IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මගුල් ගෙදරට මස් සොයා ගැබ්බර මුවදෙනක මරයි

(රෝවන් පෙරේරා,ජයරත්න වික්‍රමරාච්ච්)
 
මංගල උත්සවයක් සඳහා අවශ්‍ය මස් සපයා ගැනීමට තබ්බෝව අභය භූමියේ දඩයමේ ගොස් ගැබ්බර මුව දෙනක් වෙඩි තබා ඝාතනය කර නවීන පන්නයේ යතුරු පැදියකින් තබ්බෝව වැව් පිටියෙන් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අද (12) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජිවී නිලධාරින් පවසයි.

මොවුන්  අවුරුදු 20-25 අතර පසුවන තබ්බෝව ප්‍රදේශයේ  පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් සතුව තිබියදී බලපත්‍ර රහිත ගිනි අවියක් , විදුලි පන්දමක්, ජීව පතුරම්, හිස් කොපු 3 ක් නවීන පන්නයේ යතුරුපැදියක් ජංගම දුරකථන දෙකක් වනජීවී නිලධාරීන් බාරයට ගෙන තිබේ.




අදහස් (29)

මගුල් ගෙදරට මස් සොයා ගැබ්බර මුවදෙනක මරයි

ranjith Friday, 12 January 2018 05:42 AM

මුන්ටනම් හෙන ගෙහුවත් මදි කාලකන්නි මිනිස්සු

:       4       305

rizwan Friday, 12 January 2018 05:46 AM

මේ දේ කරපු පව අනිවාර්යෙන්ම පලදෙනවාමයි........... ලෝක ධර්මතාවයට අනුව හරි දුකයි මේ මුව අම්මව දැක්කහම‍..............

:       31       462

දසනායක Friday, 12 January 2018 06:53 AM

පොලිසිය මොනවත් දන්නෙ නැහැ... වනජීවී එකයි වැටලීම කලේ. සියල්ල වනජීවී බාරයේ තිබෙන්නේ. පොලිසියට නම් නිකම් ලකුණු...

:       1       74

Raja Friday, 12 January 2018 07:06 AM

මෙම අකුසලයට දායක වූ සැමට දින හතක් තුළ විපාක ලැබේවි... මිනිසුනි, අහිංසක සතුන් මරාගෙන කන්නේ ඇයි?

:       45       35

wasantha Friday, 12 January 2018 07:40 AM

මොවුන්ට දැඩි දඬුවම් අවශ්‍යයි.

:       73       57

ලුම්බිණි Friday, 12 January 2018 07:40 AM

අභය භූමියක ඉන්න සතෙකුටවත් ඉඩක් නොදෙන මෙවැනි අයට කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි.

:       0       154

banda Friday, 12 January 2018 08:15 AM

මේ කාලකන්නි 3 දෙනාට දෙන දඬුවම මොකක්ද?

:       0       58

Lalithsjm Friday, 12 January 2018 08:18 AM

ධර්මයෙන් පිරිහුණු කාලකන්නි රටක්...

:       0       189

පහන් Friday, 12 January 2018 08:32 AM

අන්තිම සතාවත් මරාගෙන කාලා. අන්තිම ගහත් කපපල්ලා. ලෝකයේම ජනගහනය පාලනය කලයුතුයි. සම්පත් පරිභෝජනය වැඩියි. අර අහවල් ජාතිය වගේ ළමයි හදන හින්දා අනිත් ජාතිනුත් ඒ රැල්ලට එක් වෙලා. ඒ ජාතිය පාලනය කරන්න ඕනේ.

