IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මානව හිමිකම් නියෝජිතයෝ රෝහින්ග්‍යාවරුන් ගැන කියති

(තරිඳු ජයවර්ධන)

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යැයි කියමින් විරෝධතාවක් පැවැත්වීමෙන් පසු බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින සරණාගතයින්ට එම මධ්‍යස්ථානයේ ප්‍රමාණවත් පහසුකම් නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිප දෙනෙක් අද (28) බූස්ස කඳවුරට ගොස් ඔවුන් රඳවා සිටින ස්ථානය නිරීක්ෂණය කළහ.

එම මධ්‍යස්ථානය ඔවුන් රඳවා සිටීමට නුසුදුසු හෙයින් වහාම ඊට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට අදාළ බලධාරීන්ට දැනුම් දෙන බවද මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිසිය,ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ විදේශ අමාත්‍යංශය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් ලබන සඳුදා (02) මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබේ.

මේ අතර මෙම සරණාගතයින් පිරිසේ පාසල් ළමයින් හය දෙනකු පමණ සිටි බවත් ඔවුන් ඒ වන විටත් අධ්‍යාපනය ලබමින් සිටි බවත් බූස්ස රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන යාම නිසා ඔවුන්ගේ අධ්‍යාපනය ඇණ හිට ඇති බවත් ලංකා ගුරු සංගමය කියයි.

දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන පරිදි ක්‍රියාමාර්ග ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.

සිසුන්ගේ අධ්‍යාපනය කඩවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.



අදහස් (40)

මානව හිමිකම් නියෝජිතයෝ රෝහින්ග්‍යාවරුන් ගැන කියති

පිටිගල මිලානෝ Thursday, 28 September 2017 03:18 PM

ළමයින් සිටින පවුල් වලටවත් සහනයක් දෙන්න. මේ නිසා ඒ ළමයින්ගේ අධ්‍යාපනයටත් පාඩු වෙනවා ඇති. පොඩි ළමයි බයෙන් ගැහි ගැහී ඇත්තේ. හරියට කෑමත් ලැබෙන්නේ නැතුව ඇති. රජය මුලික වී මේ ළමයින්ට අවශ්‍ය එන්නත් වහාම ලබා දෙන්න.

:       1845       1821

රොමේෂ් Friday, 29 September 2017 06:26 AM

වහාම සමෘද්ධි සහනාධාර ලබාදෙන්න කියලා රජයට බල කර සිටිමු. පස්වරුව වඳින්න පල්ලි යන්න බරුවත් හරිම කනගාටුවෙන් ඇත්තේ, පොඩියට හෝ පල්ලියකුත් හදලා දෙමු. ඊට පස්සේ බැරියයි තව ගෙන්න ගන්න. ලෝකෙටම අපේ නිවටකම පෙන්නමු. සිංහලයා හරිම සහජීවනයෙන් ඉන්නවා කිව්වම හොඳයිනේ.මේක සරණාගත ප්‍රශ්නයක් විදිහට ඉස්සරකරන් එන්න හැදුවට ඇතුලේ තියෙන්නේ මුස්ලිම් ව්‍යාප්තවාදය..... අද මේ 30 බාරගත්තොත් හෙට ලක්ෂ 30ක් වෙයි. මේ වෙද්දී ලෝකේ බොහොමයක් රටවල් "සීතල මුස්ලිම්කරණයට" නතුවෙලා. මේක තේරුම්ගන්න ලෝකය පිළිබඳව දැනුමක් ඕන නැහැ. තම තමන්ගේ ගම දිහා බලන්න. අවරුදු 20 ට කලින් එක මුස්ලිම් ගෙයක් තිබ්බේ නැතිගම් මේ වෙද්දී ගෙයක් හැර ගෙයක් මුස්ලිම් තත්වෙට හැරිලා. ප්‍රශ්නය තේරුම්ගන්න.

:       710       1031

JayampathiFriday, 29 September 2017 09:07 AM

රොමේෂ්, ඔබ බුද්ධාගම අදහන කෙනෙක්ද? අනික රාජපක්ෂ පාලන 2013 සමයේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් 181ක් අාපු බව දන්නවද? එතකොට ඔය අද කෑගහන දේශමාමක චන්ඩින් හිටියේ ඇඳන් යටද? ජාතිය, ආගම, ගැන සිතන්න කලින් මනුෂ්‍යයකු ලෙස සිතන්න. සරණාගතයින් කියන වචනයේ අරුත වටහාගන්න.

