IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘භික්ෂුන් වහසේලාගේ නඩු විමසිමට වෙනම අධිකරණයක් ඕනෑ’


 
 
(නිමල කොඩිතුවක්කු)
 
භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසීම සඳහා වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (18) පැවසීය.


ඒ සඳහා ව්‍යවස්ථාවෙන් පවා  ප‍්‍රතිපාදන සකස් වී ඇති බවත්  සඳහන් කරයි.


කොළඹ 7, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේ දී පැවති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබා දී ඇති දඬුවම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකදී  ඔහු මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.


‘‘රටේ භික්ෂුන් වහන්සේලා  සම්බන්ධයෙන් වන යම් යම් කරුණු කාරණා වලදී මහනායක හිමිවරුන්ගේ උපදේශය මත ක‍්‍රියාකළ යුතුයි. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නඩු විමසන්න  වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි.  ඒ සඳහා අපේ ව්‍යවස්ථාවේත් ප‍්‍රතිපාදනයක් තියෙනවා. 


විශේෂ වරදාන බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉල්ලලා නැහැ.  මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා  රාජ්‍ය නීතියට භික්ෂුව යටත් කියලා. හැබැයි මේ භික්ෂුන් වහන්සේලාට නඩු අහන වේගයෙන්ම අනිකුත් අපරාධකරවන්  සම්බන්ධයෙනුත් නඩු අහන්න  ඕනෑ.

රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ නඩුව දහ දොළොස් වතාවක් කල් ගියා.  ඇවන්ගාඩ් නඩුව තාම ඇහුවේ නැහැ. ඇතැම් නඩු අහනවා. ඇතැම් නඩු අහන්නේ නැහැ.

ඥාණසාර  හිමියන් උසාවියට බාධා කිරිමක් හෝ අපහාස කිරිමක් මත නීතිය අනුව යම් යම් ක‍්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් ප‍්‍රකෝටි  ගණන් ජනතා ධනය විනාශ කළ ඇවන්ගාඩ්  වැනි අපරාධකරුවන්ට තාම එක දවසක්වත්  දඬුවම් ලබා දෙන්න අධිකරණය අසමත් වී තියෙනවා.

මේ නිසා  රටේ ජනතාවට පැහැදිලි ප‍්‍රශ්නයක් තියෙනවා. අන්න  ඒ ප‍්‍රශ්නය අධිකරණ ක්ෂේත‍්‍රය මගින් කඩිනමින් විසදිය යුතුයි යැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.



අදහස් (15)

‘භික්ෂුන් වහසේලාගේ නඩු විමසිමට වෙනම අධිකරණයක් ඕනෑ’

Nuwan Monday, 18 June 2018 10:49 AM

ඇයි බැදුම්කර හොරු අල්ලන්නත් ඕනි.

:       153       240

piyaruwan Monday, 18 June 2018 11:05 AM

බොදු බලේ හැදුවේ කව්ද? උන් වහන්සේ හිරේට දාල දැන් දවස් තුන හතරක්. සද්ද නැතුව බල බලා හිටියා කැරකෙන්නේ කොයි පැත්තටද කියලා අදහස් ප්‍රකාශ කරන්න. මේ ජනතාව තවත් රැවටෙනවාද?

:       276       333

රවින් Monday, 18 June 2018 11:43 AM

ආ !!! භික්ෂුන්වහන්සේලා එච්චර වැරදි කරනවද? වෙනම අධිකරණයක් පිහිටුවන්න? සිවිල් නීති කඩකළොත් එම නිතිය යටතේ මිසක් වෙනම නීතියක් යටතේ දඬුවම් කරන්න පුලුවන්ද?

:       2       105

sirimal Monday, 18 June 2018 12:23 PM

එතකොට ඔය ජේ.ආර්. ජයවර්ධන ලබාදුන්න කොළඹ හතේ කෝටි ගණනක් වටිනා ඉඩමක ගෙයක් හදාගෙන ඉන්න ගමන් බුදු බණ වෙනුවට දේශපාලන කතා වදාරන භික්ෂුන් වහන්සේලාට මොකද කරන්නේ?

