IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැනත් සාකච්ඡා

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනා ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම නැරඹීම සඳහා මෝදි මහතා මැයි 12 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ඔහු දින දෙකක් ශ්‍රී ලංකාවේ සිටිනු ඇත.

මෙම සංචාරය මෝදි මහතාගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරයයි. මෝදි මහතා ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව පත්වී මාස දෙකකින් පසු 2015 මාර්තු මාසයේදී මෙරට සංචාරයක නිරත විය.එම සංචාරය ඉන්දියානු අගමැතිවරයකු වසර 28 කට පසු මෙරට සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව විය.  දැනගන්නට ලැබෙන තොරතුරු අනුව මෝදි මහතා දෙවරක් සංචාරය කරන ලද එකම අසල්වාසී රටද ශ්‍රී ලංකාවයි.

මේ වන විට ත්‍රිකුණාමලය වරායේ ඉහළ තෙල් ටැංකි පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා ආරම්භ කර තිබේ.එම සංවර්ධන කටයුතු ලංකා ඉන්දියානු තෙල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ කෙරෙනු ඇත. 2003දී අත්සන් කර ඇති ගිවිසුමක් යටතේ එම ඉන්දියානු තෙල් සමාගම මේ වන විටත් තෙල් ටැංකියේ කොටසක් භාවිත කරයි.

ඉන්දියානු අගමැතිවරයාගේ එම සංචාරයට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා සඳහා නවදිල්ලිය බලා යාමට නියමිතය.තම සමාගම පහළ තෙල් ටැංකි සංකීර්ණය අලුත්වැඩියා කර ඇති බව ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා කීවේය. එමෙන්ම ඉහළ තෙල් ටැංකි සංකීර්ණය අලුත්වැඩියා කිරීමට ශ්‍රී ලංකා රජයේ අවසරය ලැබෙන තෙක් සිටි බවද ඒ මහතා පැවසීය.

“ඉහළ තෙල් ටැංකි සංකීර්ණය අලුත්වැඩියා කිරීම සඳහා පසුගිය අවුරුදු කිහිපයේදි අප සමාගම ශ්‍රී ලංකා රජයට යෝජනා ඉදිරිපත් කළා.නමුත් ඒ කිසිවක් අනුමත වූයේ නැහැ. නමුත් දැන් රාජ්‍ය මට්ටමෙන් තිරණය වෙලා තියෙනවා මෙම ව්‍යාපෘතිය ඒකාබද්ධ ව්‍යාපතියක් ලෙස කිරීමට. ඒ සඳහා ඉන්දියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡා පැවැත්වෙනවා.“යැයිද  ශ්‍යාම් බෝරා මහතා කීවේය.



අදහස් (11)

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගැනත් සාකච්ඡා

upali Thursday, 20 April 2017 07:43 AM

මෝදි වෙසක් එකට එනව කිව්වට එන්නෙ හරියට "දඹුලුත් ගිහිල්ල තල ගොයියොත් මරා ගන්න වගේනේ"

:       115       111

රොමේෂ් Thursday, 20 April 2017 07:48 AM

අපේ ගේ මාසෙට රුපියල් දාහකට කුළියට දීලා, කුළියට ගත්ත කෙනාගෙන් ආයේ අපිම එක්දහස් එකසීයකට කුළියට ගන්නවවගේ වැඩක් තමයි මේ. මෝදිලා වගේ අය එන්නෙම නැතිනම් තමයි හොඳ. නමුත් අපේ කට්ටිය එහෙටම ගිහින්නේ දෙන්නේ. දකුණ චීනෙටම දුන්නා, නැගෙනහිර ඉන්දියාවට, තව පැත්තක් අරාබියට, ඇමරිකාවට, මොනවද මේවයින් වෙන වාසිය රටේ සාමාන්‍ය ජනතාවට. දැනෙන වාසියක් නැහැ. නමුත් මහබැංකු වාර්තාව එළියට ආවම පේනවා ඉලක්කම් වගයක් විතරක්. ඒවත් ඕන එක්කෙනෙක්ට ඕනෑම විදිහකට විග්‍රහ කරගන්න පුළුවන්. අවසානයේ අපි අපේ රටේම "නිදහස් වහල්ලු" වෙනවා. මේවා පිටරටට නොදී කරගන්න බැරි තරම් මහාපරිමානේ වියාපෘති නෙමෙයි. අපේ දැනුමෙන් කරගන්න පුළුවන් ඒවා. නමුත් ලොකු අය වකුටුවෙනකොට පොඩි අපි ඉබේම වකුට්ටෝ වෙනවා.