:       171       260

husen-riyadFriday, 29 September 2017 10:32 AM

ජයම්පති මහත්තයෝ.., කාන්තාරවල බවබෝග වැවෙන්නේ නැහැනේ. වැවුනත්.., ඉතාමත් කටුක සහ කර්කශ ශාකයි වැවෙන්නේ. ඉතින්, රොමේෂ් වැනි උදවියගෙනුත් මානුෂ්‍ය හැගීම් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔය වැනි උදවියගෙන් තමා වෙන තරමක් සමාජ අසාධාරණකම් වෙන්නේ. මොකද.., අනුන් ගැන හෝ ඔවුන්ගේ හැගීම් ගැන කිසිවිටකත් නොසිතන ඉතාමත් ආත්මාර්ථකාමී ජීවිතයි ඔවුන් ගෙවන්නේ. ඒ වගේම හැමදාමත් අනුන්ට වෛර කරමිනුයි ඉන්නේ. ඉතින් ඔවැනි උදවියට "මනුස්සකම" කියනා උතුම් ගුණාංගය කවදාවත්ම පිහිටන්නේ නැහැ. දැන් ප්‍රියසාද්, අමිත් සහ රොමේෂ් වැනි උදවිය තමා හැමදාමත් ජාතිවාදයට ආවඩන්නේ. මොකද මෙවැනි උදවියගේත් බඩගෝස්තරේ පැවතෙන්නේ ජාතිවාදයෙන් තමයි. අපි ඒවා සජීවීව දැන් දැන් දකිනවා. ඔන්න ඕකයි සත්‍යය.

:       156       133

රොමේෂ්Friday, 29 September 2017 12:23 PM

ජයම්පති මගේ ආගම සහ දේශපාලනය සම්බන්ධව තමා විසින්ම මවාගත් මූලික උපකල්පනයකට කොටු වී වලිගෙ පාගාගෙන කරුණු දැක්වීම පිළිබඳව කණගාටු වෙමි. මා විසින් මතුකලේ උග්‍ර සමාජ පිළිලයක්වූ "සීතල මුස්ලිම් කාරණය" සහ සරණාගතයන් මුවාවෙන් ලොවතුල වර්ධනය වන "මුස්ලිම් ව්‍යාප්ත වාදයයි". මේ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඒ ඔබ කියනා "සහජීවනයද". එසේ කරනා සෑම ක්‍රියාවක් සඳහාම අප විසින් අපේකම හෑල්ලුවට ලක්කරගත යුතුද? ඔබ සහ හුසේන් යන දෙදෙනාගෙන්ම අසන ප්‍රශ්නය නම්, කිසිම මැද පෙරදිග රටක පුරවැසි භාවය ලබා ගැනීමට වෙන අයෙකුට නොහැකි හේතුව කුමක්ද? ඒ සියවස් ගාණක් තිස්සේ ඉස්ලාම් දහමින් පෝෂණය වී හිමිකරගත් දෝරේ ගලන සහජීවනයද එහෙමත් නැත්නම් ඔබ විසින් මා ළඟ නොමැති බව දක්වන මානුෂිකකම ඔවුන් තුල උතුරා යන නිසාද? ශ්‍රී දළදා මාලිගාව අවට මුස්ලිම් දේවස්ථාන කීයක් තියෙන බව ඔබ දන්නවද? නමුත් සෞදියට මුස්ලිම් නොවන කිසිම ආගමික දෙයක් ගෙනගියොත් වෙනදේ කුමක්ද ඔබ නොදන්නවා විය හැකිද? මගේ මනුස්සකම සහ හැදියාව අභියෝගයට ලක්කරන හුසේන්ට මක්කමට ඇතුළුවීමට හැකි වුණත් ජයම්පතිට හැකිද? මා නැවතත් මතුකරනුයේ අප විරුද්ධ සරණාගතයින් රඳවා ගැනීමට නොව මෙහි යටි අරමුණටයි.

:       70       208

ජයරත්න Thursday, 28 September 2017 04:06 PM

ඔබ මුස්ලිම් පවුලක ඉපදී යමෙකු ඔබේ ගම් ගිනි තැබුවොත් ඔබ ඔබේ පවුලේ ආරක්ෂාවට හැකි තැනකට පලා නොයන්නේද? සහෝදර සිංහලයිනි, තමා උපමා කොට සිතන්න. ත්‍රස්තවාදීන් හා සරණාගතයින් අතර වෙනස හඳුනාගන්න. සියල්ල අහිමි වූ මිනිසුන්ට පහරදී පව් පුරවා ගන්න එපා. අසරණ වූ මොහොතේ පිහිට වෙමු. නුදුරේදීම බටහිර රටවල් විසින් මොවුන් බාරගනියි.

