(ඩයනා උදයංගනී)
මාධ්‍ය වෙත ලබා දී ඇති නිදහස අඩු කරමින් වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය වාරණයට වත්මන් රජය කිසි ලෙසකින්වත් උත්සාහ නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
වර්තමානයේදී අසත්‍ය ප‍්‍රවෘත්ති පළවීම විශාල අභියෝගයක් වී ඇති බව කී අමාත්‍යවරයා ඒවා වැළැක්වීමට නම් කළ යුත්තේ මාධ්‍ය වාරණය නොව ජනමාධ්‍ය නිවැරදිව භාවිතා කරන අය අගය කිරීම බව ද සඳහන් කළේය.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ප‍්‍රවෘත්තිය අසත්‍ය නම් හිටපු ජනාධිපතිවරයා කළ යුත්තේ එයට එරෙහිව නඩු පැවරීම මිස මෙරට මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හෝ චීනයෙන් චරිත සහතික ලබාගැනීම නොවන බව ද අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.
තමාට මෙවැන්නක් වූයේ නම් වැයවන මුදල් ගැන නොසිතා එම පුවත්පතට එරෙහි ක‍්‍රියාමාර්ග ගෙන තම නාමය ආරක්‍ෂා කරගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශය සංවිධානය කරන ‘ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018’ හඳුන්වාදීම වෙනුවෙන් එම අමාත්‍යාංශයේදී අද (6) පැවති උත්සවයක් අමතමිනි.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘මාධ්‍ය වාරණය කරන්නේ නෑ’
C.K.Lankaputhra Friday, 06 July 2018 02:31 PM
එතකොට ලංකා ඊ නිව්ස් වාරණය ගැන කතා කරන එක හරිද ඇමැතිතුමෝ?
Bamunuarachchi Friday, 06 July 2018 05:45 PM
කරලා බලන්න ෙකා්...
nishantha Saturday, 07 July 2018 04:06 AM
ලංකා ඊ නිවුස් වාරණය කළේ කවුද? අපිද? කරුණාකර වාරණය ඉවත් කරලා ඉන් පස්සේ මාධ්‍ය නිදහස ගැන දේශනා තියන්න.