:       1       69

Banda Monday, 18 June 2018 02:00 PM

මේක විතරයි ලංකාවට අඩුවෙලා තියෙන්නේ...

:       12       24

BamunuarachchiMonday, 18 June 2018 05:10 PM

නමින් බණ්ඩා වුණාට ලකාවේ නොවෙයිද කොහෙද?

:       23       41

Banda Monday, 18 June 2018 06:13 PM

අනේ මහත්තයෝ ඔයගොල්ලෝ වාගේ අය හින්දා තමයි අපේ රට ප්‍රපාතයට යන්නේ. මම නුවර තෙල්දෙණියේ.

:       0       0

dayananda haputhanthri Monday, 18 June 2018 02:24 PM

කිසිසේත් අවශ්‍ය නැහැ. ස්වාමින්වහන්සේලා යනුද මේ සමාජයේම කොටසක්. රටේ නීතිය හැමටම පොදු බවට ඉන් හානිවෙනවා. ආගමික සහජීවනයට එය බාදාවක්.

:       23       131

sarath hettiarachchi Monday, 18 June 2018 05:35 PM

පිටට නොපෙණුනාට ඕකෙත් පාතාලයක් තියෙනවා. දැනටමත් ප්‍රමාදයි. ගමක් ගානෙම උසාවි හදන්න වෙයි... ඒ තරමටම නඩු..

:       208       95

සමන් Tuesday, 19 June 2018 12:05 AM

අධිකරණ කුමය ඇතුළේ තියෙන ප්‍රශ්නය විසඳන්න ඕන පාර්ලිමේන්තුව. ඒකට තමයි යහපාලන ආණ්ඩුව කියල එකකට මිනිස්සු ඡන්දය දුන්නෙ. කථා පවත්වන්න නෙවේ මහත්තයො. කාටත් එක නීතිය නම් වෙනම අධිකරණ සංකල්පය ලකුණු දාගන්න කරන මෝඩ කථාවක්

:       0       0

Roshan Tuesday, 19 June 2018 04:00 AM

ඇයි හොඳ නැද්ද දොස්තරවරුන්ට සහ ඉංජිනේරුවන්ට වෙනම උසාවි දැම්මොත්?

:       0       1

Bamunuarachchi Tuesday, 19 June 2018 04:33 AM

ඇමතිගේ කතාව සකතික ඇත්ත . අපට තිබෙන කොහෙන්වත් ආව රෝම ලන්දේසි නීතියක්. මේ නීති රටේ සංස්කෘතිය ශිෂ්ඨාචාරය පදනම් කොරගෙන හැදුන ඒවා නොවෙයි. මුස්ලිම් රටවල හා ක්‍රිස්තියානි රටවල නීති පිටුපසින් ආගම සංස්කෘතිය තිබෙනවා. මේ නීතියේම හැදුන නිසා අපේ මිනිසුන්ට වෙනස තේරුම් ගන්න බැහැ.

:       0       1

Chamith Tuesday, 19 June 2018 05:28 AM

වෙනම අධිකරණයක් පිහිටුවන්න ඕනේ නැහැ... තියන ටික කාර්යක්ෂම කරන්න.

:       0       0

Bamunuarachchi Tuesday, 19 June 2018 05:48 AM

ආගමික සහජීවනය කියන්නේ මොකක්ද අනේ පොඩ්ඩක් කියන්නකෝ.

:       0       0

Bamunuarachchi Tuesday, 19 June 2018 06:22 PM

ඔබ ඔය කියන්නේ සංගාධිකාරණයක් ගැනද? ඉංග්‍රීසි පාලනයේදී එහෙම අධිකරණයක් පිහිටෙව්වා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 88 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 619 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 177 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 186 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 724 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 243 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site