:       1385       1511

AnandaThursday, 28 September 2017 09:47 PM

ජයරත්න බලන්න යුරෝපෙට මෙකද වුණේ කියලා. මුස්ලිම් සරණාගතයෝ අරන්. ඕස්ට්‍රේලියාවේ ඔක්කොම ත්‍රස්තවාදී වැඩ කරන්නේ මේ සරණාගතයෝ වගේ අපු කට්ටිය. ඕස්ට්‍රේලියාවේ මිනිස්සුන්ගෙන් නිකන් කල බිල ඒ අයටම බෝම්බ ගහනවා.

:       17       33

AsehnFriday, 29 September 2017 03:54 AM

මෙහේ අහිංසකයෝ වගේ ඉන්නේ අය එහේ මිනිස්සු කීයක් කපලා කොටලද? මානව හිමිකම් මොකටද මේ අයට

:       773       648

HafeelFriday, 29 September 2017 11:58 AM

ඉරිසියාවෙන් බලන්න එපා. මේකද බුදු දහමේ උගන්නලා තියෙන්නේ? හරියට දැක්කා වගේ කියන්නේ..

:       1       160

R. RavindraFriday, 29 September 2017 07:07 AM

අප මුස්ලිම් හෝ මොනයම් ජාතියක ඉපදී සිටියත් අපගේ ගෙවල් කිසිවකු නිකරුනේ ගිනි තබන්නේ නැත. වර්තමානය වන විට මුස්ලිම් ජාතියට හැරුණු කොට, ලොව කිසිදු ජාතිකයකුට හෝ ආගමිකයකුට තමන් ගේ ජාතිය හා තම ආගම පමණක් මේ මිහි පිට තිබිය යුතුය යන තුච්ච අභිමතාර්ථය නොමැත. වෙනත් කිසිදු ආගමික නායකයෙකු එවැන්නක් උගන්වා ද නැත. එවන් වූ මිලේච්ච අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අන් අය තලාපෙළා ඔවුන්ගේ සියලු අයිතීන් උදුරා ගනිමින් කන්න දුන් අත හපා කෑවුනට ප්‍රතිප්‍රහාර එල්ල වෙද්දී, තවකෙකුගේ අනුකම්පාව යදින වංචාකාරී නිවටයින් අප මාතෘ භූමියට අවශ්‍ය නැත. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ අප පරම අවිහිංසාවාදී ආගමික දර්ශනයක අනුගාමිකයින් වෙමු. එහෙත් ඒ නාමයෙන් වංචාකාරී අධර්මිෂ්ටයන්ට රැවටෙන මෝඩයින් නොවෙමු. පව් පින් ගැන අපට දේශනා කිරීමට පෙර තමුන්ටම වැරදුන තැන සහ හේතුව හඳුනා ගන්න. තම ජාතිය ගැන කැක්කුමක් තිබේනම් පළමුව තමන් වරදෙන් මිදීමට උත්සාහවත් වෙන්න. එවිට මතුවට හෝ මෙවන් ඉරණමක් ඔබ ජාතියට අත් නොවේවි. සිංහල අප යුක්තිය වෙනුවෙන් පමණක්ම සටන් අරබන්නේය. එවන් වූ සටනින් පලා නොයන්නේ මෙන්ම මර බියෙන් අනුන්ගේ අනුකම්පාව යදින්නේ ද නැත.

:       245       420

ජයරත්න Friday, 29 September 2017 10:20 AM

ඔබ මාගේ සිංහලකම හා බෞද්ධකම ප්‍රශ්න කිරීමට පෙළඹීම ගැන කණගාටු වෙමි. බෞද්ධ දර්ශනය මීට වඩා හොඳින් හදාරා ඔබගේ මතවාද ඒ හා කොතරම් හොඳින් ගැලපේ දැයි සොයා බැලීමට යම් දිනක ඔබට විවේකයක් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.

