IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මාධ්‍ය නිදහස කප්පාදු කරලා යයි නාමල් කියයි

(සමන් විජය බණ්ඩාර)

වර්තමාන ආණ්ඩුව ජනතාවට ඇත්ත තත්ත්වය එළි කිරීම සඳහා මාධ්‍යයට ඇති අයිතියට ඉඩ දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“මාධ්‍යවේදින්ගේ දෙමාපියෝ මතක් කරලා දුරකථනයෙන් තර්ජනය කරලා බය කරලා මාධ්‍ය නිදහස කප්පාදු කරලා“යැයි ද රාජපක්ෂ මහතා කියයි.

අරණායක සාමසර කන්දේ අවතැන් වුවන් වසරකටත් වඩා වැඩි කාලයක් රැඳි සිටින කුඩාරම්වල නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් අද ( 13)  ඒ මහතා මේ බව පැවසිය.

“මාධ්‍යවේදියාගේ අම්මා මතක් කරලා බනින ආණ්ඩුවකුයි කැබිනට් මණ්ඩලයකුයි ඉන්නේ.මාධ්‍ය නිදහස කියන දේ සම්පුර්ණයෙන් කප්පාදු කරලා. ඉතින් මෙ අහිංසක ජනතාවට තමන්ගේ ප‍්‍රශ්න කියන්න අවස්ථාවක් දෙයිද ? මාධ්‍ය නිදහස ගැන කියලා ආපු අර සිවිල් සංවිධානවලින් දැන් අපිට අහන්න තියෙන්නේ ඔබට සතුටුද කියලා තමයි. “

“ඒ වගේම මේ ටෙන්ට් දීලා තියෙන්නේ මාස හයක් සඳහා ඊට පස්සේ මෙවා දිරාපත් වෙනවා වැඩක් ගන්න බැරි තත්වයට පත් වෙනවා.නමුත් දැන් අවුරුද්දකට වැඩි කාලයක් මෙ කුඩාරම් වල ඉන්නවා ගෙවල් කිහිපයක් පමණක් රාජ්‍ය නොවන සංවිධානවලින් සකස් කරලා දිලා තියෙනවා. සමහර තැන්වල තට්ටු නිවාස සකස් කරමින් යනවා කියලා කියනවා.මෙවා කඩිනම් කරන්න කිසිම විදිහකින් කටයුතු කරන්නේ නැහැ. “යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (3)

මාධ්‍ය නිදහස කප්පාදු කරලා යයි නාමල් කියයි

deena Tuesday, 13 June 2017 08:07 AM

අනේ පවු ඒ දවස්වල තෙම්පරාදු කරලා නේද තිබුනේ ?

:       0       15

isurandi Wednesday, 14 June 2017 08:31 AM

හරිම දුකයි... ඔබතුමාලමද මේ කතාකරන්නේ කියලා.

:       0       7

සෙනෙවි Wednesday, 14 June 2017 01:54 PM

ඒ කාලේ ටොප් එකට තිබුණානේ ....

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1743 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site