IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මාගම්පුර වරායේ චීන ධජය එසවීම ගැන ගම්මන්පිල විමසයි

(විනීතා එම්.ගමගේ)

මාගම්පුර  වාරායේ චීන ජාතික ධජය එසවීමේ අරුත එම වරාය චීනයට පවරා දීමක් දැයි සැක ඇතිවන බව පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

යම් භූමියක් අයත්වන්නේ කුමන රටකටද යන්න සඳහන් කරන කාරණයක් ලෙසත් එහි ක‍්‍රියාත්මක වන නීතිය අදාලවන රට කුමක් ද යන්නත් ඔසවන ලද ධජයෙන් පෙන්වන බැවින් මාගම්පුර වරායේ චීන ධජය එසවීමෙන් පෙන්වන්නේ එහි චීන නීතිය ක‍්‍රියාත්මක වන බව දැයි හෙතෙම ප‍්‍රශ්න කළේය.

‘‘ ශ්‍රී ලංකා භූමියේ එසවිය හැකි එකම ජාතික ධජය ශ‍්‍රී ලංකා ජාතික කොඩිය පමණයි. ඒ හැරුනු විට තානාපති කාර්යාලවලට එම කාර්යාල භූමියේ අදාල රටේ ධජය එසවිය හැකියි. එහෙමනම්  චීන ජාතික ධජය එසවිය හැක්කේ එරට තානාපති කාර්යාල භූමියේ පමණයි. එහි අදහස එම භූමියේ ක‍්‍රීයාත්මක වන්නේ අදාල කොඩිය හිමි රටේ  නීතිය බවයි‘‘ යැයි ද මන්ත‍්‍රීවරයා කීය.

මන්ත‍්‍රීවරයා මේ අදහස්  පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ අද (03) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (29)

මාගම්පුර වරායේ චීන ධජය එසවීම ගැන ගම්මන්පිල විමසයි

Ruwan Wednesday, 03 January 2018 10:26 AM

ඔබට ලංකාවේ ධජය ඔසවා තිබෙනු නොපෙනීම ගැන අප කණගාටු නොවෙමි. සියලු දෙයකම වැරදි සොයන ඔබවැනි වෙනස් වීමට නොකැමැති පිරිස් කාලය විසින් සමාජයෙන් අතුගා දමනු ඇත.

:       1325       1466

dahamWednesday, 03 January 2018 10:48 AM

කණගාටුයි ඔබට එතුමා කියලා තියෙන දේ නිසි අයුරින් වටහා ගැනීමට නොහැකි වීම ගැන. නැවතත් කියවා බලන්න. අතුගෑම කොහොම වුණත් වැඩිම මනාප ගන්න එක්කෙනෙක් බව එතුමා හැම මැතිවරණයකදීම ඔප්පු කරලා තියෙනවා.

:       811       539

asad Wednesday, 03 January 2018 01:05 PM

දහම් ගේ වීරයෝ තමයි මහින්ද, ගම්මන්පිල, වීරවංස, රත්තරන්, අලුත්ගමගේ, පිල්ලෙයාන්, කරුණා... එහෙම නේද?

:       196       410

MuhanThursday, 04 January 2018 02:59 AM

රටවල් දෙකේ ඒකාබද්ධ ව්‍යාපාරයක් නිසා රටවල් දෙකේම කොඩි මෙතන ඔසවා තිබෙනවා . රාජපක්ෂ යුගයේදී කොළඹ වරාය දකුණු පරයන්තයද මේ ආකාරයටම චීනය සමග ඒකාබද්ද ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනවා . එහිදීද රාජපක්ෂ යුගයේ සිට රටවල් දෙකේම කොඩි ඔසවා තිබෙනවා. මෙම කරුණු වසන්කොට ජනතා නොමගේ යැවීමට හොර නඩේ එකෙක් කල් ප්‍රකාශයට ඔබ රැවටීම ගැන කණගාටුයි.

:       0       150

නුවන්Wednesday, 03 January 2018 11:15 AM

මෙතෙක් කාලයක් අනිත් කොඩි වලට වඩා ඉහලින් ලෙල දුන්න ජාතික කොඩිය අද එතනින් පහලට වැටිල. ඒ ගැන ගානක්වත් නැති, රටක ජාතියක අභිමානය ගැන කතා කරන්න භය, පිරිසක් පාලනය කරන රටක් බවට පත් වෙලා තියෙන්නෙ අපේ රට. ඉතින් අපිට මේවට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?????

:       523       477

DarshanaWednesday, 03 January 2018 11:21 AM

එතකොට, චීන ධජය එසවීම හොද යයි, කියාද ඔබ කියන්නේ. ?