:       110       222

husen-riyadFriday, 29 September 2017 08:07 AM

ජයරත්නලා වැනි " මනුස්සකම " තියෙන උදවිය බහුතරයක් ඉන්නෙක ගැන ලංකාවට අභිමානයක්. මොකද.., ඔබ ඔය කියනා මනුස්සකමට නිගා කරන්නෙත්, ගිහියන්ට සම්බුද්ධ සාසනය උගන්වන උදේ හවස බණ කීම මුල් කරගෙනයි. එයින් සිංහලයන් සහ බෞද්ධ දර්ශනය පිළිබද ලෝකෙට යන පණිවිඩයෙන් සමස්ත ලාංකිකයින්ටම කවදාවත්ම මකන්න බැරි කැළලක් බව නොකිවමනාය. අපි දැක්කා, ගල්කිස්සේදී සිදුවූ ඒ අසීලාචාර සිදුවීම් මාලාව ඕලන්ද ගුවන් තොටුපලක් ඉදිරිපිට ඉතාමත් පුළුල් රුපවාහිනියක නැවත නැවතත් විකාශනය කරනවා. කාන්තාවන් සහ ළමා ළපටීන් 24ක් සමග පිරිමින් 7 දෙනෙකු ඔවුන් අතර සිටිනවා. එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ මෙරට තුල තාවකාලිකව අවතැන්වෙලා සිටිනා මොවුන්ටයි ඉතාමත් නින්දිත ආකාරයෙන් මරණ තර්ජන පවා සිදුකරේ. ඔය උදවිය ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කලේ තමන්ගේ නිරුවත විනා අනෙකක් නොවේ.

:       280       250

nimallalitha Thursday, 28 September 2017 04:31 PM

සරණාගතයන්ගේ හිමිකම් ගැන කතා කරන මේ මානව හිමිකම් නිලදාරින්ට සහ හොර සමාජ වාදීන්ට සිංහලයාගේ අනාගතය සහ ඔවුන්ගේ නැතිවෙන අයිතිවාසිකම් නොපෙනෙන්නේ ඩොලර්වලට ඔවුන්ගේ ඇස පොට්ට වී ඇති නිසාද.?

:       2108       2417

achira Thursday, 28 September 2017 05:00 PM

හිමිවරුන් කල ක්‍රියාව හරි

:       3140       2636

LANKAMANThursday, 28 September 2017 05:47 PM

ඔවුන් හිමිවරුන් නොවේ.... ජාතිවාදීන්ට කඩේ යන හොර චීවරදාරින් .

:       0       8

NishanThursday, 28 September 2017 11:42 PM

එ්ත් ගිය ආණ්ඩු කාලේ මෙහෙම කලේ නැහැනේ. දෙපාරක් ආවා මිසක් නැතුව හිටියේ. ඒ බයටද එතකොට? බයටද, නිවටකමටද, දේශපාලන වහල්කම නිසාද?

:       0       0

KamalFriday, 29 September 2017 02:33 AM

හිමිවරුන් ක්‍රියා කළේ බුදු වදන අනුව. ඔවුන්ට චීවරධාරි රස්තියාදු කාරයන් කීම හෙලා දකිමි.

:       7       15

sarath Thursday, 28 September 2017 06:17 PM

පසුගියදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ඉන්දීය ආරක්ෂක අංශ විධිමත්ව පැවසූවේ ආරාබියේ ඇතැම් අන්තවාදීන්ගේ අරමුදල් රෝහින්ග්යා මුස්ලිම් අන්තවාදීන් අතට පත්වන බවයි. තවද රෝහින්ග්යා ප්‍රදේශයේ ජීවත් වූ හින්දු ජාතිකයින් 45 දෙනෙකුගේ මල සිරුරු සමූහ මිනී වලකින් හමු වී ඇති බවයි. දැනට ඉන්දීය දේශ සීමාවේ සිටින 40,000 ක් පමණ වන රෝහින්ග්යා පිරිස් වෙත ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට එරෙහිව එරට ආරක්ෂක අංශය ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීය. තවද ඊට සම්බන්ධ බංග්ලාදේශ බලගතු ත්‍රස්ත නායකයෙක් වන රහමන් ඇතුළු තිදෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියන්මාරයේ මුස්ලිම්වරුන්ට සිදුවන අපරාධවලට යමෙක් උද්ඝෝෂණය කරනවා නම් ඒ අය පකිස්ථානයේ සහ ඊජිප්තුවේ ක්‍රිස්තියානින්ට එරෙහි ඝාතන පිළිබඳවත්, බංග්ලාදේශයේ චිතගොන් බෞද්ධයින්ට එරෙහි ඝාතන පිළිබඳවත් සාකච්ඡා කළ යුතුය.

