IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


මරණ දඬුවමේ ආරංචියට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ බියෙන්

(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් 07 දෙනාට මරණ දඬුවම ක්‍රියිත්මක කරන බවට ලද ආරංචියත් සමගම දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සිර මැදිරියේ මරණ දඬුවම නියමවුවන් 271 සිටින අතර  ඊට එරෙහිව අභියාචනා මත සිටින සංඛ්‍යාව 47ක් බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ අවසන් වරට මිනිසෙකු එල්ලා මරා ඇත්තේ 1976 ජුනි 23 දාය.

ලංකාව පුරා බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය චෝදනා මත මරණ දඩුවම නියමවුවන් 18 දෙනෙකු රඳවා සිටින බවද එම  ප්‍රකාශකයා කීය. 
 



අදහස් (26)

මරණ දඬුවමේ ආරංචියට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ බියෙන්

Raveendra Wednesday, 11 July 2018 02:59 PM

මේ ළඟ එන බූරුවන්, හරකුන් තේරීමේ මහා තරගයට වේදිකාවල නිර්වස්ත්‍රව කෑ ගැසීමට හොඳ මාතෘකාවක්..

:       2       408

casmir Thursday, 12 July 2018 05:27 AM

හොද දෙයක් ඒත් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ .

:       0       98

sirimal Wednesday, 11 July 2018 03:11 PM

මරණ දඬුවම ක්‍රියාත්මක කිසිම රටක එම දඬුවම ලබාදෙන අපරාද වල අඩුවීමක් දකින්නට ලැබෙන බවක් පෙනෙන්නට නැති බවයි වැඩි දෙනාගේ අවබෝධය. මත් කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධානින් අල්ලනේ නැතුව "පාබළ හේවායන් " එල්ලා මැරීමෙන් වැඩක් වෙන්නේ නැහැ. අපේ රටේ මත්කුඩු අල්ලාගත් පසුව දේශපාලඥයින් එතනට සම්ප්‍රාප්තවී අහු වුන බලවතුන් සිප වැළඳ ගැනීමේ සම්ප්‍රදායක් තිබුන බව කවුරු කවුරුත් මතක තියාගත්තොත් වටිනවා. අද කොළ නැති ගහේ යවන්න නියම වෙන කුඩු රජාලා හෙට පත් වෙන පාලකයින්ගේ ඔඩොක්කු වලට වැටෙන්නත් බැරි නැහැ.

:       22       290

de silva Wednesday, 11 July 2018 03:44 PM

ඕක කරනවා නම් බොරුවට ප්‍රචාරය කරකර ඉන්නේ නැතුව එකවර කරලා දමන්න

:       15       273

mangala Wednesday, 11 July 2018 03:46 PM

නියම තීරණයක් ඔයගොල්ලෝ බය වෙන්න ඕන තමයි.

:       1       221

de silva Wednesday, 11 July 2018 03:47 PM

මට අවස්ථාවක් දෙනවා නම් එල්ලලා මරන්න මම ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙනවා, තරුණ පරපුර විනාශ කරන අය එල්ලලා මරන්න නොවේ ගල් ගහලා මරන්න වටින්නේ

:       32       384

kumar (gulf) Wednesday, 11 July 2018 03:51 PM

මහරජාලා ඉන්නකන් ඔය නීති ක්‍රියාත්මක වෙන්නේ නෑ. බලමුකෝ අඩුගානේ මීයෙක්වත් එල්ලා මරන්නේ නෑ. මිනිස්සු කෙසේවෙතත්...

:       23       130

Sanath KandyWednesday, 11 July 2018 06:30 PM

එල්ලුවත් එල්ලන්නේ හාල්මැස්සෝ කුනිස්ස්සෝ. තෝරු මෝරු කවදාවත් එල්ලන්නේ නෑ.

:       1       111

ධනුෂ්කThursday, 12 July 2018 03:04 AM

තෝරු, මෝරු,තල්මස්සු එල්ලන්න ලංකාවේ තියන කඹ හයිය මදි.එ්කයි එල්ලන් බැරි. අනික උන් අල්ලන්ත් අමාරුයි ගැඹුරු මුහුදේ ඉන්නේ

:       0       37

සතයපාල Wednesday, 11 July 2018 04:46 PM

මරණ දඩුවම ක්‍රියාත්මක වෙන බව දැනගත් පසුව සමහරු කලබලයට පත්වෙලා තියන තරම දැක්කම පූදුම හිතනවා. දැන් බලන් ගියාම කුඩුකාරයන් හා පාතාල නායකයන්ගේ සහායට දේශපාලකයන් පමණක් නොවේ ඔවුන්ගේ අනුගාමිකයන්ද කොන්දේසි නැතිව පෙනී සිටින බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ.

