IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මධ්‍යම නව අධ්‍යාපන ලේකම් පත් කෙරේ

(චමිල් රුපසිංහ)

මධ්‍යම පළාතේ නව අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ආර්.එම්.පී.එස් රත්නායක මහතා අද (29) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

කන්දේකැටිය සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති රත්නායක මහතා මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රවේදී උපාධිධාරියකු වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබාගෙන ඇත. 

වලපනේ කුරුපනාවෙල සෙනරත් මහා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ රත්නායක මහතා නව තනතුරට පත්වීමට පෙර මධ්‍යම පළාතේ කෘෂිකර්ම හා හින්දු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. 

හිටපු අධ්‍යාපන ලේකම්වරයා ගිනස් වාර්තාවක් තැබිමට මානාලියකගේ දිගම ඔසරි පොටක් ඇල්ලීම සඳහා පාසල් ළමුන් යොදා ගැනීමට උපදෙස් දීමේ සිද්ධියක් නිසා  පසුගිය දා මාරු කර යැවිණි.

 



අදහස් (18)

මධ්‍යම නව අධ්‍යාපන ලේකම් පත් කෙරේ

wedage Friday, 29 September 2017 11:23 AM

අර මහා ඇමති වෙනුවට වෙන කෙනෙක් පත් කරන්නේ කවද්ද?

:       0       124

UpulFriday, 29 September 2017 06:16 PM

ඒක ඔය පළාතේ මිනිස්සුන්ට බාර වැඩක්. පුළුවන් නම් ඊළඟ පාර එයාව ගෙදර යවන්න!

:       0       0

sathyapala Saturday, 30 September 2017 04:32 AM

"හිටපු අධ්‍යාපන ලේකම්වරයා ගිනස් වාර්තාවක් තැබීමට මනාලියකගේ දිගම ඔසරි පොටක් ඇල්ලීම සඳහා පාසල් ළමුන් යොදා ගැනීමට උපදෙස් දීමේ සිද්ධියක් නිසා පසුගිය දා මාරු කර යැවිණි." මෙය කිසිසේත්ම සත්‍යයක් නොවේ. හිටපු අධ්‍යාපන ලේකම්වරයා මේ සාරි සිදුවීමට පෙර මාරුවීමක් ඉල්ලා එය අනුමතව යන්නට සුදානමින් සිටි පුද්ගලයෙකි. සාරි මඟුලට සිසුවියන් යවන්නට මහා ඇමති විසින් ලියුම් යවා තිබුණේ කලාප අධ්‍යක්ෂකට. කලාප අධ්‍යක්ෂක නමට ලියුම සකස් කලද එය කෙලින්ම යවා තිබුණේ විදුහල්පතිට. මහා ඇමති වරදකරුවා වුවද හිටපු අධ්‍යාපන ලේකම්වරයා වරදකරු බව හැගෙන ලෙස මහජනයා රවටා ඔහුට කලින් අනුමතව තිබුණු මාරුවීම අනුව යන්නට ඉඩහැර ඔහු නිහඬව තැබීමට උසස්වීමක්ද සහිතව මාරුවීම ලබාදී ඇත. මොවුන් දිගින් දිගටම මුසාවාද වපුරමින් මහඇමති සඟවයි.

:       1       272

RaveendraSaturday, 30 September 2017 10:23 AM

වෙදගේ මයා වෙත, දැන් එයාගේ වස්ත්‍ර ඔක්කොම ගැලවිලා නිසා වෙන කෙනෙක් පැමිණියත් වස්ත්‍ර නැතිව තමා ඉන්න වෙන්නේ. තවද මේ උන්දැ මොලේ ලේ ගමනාගමනය වැඩිකර ගැනීම සඳහා තුවා කෑල්ලක් ඇඳගෙන ඔළුවෙන් හිටගෙන නුවර වැව රවුමේ උදේට උදේට ඉන්නවා කියන්නේ.

:       3       174

AJIT Friday, 29 September 2017 11:28 AM

ආණ්ඩුකාරවරිය හරියට හිතට අරන් ඉන්නේ. ජනාධිපතිටවත් නැති ලොකු කමක්නේ තියෙන්නේ.

:       0       117

dasunSaturday, 30 September 2017 02:34 AM

ජනාධිපතිගේ කේන්දරේ බලන නිසා දන්නවා ඇති ජනාධිපතිගේ ග්‍රහයා නීචයි කියලා. ඒ නිසා බය නැතුව කැකිල්ලේ රැජින වුනා.

:       0       21

ranjith Friday, 29 September 2017 12:33 PM

මේවාට තමයි කියන්නේ කැකිල්ලේ නඩු තීන්දු කියලා. මේ සිද්ධියට සපෝර්ට් කරපු අනුමැතිය දීපු මහා ඇමති නිකම්ම නිදහස්. ඉහලින් ආපු අණ ක්‍රියාත්මක කල කෙනා දඬුවම් විඳිනවා. අනේ කාලේ වනේ වාසේ කියල කීවලු. වැරදි වැඩයට මුල පීරූ මගුල් ජෝඩුව දැන් මොකද කියන්නේ? අර මනුස්සයට වන්දි මුදලක් වත් ඔවුන් දිය යුතුයි. කොන්ද කෙලින් තියාගන නීතියට වැඩ කරන්න බය නිලධාරීන්ට මේවා හොඳ පාඩම්.

