IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මැතිසබයේ කටයුතු වලට බාධා කළ මන්ත්‍රීවරු ගැන විනය පියවර ගන්න

සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී

පාර්ලිමේන්තුවේ කටයුතු වලට බාධා කරමින් මැතිසබයේ නොහික්මුණු ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්නැයි ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (04) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. අජිත් පී.පෙරේරා මහතා එම වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් මෙසේද කීය.

‘‘විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ මේ සභාවේ කතානායකවරයාට බැන තර්ජනය කරමින්  නොහික්මුණු ලෙස හැසිරුණා.මේ නිසා සභාවේ කටයුතු අත්හිටුවීමට සිදුවීමෙන් දස ලක්ෂ ගණනක මුදලක් රටට අහිමි වුණා.ස්ථාවර නියෝග වලට පටහැනිව කළ මේ ක්‍රියාව නිසා මේ සභාවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වරප්‍රසාද උල්ලංඝනය වුණා.

මෙය බරපතළ තත්ත්වයක්. මේ නිසා  වහාම වරප්‍රසාද කමිටුව කැඳවා  සාක්ෂි විමසා  අදාළ මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරනවා.අද සමහර මන්ත්‍රීවරුන් බියක් නැතුව මේ ආකාරයට හැසිරෙනවා යැයිද අජිත් පී.පෙරේරා මහතා කීය.‘‘



අදහස් (5)

මැතිසබයේ කටයුතු වලට බාධා කළ මන්ත්‍රීවරු ගැන විනය පියවර ගන්න

aravinda Wednesday, 04 July 2018 02:39 PM

මෙවැනි අවස්ථාවකවත් කතානායකවරයා විනය ක්‍රියා මාර්ග ගනිතැයි සිතමි.

:       70       35

victor Wednesday, 04 July 2018 04:39 PM

එතකොට විජයකලා මහේෂ්වරන්ට විනය පරීක්ෂණයක් ඕනේ නැත්ද ?

:       4       147

Sujeeva Wednesday, 04 July 2018 05:47 PM

පාර්ලිමේන්තුවෙන් දිනපතාම සත්වෝද්‍යානයක් වගේ. හැමෝම කෑගහලා සටන් කරනවා. පළමුවෙන්ම ත්‍රස්තවාදය අවුලුවාලූ කාන්තාවට එරෙහිව පියවර ගන්න. ඊට පස්සේ අනිත් අයට විරුද්ධව කටයුතු කරන්න.

:       1       29

kalani Thursday, 05 July 2018 12:48 AM

මෙවැනි හැසිරීම් ඔවුන් මහජන නියෝජිතයින් ලෙස තෝරා යැවූ ඡන්දදායකයින්ද මෝඩයන් වීමක් ලෙස අවමන් ලැබීමට පහසු කරවන්නක් වුවද , ඔහුගේ බුද්ධිමය කිර්තිය අහිමි වෙතයි සිතා මොවුන්ට දඩුවම් නොකළ යුතු නැත. උත්තරීතර ආයතනයක මේ හැසිරීම රටම අපහසුවකට පත් කරවයි. මහජන නියෝජිතයින් නවීන අදහස්වලින් යුත් උණුසුම් ආදරණිය මිනිසුන් විය යුතුය.

:       0       0

upul Thursday, 05 July 2018 04:41 AM

රටකට කොන්ද පන ඇති ස්වාධින ජනපති කෙනෙක් ස්වාධින අගමැතිකෙනෙක් හා පාර්ලිමෙන්තුවට කොන්ද පන ඇති ස්වාධින කතානායකයෙක් සිටිනවනමි ඔවුන් ඝෘජු තිරණ ගන්නවා. නැති එකයි ප්‍රශ්නය............

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 627 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 512 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 129 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1757 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site