(තරිඳු ජයවර්ධන)
පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි.
පෝද්දල ජයන්ත මහතා පැහැර ගන්නා අවධියේ දේශබන්දු තෙන්නකෝන් මහතා නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කර ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය ඒම වකවානුවේ දී ඊට සම්බන්ධ නැති දෙදෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇතැයි ද, පොලිසිය එලෙස කළේ ඇයිදැයි එම පොලිසිය අයත් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ තෙන්නකෝන් මහතාගෙන් ප්‍රශ්න කළේයැයි ද රහස් පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
2009 ජුනි මාසයේ දී ඇඹිල්දෙනිය ප්‍රදේශයේදී සුදු වෑන් රියකින් ඒ මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා තිබිණි. ඒ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් නොවූ බව කියමින් 2017 ජුනි 20 වැනි දා ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය පැවැත්වෙයි.
ශ්රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවර
මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනී
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අ
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ නාමිනී විජේදාස මහත්මිය ’’2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව’’ සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.
උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල වාහන බල ඇණියට අයත් යැයි විශ්වාස කෙරෙන ඕරස් සෙනට් මාදිලියේ ලිමොසීන් රථයක් මොස්කව්හි රුසියානු එෆ්.එස්.බී බුද
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මාධ්‍යවේදී පෝද්දල පැහැරගැනීම ගැන ඩීඅයිජී තෙන්නකෝන්ගෙන් ප්‍රකාශ ගනී
Jayantha Monday, 21 January 2019 01:59 AM
හැමදාම ප්‍රකාශ විතරයි. දැන් අවුරුදු 4ක් වෙනවා පරීක්ෂණ පටන් අරන්. කෝ කවුරුවත් අත්අඩංගුවට ගත්තේ නැහැනේ. මේක විතරක් නෙවේ. කේස් තියෙනවා වැහි වැහැලා වගේ. මෙන්න උදාහරණ කීපයක්: ලසන්තා එක්නැලිගොඩ, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, වසීම් තාජුදීන්, පාසල් සිසුන් 11, ජාලිය වික්‍රමසූරිය, උදයංග වීරතුංග, ලලිත් වීරතුංග (සිල් රෙදි), ඇවන්ගාර්ඩ් ගාමිණී සෙනෙරත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ....
Sapumal.Monday, 21 January 2019 07:07 AM
ජයන්ත මහතා, ඔබතුමාගේ කතාව සහතික ඇත්ත. මේවා කළවුන් තවමත් නිදැල්ලේ. ගමේ පියදාස පොඩි දෙයක් කලත් ඒ අහිංසකයාට දැඩි දඬුවම්. මොවුන් මේ වැරදි වලින් බේරෙන්න පසුගිය කාලේ මොන තරම් උප්පරවැට්ටි දැම්මාද ? මන්ත්‍රී කෙනෙකුට කෝටි පනහක් දීලා ගන්න හැදුවේ නිකන් නොවෙයි. මේවා යට යවන්නයි. ඉදිරි මැතිවරණයට පෙර මේවාට දඬුවම් දෙන්න බැරි උනොත් මේ රජයෙන්ද වැඩක් නැහැ. පසුගිය කාලේ නෑකමට ඇදලා අත්අඩංගුවට ගැනීම වැලක්වූ බව අපට මතකයි. කරුණාකර නෑකම් හිතවත්කම් පක්ෂ පාට නොබලා වැරදි වලට දඬුවම් දෙන්න.
නිමල් Monday, 21 January 2019 05:08 AM
"වැටත් නියරත් ගොයම් කයි නම් කාට පවසන මේ අමාරුව" කියාලා අපේ පැරැන්නෝ කිව්වේ කට කහනවට නොවෙයිනේ!
pohotuwa Monday, 21 January 2019 05:50 AM
මෙයා එවැනි වැඩ කරන්නේ නැහැ.