:       6       212

Chaminda Wednesday, 11 July 2018 05:04 PM

මේක මගේ අදහසක්, සමහරු කියනවා මරණ දඬුවම ක්‍රියාත්මක කිසිම රටක අපරාද අඩුවන්නේ නැති වග. මම කියන්නේ සමහර විට අපිට විතරක් මේක හරියන්න පුළුවන් විදේශ රටවලට ඕන විදියට නටලා මේ වෙලා තියෙන දේ හොදටෝම ඇති. අපි ක්‍රියාත්මක කරලා බලමු මොකද වෙන්නේ කියලා දැනටමත් මරණ දඬුවම දුන් අය කලබල වෙලාලු.

:       15       309

LankaputhaThursday, 12 July 2018 02:42 AM

චීනයේ ඇමරිකාව මෙන් 5 ගුණයක සෙනග සිටීමත් එහි අපරාද ඇමරිකාව මෙන් 5/1 ක් වීමත් අතරට ඇති එකම රහස චීනයේ ක්‍රියාත්මක දැඩි මරණ දඬුවම් පිළිවෙතයි. ඇමරිකාව මරණ දඬුවම ක්‍රියාත්මක කලද ඉතා කලාතුරකින්ය

:       0       1

Chanak Los angeles Wednesday, 11 July 2018 06:48 PM

එතකොට මත්කුඩු පොවන දරුවන්ගේ ජීවිත ටිකෙන් ටික දියවෙලා යන එකට ඔවුන් කලබල වෙන්නේ නැද්ද? අන් ජීවිත මත්කුඩු වලට හුරුකොට නැසෙන්න හැරලා තමන්ගේ ජීවිතය පමණක් සුඛිත මුදිත කරගන්න ඔය කලබලයට පත්වූවන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත. හැබැයි මේ දඬුවම ප්‍රධාන මුදුන් මුල්වලට දේවිද කියන ප්‍රශ්නය පැනනගිනවා.

:       12       285

dingirala Thursday, 12 July 2018 12:23 AM

මරණ දඬුවම දෙනවට මම 100% ක් කැමතියි. ඒත් දූෂිත පොලිසියක් තියන සහ වියදම් කල කැකි මුදල් ප්‍රමාණය මත ලැබෙන යුක්තිය සහ සාධාරණය තීන්දු කෙරෙන රටක හැබෑ අපරාධකරුවාම අවසානයේදී එල්ලා මරයිද?

:       0       1

Ranga Thursday, 12 July 2018 02:28 AM

අනිත් රටවල් වල වෙන දේවල් සාමාන්‍යයෙන් ලංකාවේ සිද්ද වෙන්නේ නැහැනේ.. සමහර විට වෙන රටවල මත් කුඩු අඩු නොවුනට ලංකාවේ අඩු වෙන්න පුළුවන්. එකක් දෙකක් කරලා බලමු...! ඊට පස්සේ තීරණය කරන්න පුළුවන්නේ හරි යනවද නැද්ද කියලා..!

:       0       1

sudesh Thursday, 12 July 2018 04:09 AM

එල්ලා මැරිය යුතුමයි. මේ අයට අනිත් අයගේ ජීවිත වල වටිනාකමක් නෑ

:       1       1

තමීර Thursday, 12 July 2018 04:20 AM

තීරණය කියන විදියටම ක්‍රියාත්මක වෙනවානම් හොඳයි දේශපාලව මැදිහත්වීම් නැතිව. අනුරාධපුර මනුෂ්‍ය ඝාතන සිද්ධියට පොලිසිය මැදිහත් වුනු හැටි අපි දැක්කනේ. ඒ වගේ නොවී ජාවාරම්කාරයෝ එල්ලලා මැරුවනම් තරමක් හෝ පාලනයක් වෙයි. මුදුන් මුල නම් කොහොමත් හොයාගන්න වෙන්නේ නෑ. අඩුම තරමේ කුඩු ගෙන්නන මිනිහට බෙදාහරින්න මිනිහෙක් හොයාගන්න බැරිතරම් තත්වයක් වත් එන්නේ නැතෑ.

