහ Monday, 03 July 2017 11:04 AM

අපේ රටේ කුඹුරු ටික තිබෙනතුරු විදේශ රටවල ඇති කෘෂි අහාර වලට අපේ රටේ වෙළද පොළ විවර්ත වෙන්නේ නැති නිසා අපේ කුඹුරු විනාශ කිරීමට ආසනික් පොහොර වලට එකතු කරලා අපේ මේ රත්රන් පොලව නිසරු බිමක් කළා. ඊට ඉහතදී පොලොන්නරුව, අනුරාධපුරය යනාදී පැතිවල ඇති කුඹුරුවලට ජලය ගෙනියන ඇළවල් හෑරීම නිසා කුඹුරු වල රැඳී තිබුණු ජලය ඇලවල් වලට රූටා ගොස් කුඹුරු වල ඇති ජලය හිඟවී කුඹුරු වියලි වී ගියා. ඔන්න දැන් අලුත්ම ප්‍රයෝගය තමයි කුඹුරු ගොඩ කිරීම. අපේ තරුණ ජනතාව මේවා ත්රුම් ගෙන අප රටේ අනාගතය සකසා ගනිත්වා කියා මම ප්‍රාර්ථනා කරමි.

:       1       0

MAHINDA Monday, 03 July 2017 06:31 AM

19 ත් බිහිසුණුයි වගේ නැද්ද?

:       265       6

Hafeel Monday, 03 July 2017 08:27 AM

එතකොට 18 ගේන කොට මේ මහත්තයා කොහේද හිටියේ? ජිනීවා කාර්යාලය අලුත්වැඩියාවට කොටි හිතවාදී ඩයස්පෝරාවට දෙනකොටත් මෙතුමා තමයි විදේශ ඇමති වෙලා හිටියේ..

:       160       54

srimala Monday, 03 July 2017 08:51 AM

“අතුරුදහන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තිය” කියන වචනයෙන්ම පනතේ කාරණාව ඔප්පු වෙනවා නේද? මෙය නියම රණවිරුවන්ට අදාල නෑනේ. අනික ජාත්‍යන්තර ප්‍ර‍ඥප්තියක් කියන්නේ ලෝකේ අනික් රටවලත් අදාල දෙයක් නේද ? මහානාහිමිවරු රවට්ටලා පව් පුරවගන්න එක හොඳ නැහැ. මේ පනත අදාල වෙන්නේ ලෝකේ ඉන්න අපරාධකාරයන්ට... දැන් බය වෙන්නේ ඇයි?

:       3       1

C.K.Lankaputhra Monday, 03 July 2017 09:27 AM

හාමුදුරුවනේ ඒ බිහිසුණු පනත මොකක්දැයි නැවතත් බැලුවා නම් අවසර...

:       0       18

tony-maharagama Monday, 03 July 2017 09:46 AM

එ්කාබද්ධේ කට්ටිය දැන් බෝධිසත්වයන් බවට පත්වෙලා. රටේ ජනතාව මැරිලා ඉපදිලා කියලා හිතෙනවා ඇති... කටේ අගුල් දාගෙන හිටපු බොහෝ අයට දැන් දැන් තමන්ටත් කතා කරන්න පුළුවන් කියලා තේරිලා. ඔය අර අඳින්නේ නම් රටේ හොඳකට නෙමෙයි වාගේ...

:       139       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 19 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 459 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 276 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 605 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 1990 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්
2024 දෙසැම්බර් මස 21 2605 8

හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 25 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 25 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site