(ඉන්දිකා රාමනායක)
මැයි දිනයේදී මහජන ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 20,000 ට අධික පිරිසක් සේවයට යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මින් 7000 ක පිරිසක් කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් ද තවත් 4000 ක් පිරිසක් මහනුවර ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන්ද, සෙසු පොලිස් නිලධාරීන් රථවාහන හැසිරවීම සදහා යොදවා ඇති බවද පොලිස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා සදහන් කළේය.
‘‘මැයි දිනය දා පොලිස් ආරක්ෂාවට අමතරව 30 දින රාත්‍රියේසිට විශේෂ රථවාහන මෙහෙයුම් ද ක්‍රියාත්මක කරනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම, රථවාහන නීතිය උල්ලංඝනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිඛෙනවා. බීමතින් බස් රථ ඇතුලූ වෙනත් රිය පැදවීම, අපරික්ෂාකාරි ලෙස වාහන රියපැදවීම, වේගයෙන් රියපැදීම සිදුනොකරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. බීමතින් බස් රථ ධාවනය කරන රියදුරන් මෙන්ම බීමත් රියදුරන්ට රථවාහන පැදවීම සදහා වාහන ලබාදෙන හිමිකරුවන් ද නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා.“ යයිද අජිත් රෝහණ මහතා පැවසීය.
කොළඹ නගරයේ සිදුවන සිදුවීම් සදහා 011-2433333 යන දුරකතන අංකයටත්, මහනුවර නගරයේ සිදුවන ක්‍රියාවන් සදහා 081- 2233333 යන අංක වෙත දැනුම් දිය හැකියි.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මැයි දිනයේ මහජන ආරක්ෂාවට පොලිසියෙන් 20,000 ක්
anura Sunday, 30 April 2017 11:10 AM
සෙනඟ අඩු තැන් වලට පුරවන්න දාන්න පුළුවන්...
sam Monday, 01 May 2017 07:17 AM
මේ තුන්වෙනි ඡේදයේ තියන වැරදි වලට වෙනදා නීතිය ක්‍රියාත්මක කරන්නේ "බුරුලෙන්ද?" මැයි දිනයට විතරක් නීතිය ක්‍රියාත්මක කලාම හරියනවද?