:       0       40

janatha anura UAE Thursday, 28 September 2017 06:29 PM

ජයරත්න සමග මම මියන්මාරයට යනවා. එහෙන් එන අයට මෙහෙ උදව් කරන අය ඉන්නවා. මෙහෙන් යන අපිට ආගම තියෙනවා. පන්සල් තියනවා. අපිට ගහන්නේ නැහැ. අපිට එම රට අල්ලගන්න වුවමනාවක් නැහැ. එහෙන් මෙහාට එන අයටත් මෙහේ හොඳටම හොඳයි. නැගෙනහිර ඉතාම සුදුසුයි. එකම සංස්කෘතිය, එකම ආගම, එකම රටක් වෙනවා. එතකොට දැනට ඇති තොරතුරු අනුව ප්‍රදේශයේ නැගෙනහිර විශාල පිරිසක් පැමිණ ඇත. ඔවුන් සඳහා ගමක් ඉදිකෙරෙමින් ඇත.

:       8       21

[email protected] Thursday, 28 September 2017 08:19 PM

අපේ රටත් මහා පුදුමාකාර රටක් [සමහරක් මිනිස්සු] ... එ්ක ආගමක් ඉස්සරහට දාගෙන ඒක ආරක්ෂා කරන්න කියලා අනිත් ආගමිකයන්, ජාතිකයන් තලා පෙලන්න නෙමෙයි බුදු හාමුදුරුවෝ ඉගැන්නුවේ.. අපේ රටේ මිනිස්සු මොන තරම් පිරිසක් විදේශ රටවලට යනවද? ගිහින් ඒ රටවල පදිංචි වෙනවද? කොච්චර සිංහලයෝ පිට රට ඉන්නවද ඔය වගේ සරණාගතයන් ලෙසින්.. ඒ මිනිස්සු ඒ රටවල හොඳට රස්සාවල් කරගෙන හොඳින් නිදහසේ ඉන්නවද...? එතකොට අපේ පන්සල් ඒ රටවල කොච්චර බිහිකරලා තියෙනවද ...? කෝ ඒ රටවල් වලින් මේ වගේ විරෝධතා? කිසිදෙයක් නැහැ.. සැබෑ නිදහස කියන්නේ එ්කටයි.. ඇයි මේ අහිංසකයන්ට වද දෙන්නේ? ඒ මිනිස්සු ඒ රටේ ඉන්න බැරුව වෙන රටකට පලායද්දී අපේම මිනිස්සු බලහත්කාරෙන් අල්ලාගෙන ඇවිත් තියාගෙන වද දෙන්නේ ඇයි? මේ පුවත් ලෝකෙට ගියාම ලෝකේ මිනිස්සු හිතන්නේ ලංකාවේ මිනිස්සු අහිකුණ්ටිකයෝ කියලයි.. වනචාරින් කියලයි ..

:       0       22

Prema Thursday, 28 September 2017 09:22 PM

ඔවුන් රටින් පිටුවහල් කිරීමට හේතුව වූයේ කුමන ප්‍රශ්නයක්ද? සිතා බලන්න. මේ රට බෞද්ධයින්ට වගේම යම් දිනක අප රටේ බෞද්ධ ජනතාවටත් ප්‍රශ්නයක් ඇති වුවහොත් අප ගන්නා තීරණය කුමක්ද?

:       0       0

asanka Thursday, 28 September 2017 09:48 PM

ඩොලර් ලැබෙනවා නම් රටට හෙන ගැහුවත් මොකද, අනික ඩොලර් ලබාදෙන රටවල් මේ අයට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් දේශපාලන රැකවරණ කියලා ඒ රටවලට අරගෙනත් යනවා. ඔය ඕන තරම් ගිහිල්ලත් ඉන්න අය අපේ රට මොන තරම් පාවල දෙනවද?

:       0       0

ahinsa Thursday, 28 September 2017 10:33 PM

ඉතා මෑතකදී වයස 21ක රෝහින්යා තරුණියක් සිංහල පොලිස් නිලධාරියෙක් විසින් අසනීපයකට කළුබෝවිල රෝහලේ නැවතී සිටියදී පැහැරගෙන ගොස් දුෂණ කර ඇති බවද ලංකාවේ මාධ්‍ය මගින් මම දැන දැනගතිමි. සරණාගතයින් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඇත. රටක නීතිය රස්තියාදුකාරයින් විසින් අතට නොගත යුතුය. මෙය මෙලෙස සිදුවිය යුතුද? ත්‍රස්තවාදියෙකුට වුණත් ජීවත් වීමේ අයිතියක් ඇත. මෙම රෝහින්යා සරණාගතයින් ත්‍රස්තවාදීන් කියා නීතියෙන් ඔප්පු කර නොමැත. යමෙකු ත්‍රස්තවාදියෙකු ලෙස හැසිරුණත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් සහ එහි ජනතාව වශයෙන් අප හට ත්‍රස්තවාදීන් ලෙස හැසිරිය නොහැක. මෙවැනි අසංවර නූගත් වනචාරි දේ නිසා සිංහල බෞද්ධ ජනතාව ජාත්‍යන්තරේ කොන්වී පිළිකුල් වෙනු ඇත. බටහිර රටකට යන්න දැනටමත් සිංහල බෞද්ධ ජනතාව වෙත එම රටවලින් වීසා පවා නිකුත් කොකරන බව කවුරුත් දන්නා රහසකි.