:       42       52

සමන්Wednesday, 03 January 2018 12:50 PM

මේ මිනිසුන් සත්‍ය දනී. නමුත් මේ කතා කරන්නේ මෙහි කමෙන්ට් දමා ඇති ගෙමැඩියන්ටයි. ආයෝජන කලාපයට ඇවිත් බලන්න. ඕනෑම ආයතනයක ඉදිරියේ අප ජාතික කොඩිය මෙන්ම අදාල රටේ කොඩියද ඔසවා ඇත. මොහු සාමාන්‍යයන් ගැලරියට අමතන නියම දේශපාලකයෙකි..

:       1       257

Ajith NissankaWednesday, 03 January 2018 04:30 PM

මාගම්පුර වරායේ නොව මුළු රටේම ගහන්න වෙන කාලය වැඩි ඈතක නොවේ කියල තේරුම් ගන්න! ඔයා ඔයාගේ ගෙදර කාට හරි උගස් කරලා ඒ සල්ලි වලින් හොදට පාටි දාල බලන්නකෝ ගෙදරට වෙන වැඩේ ටික කාලෙකින්! රටක් කියල වෙනසක් නැහැ!

:       94       50

ආරියසිංහ Wednesday, 03 January 2018 10:49 AM

සියලුම තානාපති කාර්යාල, චීන, කොරියා වැඩබිම් වල එම රටවල කොඩි එසවීම වහා තහනම් කරන්න.

:       6       44

Manoj Wednesday, 03 January 2018 10:50 AM

ටිකක් එහාට වෙන්න කුරහන් සාටකයත් තිබ්බා. එ්ක දැක්කේ නැද්ද මහත්තයෝ...

:       116       241

Nimal Wednesday, 03 January 2018 11:03 AM

රුවන්, ජාතික හැඟීම නැති, ඩොලර්වලට කෑදර, ඔබ වැනි අය සැබෑ ශ්‍රී ලාංකිකයෝ නොවේ. මේ පුවත දකින විට මගේ සිතේ එක්වරම කලකිරීමක් හා දුකක් ඇතිවිය. රටේ සම්පත් මෙලෙස කුණු කොල්ලයට විකිණීම තරයේ හෙළා දකිමු.

:       169       18

Anuradha Wednesday, 03 January 2018 11:12 AM

ඒ දවස් වලත් ඕකම තමයි නේද වුනේ. එතකොට කොහෙද දන්නේ නෑ ඔයා හිටියේ

:       231       490

Amare Wednesday, 03 January 2018 11:13 AM

මෙතුමා බලන්නෙම අර සමහර පාටවල් පෙනේනේ නැති කන්නාඩි දාගෙන ...

:       113       223

rohan perera Wednesday, 03 January 2018 11:25 AM

කොළොඹ වරාය නගරය විවෘත කරනකොට මහින්දගේ කාලේ ලංකාවේ කොඩිය තිබ්බේ නැ. තිබුනේ චීන කොඩිය විතරයි. එම කාලේ හිටියේ සුවසිලන්තේ ද

:       181       719

rohanWednesday, 03 January 2018 03:26 PM

නැහැ නැහැ .. ඒ කාලේ මම රජතුමාගේ ඔඩොක්කුවේ...

:       4       217

BamunuarachchiThursday, 04 January 2018 07:32 AM

කොළඹ හමුදා මුලස්ථාන ඉඩම සින්නක්කර විකුණන කොට වරාය ඉඩම සින්නක්කර විකුණන කොට මේ මහත්තයා කොහෙද දන්නේ නෑ හිටියේ? ඒගොල්ලෝ හිට්යේ ලංකාවේ. මොකක්ද ප්‍රශ්නය? කොළඹ හමුදා මුලස්ථානයක් කර ගත්තේ 1940 ගණන්වල යුද්දකාලේ එක කලෙත් අපි නොවෙයි සුද්දෝ. එය කලයුතුම නිසා.හමුදා මුලස්ථානය තිබුණ කාලේ, දැන් මහබැංකුව තිබෙන තැන හමුදා නිලධාරීන්ගේ ගෙවල් තිබුන කාලේ ඔබ කොළඹ දැක තිබෙනවාද? දැන් ලෝකේ අගනුවර වල, ලන්ඩන්, නිව්යෝක්, පීකින්, දිල්ලි වල යද හමුදා මූලස්ථාන තිබෙනවාද? දැන් ප්‍රදාන නගරවල පිහිටා තිබෙන්නේ තරු 5 හෝටල් මිසක් හමුදා මුලස්ඨාන නොවෙයි. ඉතින් ලංකාවට එය වලංගු නැද්ද? ලෝක ප්‍රකට හෝටලයකට අක්කර කීපයක ඒ ඉඩම දුන්නේ එනිසා. . පරණ හණමිටි බිමින් තියන්න. වරාය නගරය ගැන ඔබ මොනවා කීවත් රනිල් කියනවා ආසියාවේ ආර්ථික කේන්දර ස්ථානය වරාය නගරය කරනවා කියලා.