:       545       738

BuddyFriday, 12 January 2018 10:18 AM

ඇත්ත පහන්. නැත්නම් රටට ඉතාම විනාශයක් වෙන්නේ. කොච්චර යටිතල පහසුකම් වැඩිකලත් වැඩක් නෑ. දිගටම ජනගහනය වැඩි වෙනවා නම්. තවකෙනෙකු අභිබවා අනිකා යාමට උත්සහ කිරීමෙන් අවසානයේ මිනිස්සුන්ටත්, සත්තුන්ටත් ජීවත් වීමට නුසුදුසු රටක් ඇති වේවි. දැනුවත් කිරීම් හෝ නීති තුළින් ජනගහනය පාලනය විය යුතුමයි. අපි දැනටම ලෝකයේ ජන ඝනත්වය අධික රටවල් 40න් එකක්... මිනිසා සහ ස්වභාවධර්මයේ අනෙක් කොටස් සමතුලිතව වාසය කරන රටක්... මිනිසුන් අධික ජීවන තත්වය අඩු රටක් නොව ජීවන තත්වය ඉහළ ප්‍රමාණවත් මිනිසුන් සහිත රටක්...

:       0       69

Riyal Dubai Friday, 12 January 2018 10:30 AM

මරලා තියෙන්නේ මුස්ලිම් මගුල් ගෙදරකට කියලා නැහැනේ.. හැමදේටම ආගම ගාවගෙන ජාතීන් අතර විරසක ඇතිවෙනවා. කවුරු කළත් වැරැද්ද, වැරැද්ද විදිහට දකින්න. ඒකයි නියම මිනිස් ගුණය.

:       208       360

pahan Friday, 12 January 2018 11:09 AM

ඔයාලගේ කට්ටියනේ දුසිම් ගණන් ළමයි හදාගෙන පහර දෙන්නේ.. ඇත්ත කියනකොට ඉත්තෑවෝ දුවනවා නේද?

:       225       192

Sathyayaa Saturday, 13 January 2018 07:23 AM

රියාල්! පහන් කිව්වේ නැහැනේ ඒ ජාතිය මුස්ලිම් කියලා... ඔබට තොප්පිය හරියටම ගැලපෙන නිසා දාගත්තට පහන් පළි නැහැ. අපේ රටේ අපට ඇත්ත කියන්නත් තහනම්ද?

:       1       0

maaraya Friday, 12 January 2018 08:37 AM

රජයේ නොහැකියාවේ තවත් එක් පැතිකඩක්...

:       151       69

kapFriday, 12 January 2018 10:50 AM

හැම දේම ආණ්ඩුවෙන් දෙනකම් බලන් ඉන්න කෙනෙක්..

:       0       34

Ruwan Friday, 12 January 2018 09:04 AM

අනේ පව් අහිංසක සතා...

:       0       35

Thusha Friday, 12 January 2018 09:16 AM

අසරණ මුව අම්මාගේ, පින්තුරය පල නොකළොත් හොඳයි කියා සිතෙනවා. සංවේදී සිතක් තිබෙන අයට, අමාරුයි මෙවැනි දසුන් බැලීමට....

:       2       17

NalakaFriday, 12 January 2018 10:12 AM

88-89 වකවානුවේ හමුදාව සහ අතුරු හමුදා විසින් 60,000ක් අමු අමුවේ මරා මහමග පුළුස්සා දැමුණු රටක, උතුරේ යුද්ධය අවසාන දින කිහිපයේ 10,000 වැසියන් මරා දැමුණු රටක, ඒ මරා දැමීම වෙනුවෙන් දන්සැල් දමා ප්‍රීතිවූ රටක සංවේදී සිත් කොහිද?

:       409       534

pahanFriday, 12 January 2018 11:13 AM

නාලක එතකොට ප්‍රභාකරන් මරපු සොල්දාදුවෝ 27000 සහ ලක්ෂ ගණනක් සිවිල් වැසියන් ගැන කණගාටුවක් ඔයාට නැද්ද? ඔබ කොච්චර ධාර්මික වුණත් මේ අය එක්ක ඔබට එකට ඉන්න පුළුවන්ද? අනික ඔබ කොහොමද කියන්නේ ධාර්මික සිතිවිලි තියන අය නැහැ කියලා. ඔබ කියන විදිහට ආර්ය මාර්ගයේ යන අය පවා මෙහෙම කරලා තියනවා. කොයි ඉස්කෝලෙටද ගියේ? මාර ලොජික්නේ තියෙන්නේ?

