( තිළිණි ද සිල්වා )
මියන්මාරය සහ නොර්වේ රටවල් සදහා නව ශ්‍රී ලංකා තානාපතිවරුන් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස හිටපු මහ ඇමැතිවරයකු වන නන්දිමිත්‍ර ඒකනායක මහතා සහ නොර්වේ හි ශ්‍රී ලංකා තානාපති වශයෙන් මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය රජය විසින් පත් කරනු ලැබ ඇත.
මීට පෙර මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ කේ.ඩබ්ලිව්.එන්.ඩී කරුණාරත්න මහතාගේ සේවා කාලය අවසන් වීමත් සමඟ පුරප්පාඩුව පැවති එම ධූරයට ඒකනායක මහතා පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
ඒකනායක මහතා පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක්,මහ ඇමැතිවරයෙක් ලෙස කටයුතු කර ඇති දේශපාලනඥයකුද වේ.
නොර්වේ රටවල් හී ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කරනු ලැබූ මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය නොටින්හැම් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන්නීය.
මීට පෙර නොර්වේ හී ශ්‍රී ලංකා තානාපති ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ ජයන්ත පලිපාන මහතා කටයුතු කළ අතර ඔහුගේ තුන් වසරක සේවා කාලය අවසන් වීමත් සමඟ මෙම මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය පත් කරනු ලැබුවාය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මියන්මාර් - නොර්වේ රටවලට නව තානාපතිවරු දෙදෙනක්
ලුම්බිණි Monday, 23 July 2018 08:55 AM
නොටින්හැම් විශ්ව විද්‍යාලයේ ඉන්න කෙනෙක් යවන්නේ වෙන සුදුසු කිසිවෙක් ලංකාවේ නැතුවද?
C.K.Lankaputhra Monday, 23 July 2018 09:21 AM
එතකොට හිටපු මහ ඇමැති තුමා සුදුස්සෙක්ද?