IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මධූෂ්ගේ සාදයට ගිය බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම්

(ජයන්ත සමරකෝන්)
 
මාකදුරේ මධුගේ ඩුබායිහි පැවැති සාදයේදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  ජේ.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකොන් මහතා පැවසීය.
 
ඔහු අද  ඩුබායි රටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ලංකාවට පැමිණි විටදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය.
 
 එම සිදු වීම සම්බන්ධයෙන් මේ මොහොතේද ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතී.
 
ඔහු  කළුතර  බන්ධනාගරයේ රාජකාරී කරමින් සිටියදී  රිය අනතුරකකට ලක්ව වෛද්‍ය නිවාඩු මත නිවසේ ගත කරමින් සිටින කාලයේදී මෙලෙස විදේශ ගත වී මධුෂ් සමඟ  සාදයට සහභාගී වී තිබේ.
 
මේ පිළිබඳව තොරතුරු ලැබුණු  ඔහු  ඒ වන විට සේවය කළ  කලුතර බන්ධනාගාරය  විසින් බන්ධනාගාර මූලස්ථානයට පැමිණිල්ලක්ද සිදු කර ඒ පිළිබඳ පරීක්ෂණ පැවතෙමින් තිබී ඇත.
 
කළුතර බන්ධනාගාරයට යාමට පෙර ඔහු වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශට අනියුක්තව රාජකාරී කළ අයෙකි. 
 
සමයං නැමැති පාතාල නායකයා කලුතර බන්ධනාගාරයේ සිට අධිකරණයට රැගෙන යද්දී ඔහුගේ විරුද්ධවාදීන් වෙත  ඔවුන් පැමිණෙන වේලාව දැනුම්  දී තිබුණේ ඔහු විසින් බවට තොරතුරු අනාවරණය වී තිබු බවද පොලීසිය පවසයි.  



අදහස් (6)

මධූෂ්ගේ සාදයට ගිය බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම්

nalaka Wednesday, 27 March 2019 02:44 PM

නියම බඩුනේ බන්ධනාගාර බුද්ධි අංශයේ වැඩ කරන්නේ.

:       0       223

smn Wednesday, 27 March 2019 03:36 PM

රජයේ රැකියාවක් කරමින් ඒ රැකියාවේ වගකීම්වලට පටහැනිව වංචාකාරී ක්‍රියාවක නියැලීම රාජද්‍රෝහී ක්‍රියාවකි.. මොහු සම්බන්ධයෙන් ඉතා දැඩි ලෙස කටයුතු කිරීම අවශ්‍යයි.

:       0       130

chathuri Wednesday, 27 March 2019 03:37 PM

දැන්නම් දෙවියන්ගේම පිහිටයි. මොහුට හිර ගෙදරට යන්න. කලින් මදුෂ් බඩ පිරෙන්න කන්න දුන්නා දැන් කාපුවා වමාරන්න... මේ රහස්. පරික්ෂක නිලධාරීන් වෙහෙසී අල්ලා ගන්නා මෙවැනි අයට අධිකරණයෙන් මරණ දඬුවම නියම කරන්න. මුදලට කතාකර වරදකරුවන් නිදොස් කරන නිවටයන්ට, නීති පට්ටම්, අහෝසි කරන්න.

:       0       240

MaheeWednesday, 27 March 2019 05:24 PM

අනේ චතුරි, ඔබ ඉන්නේ සිහින ලෝකයක. මෙයාට දෙවියන් පිහිට වෙන එකක් නැහැ නමුත් වෙනත් අය ඒක කරයි. හිරේ ගියත් බඩ පිරෙන්න ගෙදරින් කෑම එවන අය ඉඳියි. අධිකරණයෙන් මේ වැරදිවලට මරණ දඬුවම ලැබෙන්නෙත් නැහැ. අර මුදලට කතා කරන කට්ටියට පට්ටම් ගැලවීම කෙසේ වෙතත් තව සල්ලි ටිකක් හොයා ගන්න නම් ලැබෙයි. මේක ශ්‍රී ලංකාවයි.

:       0       96

Raveendra Wednesday, 27 March 2019 04:05 PM

අප විශ්වාස කරනවා මේ පාඩදයාට නිසි දඬුවම් ස්වභාවධර්මය විසින් ලැබෙන බව. මොහු තම ඥාතින්ට, අඹුදරුවන්ටත් සමාජයට මුහුණදෙන්න බැරිවිදියට හැසිරිලා නොවේද..?

:       0       165

wedage Thursday, 28 March 2019 05:46 AM

ඔන්න බලන්න යාළුවකුගේ පාටියකටවත් නිවිහැනහිල්ලේ යන්න නෑ නේ

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 624 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 508 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 125 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1751 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site