:       2       107

BamunuarachchiFriday, 12 January 2018 12:13 PM

ඒ මැරුවේ අහිංසකයින් මැරූ මිනීමරුවන්ව... එ්කට අපේ සංවේදී සිත් දුක්වන්නේ නැත. නමුත් මේ ගැබ්බර අහිංසක සතා මැරූ අයටත් 88-89 දඬුවමම දිය යුතුය. එකඟද?

:       0       90

Chandima Friday, 12 January 2018 09:20 AM

මෙහෙම සතෙක්ව මරාගෙන කාල ගන්න දේ යා දෙනවද? මුව මස් ඕනෑ කියල ඇණවුම් කලේ මනමාලයද මනමාලියද? මේ දෙන්නටම මේක නම් මහම සාපයක් වෙනවා. නිරෝගී දරුඵල නම් හිතන්නවත් එපා. අනේ කිසිවෙකුටවත් හිංසාවක් නොකළ අහිංසකාවිය ඔබට මේ මිනිස් වෙස් ගත් පාපතරයන් ගෙන් මිදී හොඳ තැනක උසස් භාවයක් ලැබේවා.!!!

:       0       137

nirosha Friday, 12 January 2018 10:18 AM

සැකකාරයන්ගේ පින්තූර ටිකත් දැම්මා නම් අපිට බලාගන්න..

:       0       79

කුමාර් (ගල්ෆ්) Friday, 12 January 2018 11:20 AM

ඔය පව් ගැන, අවිහිංසාව ගැන කතාකරන උපාසක මහත්වරු ගම් පැතිවලට සංචාරවලට ගියාම හෝටල් වලින් අහන්නේ කෑමට දඩමස් එහෙම නැද්ද කියලයි !

:       0       46

jantha anura Friday, 12 January 2018 01:15 PM

ඔහේ පලයන්... ඇත්ත තමා මටත් මතක නැති වුණා. මෙතැනදී අපි අහන්නේ නැහැ සතා ගැබ්බරද නැද්ද කියලා? අාරංන්චියේ හැටියට මේ මුවදෙන මරා ඇත්තේ බලවතකුට සංග්‍රහ කරන්න...

:       0       1

Sampath Friday, 12 January 2018 01:14 PM

එයාලට දඩමස් කියලා ලැබෙන්නේ වෙන දේවල්... කොහොම වුණත් අවුරුදු 10කටවත් හිරේ දාන්න ඕනේ.. තුරුලතා හා වන සම්පත් පනත තවත් ශක්තිමත් කරන්න ඕනේ..

:       0       1

dambane Friday, 12 January 2018 01:16 PM

මෙතන ඉන්නවද මස් මාලු නොකාපු කෙනෙක් කියලා හිටන්...

:       0       13

leel Friday, 12 January 2018 04:42 PM

වන ජීවින් මරාදමන අයට මිට වඩා දැඩි දඩුවම් දිය යුතුයි. නිතරම දුර්ලබ ගනයේ සතුන් ඝාතනය කරනවා වගකිව යුත්තන් අපරාදයක් වුනාට පස්සේ ගිහින් අල්ලනවා ඇති වැඩක්ද එය.

:       0       0

බද්රානි Tuesday, 16 January 2018 10:21 AM

තව ටික දවසකින් ලංකාවේ මිනිසුන් එකිනෙකා මරාගෙන ආහාරයට ගන්නවා කියලා ප්‍රවෘත්තියක් පල උනොත් මම නම් පුදුම වෙන්නේ නැහැ. මේක ඒ තරමටම මනුස්සකම් වලින් පිරිහුණු මිලේච්ජ මිනිස්සු බහුතරයක් ඉන්න රටක්. හැබැයි ඉතින් කතා කරද්දී නම් හැමෝම බෝධි සත්වයෝ. බුදුන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ, මහම්මත් තුමාටත්, ධර්මය උගන්වයි මේ ඉන්න අය

:       0       0

PA - RA Wednesday, 17 January 2018 03:25 AM

එතකොට මෙය දුටු වහාම එම මස් කුණු වෙන්න අරිනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 5524 17

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1951 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1697 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3123 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3705 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2695 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site