IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


මරුසිරාගේ මල්ලිගෙන් සතුන් එළවන තුවක්කු දෙකක්

(දයාරත්න ඇඹෝගම) 
 
මීට වසර කිහිපයකට පෙර බෝගම්බර සිර ගෙදරදි එල්ලා මරා දැමූ සිරිපාල නොහොත් මරු සිරාගේ 64 හැවිරිදි බාල සොයුරා  සතුන් පලවා හැරිය හැකි තුවක්කු දෙකක් නිෂ්පාදනය කර ඇත.
 
අනුරාධපුර ,සාලියපුර,පුලියන්කුලම  ප්‍රදේශයේ පදිංචි මොහු ඩි.ජේ පියරත්න නැමති   සිව්දරු පියෙකි.
 
මොහු විසින් අහස් කූරු යොදා ගෙන සතුන් පලවා හැරිය හැකි තුවක්කුවක් හා ගල් උපයෝගි කර ගෙන සතුන් පලවා හැරිය හැකි තුවක්කුවක් නිශ්පාදනය කර තිබේ.  
 
වන සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානි වළකාලමින් ඔවුන් පලවා හැරීම, වගාන්ට හානි කරන අලි, වදුරන්,රිලවුන්, වවුලන්,දඩු ලේනන් ආදි සතුන්ට හානි නොවන ලෙස බිය ගන්වමින් පලවා හැරිමට මනාව උපයෝගි කර ගත හැකි විම මෙහි ඇති විශේෂත්වයයි.
 
මෙයින් වන සතුන්ට මෙන්ම මෙය භාවිතා කරන පුද්ගලයන්ටද හානි සිදු නොවන ලෙස මෙම තුවක්කු දෙක නිර්මාණය කොට ඇත.
 
සිය නිශ්පානයන් පිළිබදව අදහස් දක්වමින් ඩී.ජේ පියරත්න(64) මහතා මෙසේ පැවසීය.
 
‘මට ස්ථිර රැකියාවක් නෑ. වඩුවැඩ තමයි කරන්නේ. මාගේ බිරිඳත් පාදය ආබාදයකින් පෙළෙනවා. මං මේ තුවක්කු හදන්න හිතුවේ ගෙවතු වගාවන්ට සතුන්ගෙන් විශාල ලෙස හානි සිදුවනවා එයට පිළියමක් ලෙසයි. මෙයට බලපත්‍ර අවශ්‍ය නෑ. ග්‍රාම නිළධාරිතුමන් දැනුම්වත් කරලා තමයි මේ නිශ්පාදන කරන්නේ. මීට මාස දෙකක පමන සිට තමයි මේවා හදන්නේ.
 
තුවක්කු හදන්න ලී හා යකඩ බට අවශ්‍යයි. එක තුවක්කුවක් හදන්න රුපියල් 2500ක් පමණ යනවා.රුපියල් තුන්දහසක පමණ මුදලකට තමයි අලෙවි කරන්නේ. 
 
පොඩි කාලේ මායි අයියයි(මරැසිරා) සෙල්ලම් කරන්න සෙල්ලම් තුවක්කු හැදුවා. මීට අමතරව රෝද තුනේ පාපැදියක් වගේ නිශ්පාදන කිහිපයක් කළා. එල්ලා මැරුව අපේ අයියාගැන (මරු සිරා)ගැන කියවෙන මරුවා සමග වාසය චිත්‍රපටයටද මං සහය දී තිබෙනවා. ‘‘



අදහස් (10)

මරුසිරාගේ මල්ලිගෙන් සතුන් එළවන තුවක්කු දෙකක්

NUWAN Wednesday, 22 August 2018 11:53 AM

මොලේ තියෙන මිනිස්සු ඉන්න රටක් වැඩක් නොගෙන අකාලේ විනාශ වෙන හැටි.

:       0       130

leel gunawardena Wednesday, 22 August 2018 01:26 PM

මෙතුමා ගැන මමත් දන්නවා හොඳ දක්ෂයෙක් අනුරාධපුරයෙන් ලීල් ගුණවර්ධන

:       0       57

Raveendra Wednesday, 22 August 2018 04:56 PM

අප විස්වාස කරනවා මේ මහත්මයාගෙන් රටට ඵලදායි වැඩක් කරගත හැකිවේවි යන්න.

:       0       33

sarath hettiarachchi Wednesday, 22 August 2018 05:39 PM

සිතිවිල්ල හොදයි. නමුත් අරුමදර නන්දසේන ද සිල්වා වැනි අයගෙනුත් වැඩක් නොගත් පොළවක අප පයගසා ඉන්න බව අමතක නොකරන්න. කෙසෙල් කැනක් කපා පොලිසි ගෙනියන කෙනා ආයුධ පෙන්වීමට ගොස් මරා දමනා තුරුත් උපරිම වැඩ ගන්නා පොළවක්

:       0       81

Mahee Thursday, 23 August 2018 12:07 AM

මෙතුමාට පේටන්ට් බලපත්‍රයක් ලබා දීල මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න බාරගන්න කැමති ව්‍යාපාරිකයෙක් නැද්ද? අපේ සත්තු ටික බේරගන්න මොන තරම් හොඳ වැඩක්ද මේක? දේශපාලුවෝ පඳුරක් ගානේ ඉන්නවා, ප්‍රාදේශීය සැබෑ තියෙනවා, හැබැයි, ගමේ සම්පත් ගැන, ගමේ හැකියාවන් ගැන මොන කෙහෙල්මලක්වත් දන්නේ නෑ.

:       0       119

gamini Thursday, 23 August 2018 03:19 AM

මටත් එකක් ගන්න ඕනේ වදුරෝ එලවන්න නොම්මරේ දෙන්න

:       0       3

wije Thursday, 23 August 2018 03:54 AM

මෙතුමා කොච්චර දක්ෂයෙක් වුනත් මෙතුමාගේ පෙර පවකට තමයි ලංකාවේ ඉපදිලා තියෙන්නේ. මෙතුමා ජපානය , කොරියාව , තායිවානය වගේ රටක ඉපදුනානම් තමන්ගේ රට වෙනුවෙන් මොනතරම් සේවයක් කරන්න පුළුවන්කමක් තියෙනවද

:       0       109

NANJU Thursday, 23 August 2018 03:56 AM

ජනාධිපතිතුමාට පත්තරේ මෙම කොටස බෙලෙත්ව දෙවියනි ....!!!!

:       0       2

de silva berlin Monday, 27 August 2018 08:50 AM

ලොකු මහත්මයා මේක පත්තරෙන් දැක්ක ගමන් අනිවාර්යයෙන්ම මොහු හම්බවෙන්න ගිහින් එතන කතාවකුත් පවත්වලා කැබිනට් එක නිසා ඔහුට තුවක්කු කබලක් වත් හදාගන්න බැහැ කියලා කැබිනට් එකට බැනලා, මාධ්‍ය සංදර්ශනයක් එහෙම තියල එනවා.

:       0       0

de silva Monday, 27 August 2018 08:54 AM

මහී මහත්මය මේකට පේටන්ට් බලපත්‍රයක් ගන්න බැහැ , බටයක් ඇතුලට අහස්කුරක් දමල පත්තුකරලා වඳුරෝ / අලි දිහාවට අල්ලාගෙන ඉන්න කොට එක ගිහින් වඳුරෝ ආසන්නයේ පුපුරනවා එතකොට වදුරෝ/ අලි පැනලා දුවනවා, මේක තුවක්කුවක් හැඩයට ලස්සනට හදල තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 54 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 167 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 709 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 745 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 995 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 228 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 194 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site