:       0       0

kumara Wednesday, 03 January 2018 11:52 AM

ඔබතුමා තරම් ජාත්‍යාලයක් ඇති අයෙක් ලෝක ඉතිහාසයේවත් ඉඳලා නැතිව ඇති..

:       1       130

Indunil Wednesday, 03 January 2018 01:27 PM

පුළුවන් තරම් ණය අරන් රට කාලා දැන් කොඩියක් දැම්මා කියලා කියනවා විතරයි.

:       0       124

BamunuarachchiThursday, 04 January 2018 01:08 PM

යුද්දෙත් කරන ගමන් ණයට අරන් කන්න දුන්නේ නැතිනම් ඒ දවස්වල කන්නේ තණකොළ

:       0       0

Niran Wednesday, 03 January 2018 02:19 PM

අනේ නිකන් යන්න විකාර කථා නොකියා...

:       1       115

rohan Wednesday, 03 January 2018 03:19 PM

ඒ දවස් වලත් ඕකම තමයි නේද වුනේ..?

:       1       114

ranjith Wednesday, 03 January 2018 03:40 PM

මේ අයම තමයි චීන්නු ගෙන්න ගත්තෙත්...

:       1       164

කරුණාපාල Wednesday, 03 January 2018 03:53 PM

ඔය කොඩියේ සිංහයා වෙනුවට වෙන සතෙක් හිටියා නම් තමයි මේ රටේ ඉන්න බහුතරයකට කොඩිය ගැන අයිතිවාසිකම් කියන්න අයිතියක් තියෙන්නේ. රටේ ඉන්න පාලකයෝ කල කෙරුම් දැකලා, කොඩියේ හිටපු සිංහයාත්, සිංහ වෙස් ගත්තු සත්වයෙක් කොඩිය මත තියලා මාරුවෙලා කියලා තමයි අපිට නම් හිතෙන්නේ.

:       2       2

siri Wednesday, 03 January 2018 05:16 PM

කොළඹ හමුදා මුලස්ථාන ඉඩම සින්නක්කර විකුණන කොට වරාය ඉඩම සින්නක්කර විකුණන කොට මේ මහත්තයා කොහෙද දන්නේ නෑ හිටියේ?

:       63       283

Rohitha perera Wednesday, 03 January 2018 08:40 PM

කව්රු මොනවා කිව්වට් තමන්ගේ රටේ තමන්ට අනන්‍යවයක් තියෙන්න ඕනේ. ලංකාවේ කොඩිය තිබුන තැනින් චුට්ටක් හරි පහලට හෙලීම ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුයි.

:       0       0

Vichi Wednesday, 03 January 2018 09:01 PM

ගම්මන්පිලගේ අදහස ලොජිකල්. ඔහු යම් පොයින්ට් එකක් ඉදිරිපත් කරනවා. ඒකට පිළිතුරු නොදී අපේ අය මේකේ කොමෙන්ට් කරනවා. මිනිසුනේ විශ්ලේෂණය කියන වචනය අහලවත් නැද්ද?

:       0       0

maraya Thursday, 04 January 2018 03:07 AM

ගොඩක් අයට මේක දේශපාලන පක්ෂ ප්‍රශ්නයක් වෙලා. මේක ජාතියේ ප්‍රශ්නයක්, අපේ රටේදී වත් අපේ කොඩියට ලැබෙන තැන. අපේ රටේ කොඩියක් වෙන රටක දාන්න ගියොත් අවසර තියෙන්නේ තානාපති කාර්යාලයේ විතරයි. එකත්, ඒ රටේ කොඩියට පහලින්, අපේ රටේ කොඩිය උස්සනවානම් අනිවාර්යෙන්, ඒ රටේ කොඩියත් මුලින්ම උස්සන්න ඕන. යකෝ මේවා දන්නේ නැති එවුන් කොහොමද රටක් කරන්නේ.

:       103       0

jiffri Thursday, 04 January 2018 05:30 AM

ඕනෑම රටක ඒකාබද්ධව යමක් කරනවිට රටවල් දෙකේම ජාතික කොඩිය තියනවා. තවද ඕනෑම රාජ්‍ය නායකයෙක් තවත් රටකට යනවිටත් ඒ රටවල් දෙකේම ජාතික කොඩිය ඔසවනවා. අනික අපි හැමෝම වැඩිපුර ක්‍රිකට් තරඟ සජීවීව නරඹනවා. ක්‍රීඩා කරන රටවල් දෙකේම ජාතික කොඩිය එම ක්‍රීඩාංගණයේ ඔසවනවා.

:       0       0

Nuwan Thursday, 04 January 2018 07:26 AM

මොන ධජේ හරි කමක් නෑ ඔසවලා මේ රට වැටිලා තියන ණය ප්‍රපාතෙන් ගොඩගන්න ඕන. නිකන් ධජ කරේ තියන් හිටියට කන්නේ ණයටනම් වැඩක් තියේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 0 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 47 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 149 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 714 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2580 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 734 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site