IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මියන්මාර් රජයට සහාය පළ කරන උද්ඝෝෂණයට අතුරු තහනමක්

(නිමන්ති රණසිංහ)

සිංහල බෞද්ධ සංවිධාන 17ක් එකතුව මියන්මාර් රජයට සහාය පළ කරමින් අද(19) කොළඹ විහාර මහා දේවි උද්‍යානය අවට පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අතුරු තහනම් නියෝගයක් පැනවීය.

ඒ අනුව බොදු බල සේනා සංවිධානය, සිංහල රාවය, රාවණා බලය, ජාතික පෙරමුණ, ජාතික භික්ෂු පෙරමුණ ඇතුළු සංවිධාන 17කට මෙම නියෝගය නිකුත් කෙරුණු අතර කොළඹ පිත්තල හංදිය, දවටගහ පල්ලිය අසල, රොස්මිඩ් පෙදෙස, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, හෝර්ටන් පෙදෙස, එෆ්.ආර්.සේනානායක මාවත සහ කන්නන්ගර මාවත යන ස්ථානවල එම උද්ඝෝෂණ තහනම් කරමින් අදාළ නියෝගය නිකුත් කර ඇත.



අදහස් (10)

මියන්මාර් රජයට සහාය පළ කරන උද්ඝෝෂණයට අතුරු තහනමක්

Ruwan Tuesday, 19 September 2017 10:48 AM

මොවුන් බෞද්ධ කියල කියන එකත් අපට මහා පාපයක්. එහෙම නැත්තනම් මොවුන් කොච්චර මනාප ගන්න ඕනෙද මැතිවරණයකදී. බෞද්ධයන් මොවුන්ව ප්‍රතික්ෂේප කර අවසන්. සාසනයට අපහස කරන මොවුන්ට විරුද්ධව පියවර නොගැනීම තමයි මහනායක වරු කර මහම අපරාධය.

:       4438       2275

gayanTuesday, 19 September 2017 10:28 PM

සිංහල නම් වලින් ඇවිත් රුවන් කියල දා ගත්තට වචන වලින් දැනනෙනවා උරුලැවගේ ගඳ

:       1       79

sugathWednesday, 20 September 2017 12:20 AM

කරුණ කරලා කියන්න ඔබ බලාපොරොත්තු වෙන බෞද්ධයා කියන්නේ ඕනෙම දෙකට ඔලුව පාත් කරගෙන ඉන්න නිවටයෙක් කියලද ?

:       1       27

dasun Tuesday, 19 September 2017 11:03 AM

මම සිංහල බෞද්ධයෙක්. රට පාවල දීල කොටින්ගෙන් තෑගි ගන්න එකෙක් නෙවෙයි. එහෙත් මේ වැඩේ නම් දෙපාරක් හිතන්න කියන්නේ. කතාව තියෙන්නේ මේ ගම් ගිනි තියල විනාස කරනවා කියල. ඒ කතාව ඇත්ත නම් අපි සිංහල බෞද්ධයෝ හැටියට ඒක අනුමත කරන්න අමාරු නේද? අනික ඕකට සහය දෙන්න ගිහින් අපේ සිංහල බෞද්ධයන්වත් මිනීමරු හැටියට නේද යන්නේ. කොටින්ට උවමනාදේ තමයි එතකොට සිද්ධ වෙන්නේ. දැනටම සමහර බටහිර බලවේග ඔය සිදුවීම් අල්ලා බුද්ධාගමට බැට දෙනවා. ඒ නිසා හොඳට හිතලා බලලා තීරණයක් ගන්න. අපි ලංකාවේ බැට කනකොට අපිට බුරුමයවත් තායිලන්තයවත් උදවු කරාද?

