IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මධූෂ් ඩුබායි සිට මෙහෙයවූ බව කියන අපරාධ 4 ක් ගැන පරීක්ෂණ අරඹයි

(ඉන්දිකා රාමනායක)
 

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මාකදුරේ මධුෂ් නැමැත්තා ඩුබායි  හි සිට  මෙහෙයවා  කළ අපරාධ 4ක්   සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
2017.2.27 දින  කළුතර එනතමඩල ප‍්‍රදේශයේ බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා බන්ධනාගාර  නිලධාරීන් දෙදෙනකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු වන සමයං ඇතුලූ  පස් දෙනකු ඝාතනය කිරීම, තවත්  සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ, 2017.5.09 දින  පිළියන්දල නගරයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට වෙඩි තබා පොලිස් නිලධාරියකු ඇතුලූ දෙදෙනකු මියයාම, තවත්  සිව් දෙනතුට තුවාල සිදුකිරිම, 2018.3.06 දින කැලණිමුල්ලේ කොස්මල්ලි  නැමැත්තා පැහැරගෙන ගොස්  අගුණකොල පැලැස්සේ දී වෙඩි තබා ඝාතනය කර ගෙළ අලූත්කඬේ ප‍්‍රදේශයට රැගෙන ඒම, 2018.11.08 දින ඇරව්වල  පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවසකින්   දියමන්තියක් කොල්ලකෑම  යන අපරාධ සම්බන්ධයෙන් මධුෂ්ට එරෙහිව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති  බව රුවන් ගුණසේකර මහතා කියා  සිටියේය.
 
මාකදුරේ මධුෂ් ඩුබායි රටේ  සිට මෙම අපරාධ මෙහෙයවා ඇති බවත් ඔහු මේ සදහා භාවිතා කළ ජංගම දුරකතන අංක, අපරාධ සිදුකළ පුද්ගලයන් භාවිතා කළ  දුරකතන අංක හා වින්දිතයන්ගේ  දුරකතන අංක සම්බන්ධයෙන් විශ්ලේෂණ සිදුකරමින් පවතින බවද රුවන් ගුණසේකර මහතා කීය.
 
මාකදුරේ මධුෂ් ඩුබායි වලින් මෙරටට  පිටුවහල් කිරීමෙන් පසු  2019.5.05 වැනි කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන රදවාගෙන  ප‍්‍රශ්න කරමින් පසුවේ.මෙතෙක් සිදුකළ ප‍්‍රශ්නකිරීම්වලදී අපරාධ සදහා භාවිතා කළ  බවට සැකකරන  පිස්තෝල දෙකක් හා ටී 56 ගිනි අවියක් සොයාගත් බවද   ගුණසේකර මහතා කීය.
 
මෙම ගිනි අවි වැලිවේරිය හා මීගමුව දළුපොත යන ප‍්‍රදේශ වලින් සොයාගන ගත් බවද හෙතෙම කීය.මෙම ගිනි අවි  රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරයත් පැවසීය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති  මාධ්‍ය හමුවකදීය.



අදහස් (1)

මධූෂ් ඩුබායි සිට මෙහෙයවූ බව කියන අපරාධ 4 ක් ගැන පරීක්ෂණ අරඹයි

chanaka Thursday, 04 July 2019 12:25 PM

සමයන් ඇතුළු 7 ක් මැරුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න ව්‍යාජ ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 9 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 24 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 143 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 250 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 167 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 287 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site