(සුජිත් හේවාජුලිගේ)
මැතිසබයේ සවි කර ඇති ඡන්දය ගණනය කරන ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂ සහ අඩුපාඩු කිහිපයක් එම පද්ධතිය පරීක්ෂා කළ තාක්ෂණික විශේෂඥයන් සහ ඉංජිනේරුවන් සොයාගෙන ඇත .
මේ අනුව එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය වැඩිදියුණු කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමු වී ඇත
. මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතිය පසුගිය දිනවල පරීක්ෂාවට ලක් කළ තාක්ෂණික විශේෂඥයන් සහ ඉංජිනේරුවන් කණ්ඩායමක් එහි පවතින අඩුපාඩු රැසක් හඳුනාගෙන ඒවා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පෙන්වා දී ඇත . එම පද්ධතිය වැඩිදියුණු කිරීමට අවධානය යොමු වී ඇත්තේ ඒ අනුවය .
මැතිසබයේ ඡන්දය විමසන අවස්ථාවන්හිදී මන්ත්‍රීවරුන් 225 දෙනාම ඡන්දය ප්‍රකාශය කළ ආකාරය දැක්වෙන සම්පූර්ණ නාම ලේඛනය එකවර ප්‍රදර්ශනය කළ යුතු බවටත් ඡන්ද විමසීමට සහභාගි නොවන මන්ත්‍රීවරුන්ගේ නම්ද නොපැමිණි අය සේ සටහන්ව ඊට ඇතුළත් කළ යුතු බවටත් එම තාක්ෂණික විශේෂඥයන් හා ඉංජිනේරුවන් පෙන්වා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .
තාක්ෂණික විශේෂඥයන් හා ඉංජිනේරුවන් කණ්ඩායම මැතිසබයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය පරීක්ෂාවට ලක් කළේ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී සිදුවී ඇති දෝෂය කුමක්දැයි හඳුනාගැනීම සඳහාය .
එම පරීක්ෂණ කණ්ඩායම මේ සම්බන්ධයෙන්වූ වාර්තාව කතානායකවරයාට ඉදිරි දිනවල බාරදීමට නියමිතය.
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මැතිසබයේ ඡන්ද මැසිමේ දෝෂ හෙළිවෙයි
Shalika maduranga Tuesday, 25 May 2021 12:18 PM
ඉක්මණින් එකක් ගන්න වෙයි, නැත්නම් රට කරගෙන යන්න බැරිවෙයි.
Nuwan Tuesday, 25 May 2021 12:43 PM
රට කරවන තැන මැෂිම අවුල් නම් රට වටේ වාර්තාවන කොරෝනා ලෙඩ්ඩුන්ගේ ගණන් එහෙමත් ලොකු අවුලක් ඇති නේද හාමුදුරුවනේ...?
Buddhika Tuesday, 25 May 2021 01:20 PM
අනේ කොහෙන් හරි ණයට සල්ලි ටිකක් ඉල්ලගෙන හරි කමක් නැහැ. අලුත් එකක් ගේන්න.. නාමල් රාජපක්ෂ කොල්ලෝ අලුත් එකක් බලන්න.. මීට බාප්පා..
උපාලි Tuesday, 25 May 2021 01:33 PM
ඔය 225 ගනන් කරන්න මැෂින් ඕනෑද, අඩුපාඩු හොයන්න විශේෂඥයින් ඕනෑද? අනේ අපේ සල්ලි...!!!
චමිලාWednesday, 26 May 2021 12:23 AM
පාර්ලිමේන්තුවේ කටයයුතු කිරීමේදී දිනකට වියදම කීයද මෙම වැඩක කරන්න කොපමන කාලයක් ගියාද ජනතාව රැවිටීමට මගේ ඡන්යද ගැන නැහැ කියාපු අයගෙන් මෙම මුදල් අයකරන ක්‍රමයක් වහා ඇතිකරන්න
RaveendraWednesday, 26 May 2021 01:20 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් 100% නිවැරදිය. මැසිම කැඩිලා නම් හෝ අඩුපාඩුවක් තියෙනවානම් 225 ට ගණන් කරන්න බැරි " නිලධාරින්ද" දියවනාව ඕනා එපාකම් වෙනුවෙන් පත්කරලා තියෙන්නේ...
Rata Perata Tuesday, 25 May 2021 03:20 PM
අනේ අපොයි මේ වගේ කට්ටියක්
chandana Tuesday, 25 May 2021 04:30 PM
ඉක්මනින්ම අලුත් මැෂිමක් ගන්න .ඉස්සරහට ගොඩක් වැඩ තියනවා. ලෝකේ තියන හොඳම එක ගෙනෙන්න. කොමිස් ගහන්න චීනෙන් ගන්න එපා .
parakkrama Tuesday, 25 May 2021 05:27 PM
225ක් ගනින ඡන්දයට මෙහෙම ප්‍රතිපල පෙන්නුවානම් මහ ඡන්දෙකදී එලෙක්ට්‍රොනික් ක්‍රමය යොදාගත්තොත් කොහොම තියෙයිද.?
Lelwala Wednesday, 26 May 2021 01:49 AM
ඔවුන්ට ක්‍රම දෙකම කළ යුතුයි. මැනුවල් සහ ඉලෙක්ට්‍රොනික.
සෙනෙවිරත්න Wednesday, 26 May 2021 03:01 AM
ලැජ්ජාවේ බැහැ. වෙන මොනවා කියන්නද?
ආනන්ද Wednesday, 26 May 2021 06:01 AM
ඔතෙන්ට එන්න ඉස්සෙල්ල මහන මැෂිමක් වත් දැකපු නැති අයත් මැෂින් එකෙන් ඡන්දෙ දෙනකොට ඔහොම තමයි.