:       0       39

Ranjan Ranathunga Friday, 29 September 2017 02:10 PM

මේ ඡායාරුප දෙකේම ඉන්නේ එක්කෙනාමද? මම ඇහුවේ පත්වීම ලබන්න ගැන. මොකද හිසකෙස් පිළිබඳ ගැටළුවක්. කොහොම වුණත්, හුඟක් දෙනෙක් බෙල්ලේ වැලදාගෙන තියෙනවා ඔය සාරි, ඔසරි පොටවල් වලින්.

:       0       153

naradhaFriday, 29 September 2017 04:02 PM

පළවෙනි පින්තූරයේ හොඳින් කොණ්ඩය ඇති තැනැත්තා, දෙවැනි පින්තූරයේ ගනිද්දී තට්ටයකු වූයේ කෙසේද?

:       4       134

maheeFriday, 29 September 2017 05:27 PM

පේනවා නේ, ෆොටෝ දෙක ගන්න ගිය මිනිත්තුවක කාල පරාසයට ඔලුවේ කෙස් ටිකත් ගියානම් මේ කැකිල්ලේ පරිසරයේ තව අවුද්දක් හමාරක් වැඩ කලහම මොකවත් ඉතුරු වෙයිද? නිලධාරියෙක් නැතුව ඇඳුමක් විතරක් කාර් එකකට නැගල ගෙදර යනවා දකින්න ලැබෙයි.

:       0       2

RDSaturday, 30 September 2017 05:20 AM

ඒ මදිවට තව වෙන දේවලුත් මාරු වෙලා...

:       0       8

සමන්ත Friday, 29 September 2017 02:57 PM

මේක මේ වැරදිකාරයෝ රකින්න කරපු තක්කඩි වැඩක්. කලින් ලේකම්ට උසස්වීමක් දීලා අලුත් කෙනෙක් එ්කට පත් කළා කියලා ළමා අපචාර චෝදනාවක්... ඉන් නිදහස් වෙන්න කාටවත් බෑ. මේක මේ තක්කඩි අාණ්ඩුකාරියයි, මහඇමතියි එකට එකතු වෙලා මිනිස්සු සහ නීතිය රවටන්න ගහපු ගැටයක්. මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට යායුතුයි. අනික මෙවැනි නීති විරොධී යමක් කළාම එ්ක පරීක්ෂා කල යුත්තේ අදාල ආයතනය මිසක් දේශපාලන අතකොළු වුණු අය නෙමේ.

:       0       26

Padmini Saturday, 30 September 2017 04:42 AM

රට හිනස්සවන වැඩ කරලා මදිවට මේ පින්තුරය පවා තනිකර විහිළුවක්. මේ වගේ කාන්තා නියෝජනයක්ද රටට අවශ්‍ය,

:       0       27

lusena Saturday, 30 September 2017 06:14 AM

සංක්‍රාන්ති තත්වටයට පත් නිලධාරියනියකගෙන් මේ දේවල් බලාපොරොත්තු විය යුතුය. ලුසේනා

:       0       0

prakaash Saturday, 30 September 2017 12:06 PM

මේ ගෑනු පිරිමි ආණ්ඩුකාරවරිය/ වරයා නිවට පාලකයින්ගේ විෂබීජයකි. මේ පින්තුර දෙකෙන්ම පේනවා මේ අය කරන්නේ මොනවද කියන එක. මොවුන් මහ ජනතාව රැවටීමට කොහොම සැලසුම් කලත් මේ අයගේ නිරුවත මුළු රටම දන්නවා. එය වහන්න ඔසරි පොටෙන් බැරි බව දැන ගත යුතුය.

:       0       17

Lalin Saturday, 30 September 2017 01:05 PM

මහා ඇමැතියි, ආණ්ඩුකාරවරියයි ජනතාව ගොනාට ඇන්දවීම සඳහා කරපු සැලැස්ම මේක තමයි. ජනතාව මේ ගොල්ලෝ හිතන තරම් පුන්නක්කු කන ගොන්නු නෙමේ.

:       0       5

WIJESEKARA BANNAHAKA Saturday, 30 September 2017 01:22 PM

මේ ෆොටෝගත් එක්කෙනාමද මගුල්ගෙදරත් ෆොටෝගත්තේ.? එයාමද දන්නේ නෑ... පත්වීම් ලබන්නා හා පත්වීම් කඩදාසිය පිළිගන්වන තැනැත්තියවත් මේකප් කලේ? එහෙම නම් මහා අැමැති බේරලා යවපු එක ගැන කතා කරන්නද?

:       0       7

ravin Sunday, 01 October 2017 10:35 AM

එහෙම නොකලොත් ඔබ කියාවි ...... මෝඩ ගෑනි මං .... මෝඩ ගෑනි මං .........

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 537 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 176 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 83 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 80 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 693 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


ස්වීඩන උසස් පාසලක වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 05 872 0

ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site