:       0       155

Prase Thursday, 28 September 2017 10:49 PM

ඇයි මුස්ලිම් රටවල් මුස්ලිම් මිනිසුන් බාරගන්නේ නැත්තේ? ඔවුන්ට මැද පෙරදිග පුරවැසිභාවය දෙන්න පුළුවන්නේ...

:       0       3

ලුම්බිණි Friday, 29 September 2017 12:32 AM

මෙම සරණාගතයින් ටිකට වෙන රටකට යනකම් කරදර නොකර ඉන්න..... අන්තවාදීන් නිසා අපි එදා ඉඳලම ජාතියක් වශයෙන් පිරිහුණා. රටක් වශයෙන් අපහාසයට ලක් උනා. මුළු ලොවම ගරු කොට සැලකූ බුදු දහම පවා අද අන්තවාදී ආගමක් බවට පත් කරමින් යනවා.

:       0       12

Sidath Friday, 29 September 2017 12:35 AM

අරණායක, ශාලාව ප්‍රදේශ වල අවතැන් වූ ජනතාව තවමත් කුඩාරම් වල දිවි ගෙවයි. කුණු කදු අස්සේ ජනතාවද බියෙන් කල් ගෙවයි. ඔවුන්ට වැසිකිලි පහසුකම පවා හරිහැටි නොමැත. නමුත් ඔවුන්ව මානව හිමිකම් නිලධාරීන්ට සහ දෙලොවාටම නැති බොරු සංහිදිය කාරයන්ට නොපෙනේ. ඔවුන් මුස්ලිම් අන්තවාදීන් වුවා නම් කදුළු පෙර පෙර ඔවුන්ට උපකාර කරන මෙන් ඉල්ලා සිටි. මේ වගේ සිංහල ජාතියක් විනාශ වී යන තරමටම හොඳයි. නමුත් මේ රටේ ඉදිරියට බිහි වෙන පරම්පරාවට බියෙන් සැකෙන් තොරව... තමාව කොයි වෙලේ ඝාතනය කරයිද යන බියෙන් තොරව මිලේච්ඡතාවයෙන් තොරව, ලිංගික වහලියන් බවට පත් නොවී කාන්තාවට නිදහසේ ජිවත් විය හැකි රටක් ඉතුරු විය යුතුය. මුස්ලිම් අන්තවාදය සම්ප්‍රදායික මුස්ලිම් සමාජය ගිලගෙන හමාරය. මුස්ලිම් ප්‍රදේශ වලට අන්‍ය ජාතීන්ට යා නොහැක. නිලධාරීන්ට රාජකාරී කිරීමට යා නොහැක. කුඩා ගැහැණු ළමුන් ඔවුනට විවාහ කර ගැනීම සඳහා ඉල්ලයි. මෙරට තුල සිංහල බොදුනුවන් නැතිව ගියත් මේ පින් බිමේ අනාගත උරුමකරුවන්ට නිදහසේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ඉස්ලාමිය අන්තවාදය පැරදවිය යුතුය.