:       111       64

Dhanuja Tuesday, 19 September 2017 11:31 AM

මේ අපේ රටේ අන්තිම කාලේ වෙන්න ඇති ගොඩක් දේවල් පාලකයන්ට තේරෙද්දී පරක්කු වැඩි වෙයි මෙහෙම ගිහින්

:       0       1

dias Wednesday, 20 September 2017 01:22 AM

මොකද? එකාබද්දයේ හාමුදුරුවරු ටික පස්ස ගහන්නේ. මේ පිරිසත් එක්කම වඩින්නකො.

:       28       0

ලුම්බිණි Wednesday, 20 September 2017 02:00 AM

මේ අය කරන්නේ බුදුන් වහන්සේට අවමන් කිරීමක්.

:       52       33

rocky Wednesday, 20 September 2017 02:48 AM

බුදුන් වහන්සේ අනුගමනය කිරීම අතහැර දමා රාවණා පස්සේ යන හාමුදුරු කෙනෙකුත් මේ අතරේ ඉන්නවා. රාවණා කියන්නේ පැහැදිලිවම මිත්‍යාවක්. වාල්මිකීගේ කතාවේ හැටියට රාවණා කියන්නේ ගැහැණු හොරෙක්. සල්ලාලයෙක්. මේ වගේ තක්කඩි චරිත පරමාදර්ශ හැටියට සලකන හාමුදුරුවරු බෞද්ධයෝද? මොවුන්ගේ නූගත් කමේ සීමාවක් නැහැ. මේ රාවණා හාමුදුරු මියන්මාර් අර්බුදය ගැන දන්නේ මොන කෙන් ගෙඩියද? සිවුර පෙරෙවුවත් මේ වගේ පුද්ගලයන් බෞද්ධ භික්ෂූන් හැටියට සලකන්න බැහැ. පිළිලයක් වන මුන්නහෙලාගෙන් රටට අවැඩක් මිස කවදාවත් වැඩක් නම් සිදුවන්නේ නැහැ. බෞද්ධයනි, පිබිදෙවූ.

:       120       0

SANJUWednesday, 20 September 2017 05:26 AM

රාවනා කියන්නේ ගැහැනු හොරෙක් නෙමෙයි, රාවනා සිතට කරදර කලේ නෑ, හැබැයි රාමා නම් කිව්වා ගින්නට පැනල පිරිසිදුකම පෙන්වන්න කියල. රාවනා කියන්නේ මිත්‍යාවක් නම් එකම කතාව රටවල් 3ක් පිළිගැනිමකට ලක්වෙන්නේ ඉන්දියාව, නේපාලය සහ ලංකාව මේ රටවල් තුනේම ඉතිහාස කතාවල රාමායනය තියෙනවා ඔයාට එක පැහැදිලි කරන්න පුළුවන් ද ?

:       0       52

rocky Wednesday, 20 September 2017 01:50 PM

සංජු මහත්තයෝ, නොදැන කතා කරන්න එපා. රාවණ සීතා ගැන මුලින්ම සඳහන් වෙන්නේ රාමායනයේ. ඒ පොතක් හොයාගෙන කියවලා බලන්න. ජී.එස්.බී.සේනානායක මහත්තය කරපු සම්පුර්ණ පරිවර්තනයක් තියනවා. ඉංගිරිසියෙන් ඕන නම් අර්සියා සත්තර් ගේ එහෙම නැත් නම් මෙනොන්ගේ පරිවර්තන තියනවා. සරල අනුවාද ඕන තරම් තියනවා. දකුණු ඉන්දියානු විශ්වාසය තියෙන්නේ රාවණා රජු ලංකාව පාලනය කරපු දෙමල රජෙක් කියලයි. කියවන්න පුර්නලිංගම් පිල්ලෙයි 1928 දී පල කල " රාවණ කින් ඔෆ් ලංකා". මේ ලියන මම මේ ගැන වසර 45ක් පමණ පර්යේෂණ කරපු කෙනෙක්. කවුරු හරි කියන්නන් වාලේ කියපු දෙයක් විශ්වාස කරන මෝඩ මිනිසුන්ට ඇත්ත දැනගන්න ඕනෑ නැහැ!

:       73       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 199 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 645 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 181 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 748 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site