තිළිණි ද සිල්වා
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබන මාර්තු 21 වනදා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව ජීනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට රජය මෙතෙක් ගෙන ඇති ක‍්‍රියාමාර්ග වල ප‍්‍රගතිය ගැන මහකොමසාරිස්වරයා මෙහිදී කරුණු දක්වන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
පසුව එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කෙරෙනු ඇතැයිද සඳහන් වේ.
‘‘ මෙරට යුද්ධයෙන් පසු සංහිඳියා ක‍්‍රියාවලිය සහ යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගත්තා.
එහි නිර්දේශ ක‍්‍රියාවට නැංවීම සඳහා ලබාදී තිබූ කාලසීමාව පසුගිය 2017 වසරේ දී තවත් වසර 02 කට දිගු කරනු ලැබුවා. ඒ, පසුගිය වසරේ මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරුණු 34 - 1 යෝජනාව යටතේයි.‘‘
එම යෝජනාවට අනුව මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා 37 වන සැසිවාරයේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
අදාළ සැසිවාරය ලබන 28 වැනිදා සිට මාසයේ පැවැත්වෙන අතර ඒ අනුව මාර්තු 21 වනදා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා අදාළ ප‍්‍රකාශය සිදුකරනු ඇති.
මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිදු කරන එම ප‍්‍රකාශයට ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට මෙරට රජයේ නියෝජිත පිරිසක්ද ජිනීවා බලා පිටත්ව යෑමට නියමිත අතර ඔවුන් මෙහිදී ශ‍්‍රී ලංකාව මානව හිමිකම් අතින් ලබා ඇති ප‍්‍රගතිය ගැන මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් දැනුවත් කරනු ඇත.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව ගැන විශේෂ ප‍්‍රකාශයක් කිරිමට සැරසෙයි
Aluthgama A. Samathasena. Monday, 19 February 2018 11:19 AM
ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු ආයතනයක වැඩකරන එක්තරා මාධ්‍යවේදියෙකු 2015, 2016 සහ 2017 වර්ෂ වල ලෝක කුසලාන තුනක් තම මව්බිමට දිනා දුන්නා. මෙයින් දෙකක්ම ලොව සියලු රටවල් පරදා පළමු ස්ථාන ගත්තුවා. එකක් දෙවැනි තැන... ඔහු මේ බව මේ රටේ බලවත්ම නායකයෙකුට දන්වා දුක්බර ප්‍රශ්නයකට උපකාර ඉල්ලුවා. ඉහළම පිළිතුරක් ලැබුණා. අද වෙනකන්ම ඒච්චරයි. පිටරට ගොස් සිංහලෙන් කතාකරන මොහු ගැන අමෙරිකාවට දන්වා තිබෙනවා. මෙම කුසලාන වලින් රටට ගෙනා කීර්තිය අන්තර්ජාලයේ තිබෙනවා.