:       0       277

arunalu Thursday, 20 April 2017 08:43 AM

මේ ටැංකි වල තියෙන්නේ පොල්තෙල් මගේ හිතේ වෙසක් උත්සවයට පහන් පත්තු කරන හැටි කතාකරන්න තමයි මෙයා ලංකාවට එන්නේ.....

:       0       85

thusitha Thursday, 20 April 2017 09:12 AM

රටම විකුනපන් ඉන්දියාවට කාලකන්නි ආණ්ඩුව

:       0       157

Nandalal de Silva - France Thursday, 20 April 2017 09:17 AM

ඔය සාකච්චා කරාට කමක් නැහැ. රටට අවාසි වෙන කිසිම ගිවිසුමකට අත්සන් තැබීමට තරම් ශ්‍රී ලංකා රජය නිවට වෙන්න නම් එපා. ඒ වගේම පසුගිය රජය සමයේ ගසාගත් තෙල් ටැංකි ගිවිසුමට අනුව ඉන්දියන් සමාගම විසින් මෙතෙක් නොගෙවා තිබෙන රුපියල් කෝටි ගණන පොළී සහිතව ඉක්මනින් ලබාගැනීමටත් අගමැති මෝදී මැදිහත් කරවා ගත යුතු වෙනවා.

:       1631       0

රත්නායකFriday, 21 April 2017 12:56 AM

ඔයාට මොංගල්ද.මේ ගිවිසුම ගැහුවෙ 2001-2004 රනිල්ගෙ අාණ්ඩුව බව රටේ හැමෝටම මතකයි.ඔයා හැමදාම ප්න්සෙටම වෙලා ඉන්න.රටම විකුණනව.දැන් ඉතිරි ටික විකණන්න තමයි හදන්නෙ.

:       0       0

Senarath Thursday, 20 April 2017 09:18 AM

ඔය පාන්නේ බලල මල්ලෙන් එලියට. මෙඋන් එන්නේ වෙසක් සමරන්න නෙමෙඉ, තෙල් ටැංකි ටිකේ ගනුදෙනුවට. JR ජයවර්දන අනාගත්තෙත් ඔය තෙල් ටැංකි ඇමෙරිකාවට දෙන්න ගිහිල්ල. මුන්ට මේ රට විකුනනවා ඇරෙන්න කරන්න දෙයක් ඇත්තෙම නැහැනේ හැබැටම.

:       0       103

uddika Thursday, 20 April 2017 10:29 AM

වෙනදා එනකොට අර කෑ මොරදෙන තමිල්නාඩු ය දැන් එහෙම කරන්නේ නැට්ටේ සංහිදියාව නිසාද එහෙම නැත්තම් තෙල් ටැංකි ටික ඔවුනට ලැබෙන නිසාද

:       0       17

upali Thursday, 20 April 2017 10:43 AM

මෝදි එන්නෙ දඹුලුත් ගොහින් තලගොයියොත් මරා ගන්න වගේ

:       0       54

Lanka Perera Thursday, 20 April 2017 01:19 PM

තෙල් ටැංකි වලින් වැඩක් ගන්නේ නැතිනම් කුලියට දුන්නාම මක්ක වෙනවාද ? කවුරුත් මේවා තියා වරායක් වත් විකුනන්නේ නැහැ නේ...

:       0       0

sanju Friday, 21 April 2017 02:19 AM

යහපලානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 126 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 628 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 178 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 186 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 732 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 244 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site