:       0       0

ANURA Friday, 29 September 2017 12:41 AM

ඔබල ඔය කථාකරන එක් අයෙකු හෝ සරණාගත බවට අයදුම් කරන ආකාරය දන්නෙහිද? ඔබලා අදුරේ අත්පතගාන්න එපා .නොදන්නා දේ කතාකරනත් එපා. රටක සරණාගත බව අයදුම් කලයුත්තේ දේශසීමාවට පැමිණීමෙන් පසුවයි.....එදිනම පොලිසියට, ආගමන විගමන දෙපාර්තමේන්තුවට බරවී තමන් සරණාගතයෙකු බවත් තමන් අසවල් රටේයි බවත් ඔප්පු කලයුතුයි...එසේ නැත්නම් ඔවුන් කල්ලතෝනි..... ඔබලාට වැටහෙන්නේ නැද්ද? ආසියාවේ මේ තරම් ධන්වත් රටවල් තිබියදී ලංකාවට පමිණියේ මන්ද කියා. අපේ රටේ මිනිසුන්ට වතුර නැහැ බොන්න.... සමහර පාසල් වලට වැසිකිලි නැහැ .ආරෝග්‍යශාලා වලට බෙහෙත් නැහැ . අපි මහා ලොකු සල්ලි කාරයෝද .අනුකම්පා කල යුත්තේ ,පින් කලයුත්තේ .සුදුස්සන්ට. හොයල බලන්න බුරුමෙට .මේ අයගියොත් ඔය විදියටම තමා ,බුරුම හමුදාව පහරදුන්නා .

:       0       0

sarath Friday, 29 September 2017 01:50 AM

කන්න දීපු අත හපා කාල ලැබුණු අත්දැකීම් නිසා වන විරෝධය අසාධාරණ යයි කීම අමාරුයි.පොඩි ළමයින් පවු .ඔය රොකට් මෝටර් යවන, බෙලි කපන මෝඩ රැලක් හින්ද වෙන විනාශය මුස්ලිම් වරුන්ට මයි.ඔවුන් කවදාවත් එයට විරුද්ධව හඬක් නගන්න උත්සහකරන්නේ නැහැ ?

:       0       64

nimallalitha Friday, 29 September 2017 02:16 AM

මුස්ලිම් හෝ සිංහල නොවන සරණගාතයන් හෝ මේ වෙලාවේ විපතට පත් මිනිසුන් ගැන සිතන, එහෙත් තමාගේ ඉඩමේ වට ඉන්නක් වෙනස් වුනත් ගහ මරාගෙන උසාවි නැතිනම් පොලිසි යන සිංහල උපාසක මහත් වරුනි මේ ය මුලින්ම එන්නේ සරණාඝතයින් ලෙසින්. මෙහි පැමිණි සිංහල අපේ මිනිස් කම නිසා පදිංචිය ස්ථිර වූ පසු අසිංහල දේශපාලකයන් හා එකතු වී සිංහලයාව මේ රටේ අසරණ බවට පත් කරන එක වරදියි. අද මේ සිංහල ජාතිවාදීන් කියන අපි සියලුම කරදර වලට මුහුණ දෙමින් කටයුතු කරන්නේ සටන් කරන්නේ ඔබෙත් අපෙත් අනාගත සිංහලයන් වෙනුවෙන්. ඔවුන් බෝ වුනේ ඔබේ වුවමනාවට හෝ ජොලියට කල ක්‍රියා නිසා විය හැක. නමුත් ඔවුන් සිංහලයන් වශයෙන් තම මව් බිමේ ජිවත් විය යුතුය. මේ වර්ගයාගේ අසරණ කම ගැන කතා කරන ඔබ අද නැගෙනහිර පුංචි අරාබියක් බවට පත්වී ඇති හැටි බලන්න. එදා සිංහල රජකාලේ කාත්තන් නමැති හම්බයගේ නැව මුහුදු බත්වූ නිසා එදා සිංහල රජුගේ අනුකම්පාවෙන් මෙහි පදිංචි වූවන්ගේ අද තත්වය කුමක්ද?. අද එහි සිංහලයන්ට ඉඩ නැත.

:       0       31

sanjaya Friday, 29 September 2017 03:14 AM

අනුකම්පා කරල කවදහරි අපිට සරනාගතයෝ වෙලා මෙ රටින් යන්නවෙයි

:       38       336

Pansilu Friday, 29 September 2017 03:46 AM

ඔබ බෞද්ධයෙක් නම් වෙන්න බැහැ

:       319       99

Sony Friday, 29 September 2017 03:58 AM

රෝහින්‍යා ළමයි වෙනුවෙන් යහපතක් කරන්න හදන්නේ ලංකාවේ ස්ථීර පදිංචිය ඇති ළමයින්ට ඉස්කෝල නැති එක පෙනෙන්නේ නැද්ද? මුන්ට ඉන්න දුන්නොත් ඔය විදිහටම තව ලංකාවට එනවා සිංහල ජාතිය නැති වෙන වැඩක් මේක....

