IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘මැයි පළමු වැනි දා මහ පාරේ හරි කම්කරු දිනය සමරනවා ‘ - පෙරටුගාමීන්


 
(විනීතා එම් ගමගේ)

         

මැයි පළමුවැනිදා කම්කරු දිනය සැමරීම තහනම් කරමින් රැළිය සඳහා පිටියක් හෝ ශාලාවක් ලබා දීම පවා ප‍්‍රතික්ෂේප කළත් තම පක්ෂය මහ පාරේ හෝ මැයි පෙළපාලි හා රැළිය පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

       

මැයි දින සමරන  කිසිවෙකුට ක‍්‍රීඩා පිටි හෝ ශාලා වෙන් නොකරන්නට නගර සභාව පියවර ගෙන ඇති අතර තමන්ට පමණක් නොව කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට පිටියක් දීම නගර සභාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ද එම පක්ෂය කියයි. 

         

ලෝකයම කම්කරු දිනය සමරන අවස්ථාවේ ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට කම්කරු දිනය සමරන්නට අවස්ථාව ලබා නොදීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකැයි ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ මුලස්ථානයේ අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප‍්‍රකාශ  කළේය. 

         

එහි දී තව දුරටත් අදහස් දැක්වූ නාගමුව මහතා මෙසේ ද පවැසීය. 

‘‘ලෝකයම මැයිදිනය සමරන්නේ මැයි පළමුවැනිදා. නමුත් කොළඹ මහ නගර සභාව කිසිදු පිටියක් දෙන්නේ නැහැ. මහනාහිමියන්ගේ ඉල්ලීම අනුවයි කටයුතු කරන්නේ කියනවා. 

          වෙනදා මැයි දිනය වෙනුවෙන් පොලිසිය පක්ෂ කැඳවා පවත්වන සාකච්ඡාව කරන්නේ පෙබරවාරියේ. නමුත් මේ අවුරුද්දේ ඒ සාකච්ඡාව පැවැත්වුවෙත් අපේ‍්‍රල් මාසයේ දියි. 

          ආණ්ඩුව කියන්නේ වෙසක් උත්සවය නිසා මැයි දිනය කල් දමනවා කියලයි. නමුත් 2007 දි වෙසක් පොහොය යෙදුනේ මැයි පළමුවැනිදායි. එදා යසට කම්කරු දිනයත් කළා. වෙසක් උත්සවයත් පැවැත්වුණා. සමාජවාදී භික්ෂු සංගමයේ හාමුදුරුවරුත් පෙළපාලි ගියා. 

          ලෝකයම මැයි දිනය සමරන්නේ මැයි මාසයේ දී. එක්සත් ජාතින්ගේ සංවිධානයත් එහෙමයි. හාමුදුරුවරු කියනවා  කියා මැයි දිනය කල් දැම්මා. දැන් අපේ‍්‍රල් මාසෙ වෙසක් සමරන්නේ ඇයි කියා හාමුදුරුවරු ආණ්ඩුවෙන් අහනවා. 

          වෙලා තියෙන්නේ වෙනත් දෙයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැයි දිනය සමරන්න බැහැ. රෝගී එක්සත් ජාතික පක්ෂයටත් බැහැ. නිරෝගි පක්ෂ මැයි දිනය සමරනවාට කැමති නැත්තෙ ඒකයි. මේ දවසේ තැබෑරුම් වහලා. ඉතින් තැබෑරුම් ඇරල බොන්න දෙන්න විදියක් නැති නිසා තමයි මේ දවස කල් දමාගන්න හදන්නේ. පුදුම හිතෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේකට එකඟ වුණ එකටයි. 

          1988 දි ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මැයි දින සමරුව තහනම් කළා. ඒ තහනම නොතකා මැයි දන සැමරූ ජනතා විමුක්ති පෙරමුණ මේ තහනමේ දි හිලෑ වෙලා තියෙන හැටි දැක්කම පුදුමයි.



අදහස් (18)

‘මැයි පළමු වැනි දා මහ පාරේ හරි කම්කරු දිනය සමරනවා ‘ - පෙරටුගාමීන්

ජයරත්න Wednesday, 25 April 2018 11:58 AM

කථාව ඇත්ත... මැයි දිනය අයිති කම්කරු ජනතාවට මිසක් ආණ්ඩුවට හෝ ආගමික සංස්ථාවට නෙමෙයි.

:       234       98

DarshanaWednesday, 25 April 2018 02:10 PM

එතකොට වෙසක් උත්සවයට වඩා කම්කරු දිනය ලොකුද?

:       84       65

Asanka GamageThursday, 26 April 2018 03:24 AM

ජයරත්න , ඔයාට ඕනෙම නම් ඔයාගේ ගෙදර සමරගන්න‍ෙ. නිකන් කහින්න එපා ඕනෙම වුණොත් 10ක් ඉඳි..පෙරටුගාමී කියලා නෙමෙයි දාන්න තිබ්බේ පසුගාමී කියලා

:       0       0

ලුම්බිණි Wednesday, 25 April 2018 12:08 PM

ලෝකයම මැයිදිනය සමරන්නේ මැයි පළමුවැනිදා කියන එක බොරුවක්.... රටවල් ගණනාවක් තිබෙනවා මැයි දිනය 1 වෙනිදා පවත්වන්නේ නැති.