:       0       1

ඩී. ජයදේව Thursday, 12 July 2018 05:38 AM

මේ ආණ්ඩුව ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක කරන විදිහ ගැන දන්නේ නැති කට්ටියට තමයි බය වෙලා කැළඹිලා ඇත්තේ

:       0       3

HafeelThursday, 12 July 2018 11:06 AM

ඔබ කිව්වා වගේ තීන්දුත්, මාධ්‍ය සංදර්ශනයි, කයිවාරුත් පමණයි. දන්නෙද්ද ඡන්ද කාලේ කිව්ව කඩු ප්‍රහාර, දැඩි තීන්දු තීරණ මොකුත් දැන් පෙන්න නැහෙ.

:       0       0

Krishna Thursday, 12 July 2018 08:02 AM

අපරාධ කරනකොට බය හිතුණෙ නැද්ද මේ අයට දඬුවම් විදින්න වෙයි කියලා?

:       0       0

sudeah Thursday, 12 July 2018 08:16 AM

"එල්ලුවත් එල්ලන්නේ හාල්මැස්සෝ කුනිස්ස්සෝ. තෝරු මෝරු කවදාවත් එල්ලන්නේ නෑ." මේ කූනිස්සෝ තමයි පහළම ලෙවල් එකේ ඉදලා කුඩු විකුණන එක කරන්නේ ඒ නිසා උන්ව එල්ලන එක කරන්නම ඕනේ. උන්තෝරු මෝරු වෙනුවෙන් බාර වෙලා හිර ගෙවල්වලටත් යන්නේ. එල්ලුම් ගහ ගෙනාපු ගමන් මේ ඔක්කොම ඉවරයි

:       0       0

sena Thursday, 12 July 2018 08:23 AM

අපරාද කාරයෝ මරලා දැම්මාම අපරාද නැතිවෙලා යනවා - මකුණෝ මරපුවාම මකුණෝ කන එක එබෙම නැති වෙනවා වගේ.

:       0       0

බි.ඩි.එස්. විජේවර්ධන Thursday, 12 July 2018 08:54 AM

හැම දේකටම කකුලෙන් අදින අය තමා ඉන්නේ කවුරු කීවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිසිම රටක අපරාද අඩුවන්නේ නැති වග. මම කියන්නේ සමහර විට අපිට විතරක් මේක හරියන්න පුළුවන් විදේශ රටවලට ඕන විදියට නටලා මේ වෙලා තියෙන දේ හොදටෝම ඇති. බලමු මොකද වෙන්නේ කියලා දැනටමත් මරණ දඬුවම දුන් අය කලබල වෙලාලු.එතකොට මත්කුඩු පොවන දරුවන්ගේ ජීවිත ටිකෙන් ටික දියවෙලා යන එකට ඔවුන් කලබල වෙන්නේ නැද්ද? අන් ජීවිත මත්කුඩු වලට හුරුකොට නැසෙන්න හැරලා තමන්ගේ ජීවිතය පමණක් සුඛිත මුදිත කරගන්න ඔය කලබලයට පත්වූවන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත. හැබැයි මේ දඬුවම ප්‍රධාන මුදුන් මුල්වලට දේවිද කියන ප්‍රශ්නය පැනනගිනවා.කොහොම උනත් දඩුවම ක්‍රියාත්මක උනෝත් ඹය කියන හාල්මැස්සන් මෙන්ම තෝරුමෝරුත් කොරවෙලා හිටි.....

:       0       0

rocky Friday, 13 July 2018 11:13 AM

සියල්ලටම පළමුවෙන් මේ රටේ ඡන්දදායකයන් එල්ලුම් ගස් යවන්න!

:       0       1

de silva Sunday, 15 July 2018 05:35 AM

කවදද කියපු දෙයක් ක්‍රියාත්මක කරේ.? දැන් ඉන්න දේශපාලකයන්ට සහ නිලධරීන්ත පුළුවන් එළුවෝ වගේ බැහැ බැහැ කියා කියා ඉන්න පමණි , වැඩ නැත.

:       0       0

Kumara Sunday, 15 July 2018 07:24 PM

රුඳවියන් බන්ධනාගාරය තුළදීත් හෙරොයින් ජාවාරමේ නිරත වෙනවනම් ඒවා බන්ධනාගාරද? තමන්ගේ නිදහසේ ජාවාරමේ යෙදෙන්න ඉඩ හදලා දුන්නේ නිළධාරීන්ම තමයි. රුඳවියන් විතරක් නෙවේ බන්ධනාගාර නිලධාරීන්ද එල්ලිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 270 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 997 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 226 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1695 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2084 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 263 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site