:       259       841

JANAKA Friday, 29 September 2017 04:31 AM

කවුරු මොනව කිව්වත්, මේ මුස්ලිම් ජාතිකයන් රටට ලොකු තර්ජනයක්. මේ සිද්දියේ මානව හිමිකම් ගැන සොයා බලන උන් දැනගන්න ඕන ඒ රටෙන් මුන්ව එලව්වෙ නොබෙල් තෑග්ගට තේරුන නායිකාවක්. ඇය එහෙම කලේ ඒ රටර ආදරය කරන නිසයි. අපේ රටේ නායකයෝ දුර්වලයි. කෝ අපේ නාවික හමුදවෙ වැඩ. මුන්ව අල්ලගන්න බෑරි උනේ ඈයි? මේ ළමයි පාසල් වලට ඇතුල් කලේ කොහොමද? ඒකට උදවු කළේ කවුද? මේවා හොයල බලන්න බැරි පොලිසිය නිදිද? යස් සර් මහත්තය හොයල බලන්න මුන්ව හන්ගගෙන තියාගත්තෙ කවුද කියල. මොකද යස් සර් මහත්තය හරි දක්ෂයි බෞද්ධ ස්වාමින් වහන්සේලා අත්ඩංගුවට ගන්න. ජනමාධ්‍ය වලිනුත් පොටෝ එක්කම නම ගම එක්කම දාන්නකො කවුද මේ මානව හිමිකම් ක්‍රියා කාරින් කියල අපට බලාගන්න. මොකද ඒහෙම නොකරන්නෙ ඔයාලත් NGO වලින් මුදල් ලබා ගන්නවද?

:       107       1593

shiraz Friday, 29 September 2017 04:41 AM

ආගන්තුක සත්කාර ලෝකය අංක 1 ..........

:       126       34

ජයන්ත මිලානෝ Friday, 29 September 2017 04:49 AM

තමාට මෙන් තම අසල්වැසියාට ප්‍රේමකරන්න. යහතින් නපුර පරාජය කරන්න. නුඹේ සතුරාට බඩගිනි වුවහොත් කන්ට දෙන්න... ජේසුස් වහන්සේ කී සේක. කැරලි කරන අය සොයා ධර්මය නිසි ලෙස ඉගැන්වීමේ කාලය පැමිණ ඇත.

:       0       6

Prabath Friday, 29 September 2017 04:57 AM

ඇමෙරිකාව අනෙක් රටවල් වල මානව හිමිකම් ගැන කතා කරනවා. ඒ වුණාට ඇමෙරිකාව අනෙක් රටවල මිනිසුන්ට ඇමෙරිකාවට එන්න දෙන්නේ නැහැ. මේ ලඟදී ඇමෙරිකාවට මෙක්සිකෝවෙන් ආපු මිනිස්සු වගයක් ඇමෙරිකාවේදී වාහනයක් ඇතුලේ හිරවෙලා සෑහෙන මිනිස්සු ගොඩක් මැරුණා. මේ සිදුවීම වෙද්දී මම හිටියේ ඇමෙරිකාවේ. ඇමෙරිකාවට අමාරුනම් ඇමෙරිකාව මේ සරණාගතයන්ට රැකවරණ දෙන්න ඕනෑ අපිට කියන්නේ නැතුව. මේ හාමුදුරුවරු සරණාගතයන්ට ගහපු එකත් වැරදියි.

:       0       15

rohan Friday, 29 September 2017 05:14 AM

අපේ රටේ ළමයි කීදෙනෙකුට තවම පාසල් නැතිව ඉන්නවද කියලා ඔය ගුරු සංගමේ ජෝශප් මහත්තයා දන්නවද? සරණාගතයෝ කියන්නේ මෙහෙ පදිංචි කරලා පාසල් යවන්න ඕන අය නෙවෙයි. ප්‍රශ්නේ ඉවර වෙනකම් ඉන්න දුන්න නම් ඇති...

:       24       3

දාවිත් Friday, 29 September 2017 06:56 AM

ආාගන්තුක සත්කාර ?? ආරාබියේ හොදට බලාගතහැකි.. අංක 1 අරාබිය.. නේද..

:       16       56

vipula Friday, 29 September 2017 07:44 AM

බුදු දහමේ නිවටකම් කොතැනකවත් සඳහන් කර නැත. මේ කරන්නේ නිවට කම් වේ.

:       0       6

arschfikaa Friday, 29 September 2017 09:28 AM

මම නම් කියන්නේ මේ අසරණ සරණාගතයින්ව වහාම හොඳ බටහිර ජර්මනිය වගේ රටකට පිටත්කරලා යවන්න කියලා...

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 174 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 88 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 117 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 458 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 165 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 509 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site