:       4       91

Sapumal. Wednesday, 25 April 2018 12:11 PM

මේ අය පෙරටුගාමීන්නේ. ඉතින් මේ ගොල්ලන් මැයි දිනය සැමරුවාම රටේ ඉන්න සියලුම කම්කරුවන්ගේ බඩ කට පිරෙනවා. කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා. මේ ගොල්ලන්ගේ සමාජවාදී භික්ෂු සංගමේ අය පෙළපාලි ගියාම බොදු බැතියෙන් රට පිරී ඉතිරෙනවා. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම කරන්නට ඕනෑ.

:       2       113

සතයපාල Wednesday, 25 April 2018 12:30 PM

කමක් නැහැ සහෝදරයා... ඔයාලා පාරේ හරි මැයි දිනය සමරන්න. මොකද පාර අවහිර වෙන එකක් නැහැ. මුලු පක්ෂයේම දහයකට, පහළොවකට වැඩිය නැහැ නොවැ...

:       3       123

sampath Wednesday, 25 April 2018 01:52 PM

මේ වගේ පක්ෂ පිරිහිලා තියෙන්නෙත් මේ නිසාම තමයි. වෙසක් පෝය සහ මැයි දිනය එක දවසකට වැටුණාම මුල් තැන දෙන්න ඕනේ මොකටද කියලා නොදන්නා මේ වගේ "සමහරක්" ඉන්නවා.

:       1       62

Buddika Wednesday, 25 April 2018 03:17 PM

රටේ ජනතාවගේ මතය නොදන්න අය. මේ මිනිස්සු පෙරටු නොවේ පසුගාමීන්. රටේ මිනිසුන්ගේ වටිනා කාලය කා දමන්න රටටත් තමුන්ටත් වැඩක් නැති පිරිසක්.

:       4       37

ශාන්ත කුමාර Wednesday, 25 April 2018 04:00 PM

ඇත්තටම මැයි දවස අයිති කාටද දේශපාලනාඥයන්ටද

:       1       12

Bamunuarachchi Wednesday, 25 April 2018 04:34 PM

බුදුන් සැමරීම අපට කම්කරු සැමරිල්ලට වඩා ලොකුයි. එමනිසා ආගම අබිං කියන මේ කුරුටු ගාමින්ට මැයි 1 දිනට මිනී පිට්ටනියක් හැරෙන්නට වෙන කිසිම පිට්ටනියක් දෙන්න එපා....

:       122       250

theshanThursday, 26 April 2018 02:50 AM

ඔබ සමග මම එකඟ වෙමි, අතක් පතක් නැති මවන් කුහකයන් පෙළපාලි පවත් වුවොත්, ගහල පන්නන් ඕනේ.

:       1       4

jerami Wednesday, 25 April 2018 04:50 PM

ඕක කොහේ තිබ්බම මොකද? කාගේ හරි අගු පිලක වුනත් කමක් නැහැ. දහදෙනෙක් විතර ඉන්න නිසා එච්චර ඉඩකුත් ඕනේ නැහැනේ. අනෙක කම්කරුවන්ට ඇති වැඩකුත් නැහැනේ. හිනත් යනවා මේවට...

:       1       61

නාත් රණසිංහ Wednesday, 25 April 2018 05:01 PM

ඇමරිකා එක්සත් ජනපදයේ කම්කරු දිනය සමරන්නේ සැප්තැම්බර් පළවෙනි සඳුදා. ළිං මැඩියන්ට ලෝකය ගැන අවබෝධයක් නෑ...

:       0       40

Chanak Los angeles Wednesday, 25 April 2018 05:37 PM

මැයි දිනය සමරනවා කියලා කරන්නේ සිහිනැති වෙන්නම බීගෙන කුණුහරුප කියමින් යන එකනේ .

:       48       79

Chanak Los angeles Wednesday, 25 April 2018 05:48 PM

මිනිසාට නියම විමුක්ති මාර්ගය කියාදුන් බුදුන් සමරන දවස අපට වටිනවා වෙරිවෙන්න බීගෙන කුණුහරුප කියමින් යන පෙරටුගාමීන්ගේ දවසට වඩා

:       4       50

amal Thursday, 26 April 2018 03:21 AM

දැන් පාරේ කියන්නේ, ඇයි කලින් මැයි දිනය සමරුවේ ගේ ඇතුළෙද? එකෙනුත් තැලෙන්නේ පොඩි අහිංසක මිනිස්සු. මොකක්ද ඇති වැඩේ. පාරේ දිගේ කැගහ ගහ ඔහේ යනවා පක්ෂ වලට බෙදිලා. කම්කරු දිනය පක්ෂවලට අදාල නැ

:       0       0

ranga Thursday, 26 April 2018 03:22 AM

ලංකාවේ පවත්වන්නේ මැයි රැලි නොවෙයි දේශපාලන රැලි , හරිනම් සියලු දේශපාලන පක්ෂ හා කම්කරුවන් එක මැයි රැළියක් පවත්වන්න ඕනේ ,

:       0       0

Sampath Thursday, 26 April 2018 03:24 AM

ඔහොම යමු මේ වගේ වැඩකටවත් නම්ම්‍යශීලි නැති අයට ජනතාව උවන්වයි මරුණත් විපාක ලැබෙයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 120 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1191 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 335 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 174 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 792 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site