IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මුලතිව් නිවසක ගිනි අවි ගබඩාවක්

සිතුම් චතුරංග සහ ඉන්දිකා රාමනායක
 
නිවසක් තුල  රහසිගතව ගිනි අවි සහ  පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයකු මුලතිව්, පුදුකුඩිරිප්පු ,දේවිපුරම් ප්‍රදේශයේ දී  අද (03) අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.
 
නිවසක් තුල  මහා පරිමාණයෙන් ගිනි අවි නිශ්පාදනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවටගත් සැකකරු දීර්ඝ කාළයක් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ගිනි අවි නිශ්පාදනය කිරීමේ අංශයේ සේවය කළ අයකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.
 
සැකකරුගේ නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කු තුනක් , බඳින තුවක්කු හතක් , තුවක්කු සෑදිමට ගන්නා බට 12ක්, ටි.56  මූණිස්සම් කිලෝ දහයක් , වෙඩි බෙහෙත් ග්‍රෑම් 500 ක් හා කියත් , අඬු හා තුවක්කු නිශ්පාදනයට ගන්නා උපකරණ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.
 
බෙහෙත්කොටන තුවක්කුවක් රුපියල් 10000 මුදලකටත්, බඳින තුවක්කුවක් රුපියල් 5000 මුදලකටත් සැකකරු විවිධ පුද්ගලයින් වෙත අලෙවිකොට අති බව පොලිසිය පවසයි. 

 



අදහස් (13)

මුලතිව් නිවසක ගිනි අවි ගබඩාවක්

Mahesh Tuesday, 03 October 2017 02:59 PM

අපි මොහුගේ දැනුම සහ හැකියාව ප්‍රයෝජනයට ගෙන මිසයිල නිර්මාණය කරමු. බැරිවෙන එකක් නැ.

:       101       43

ruchiWednesday, 04 October 2017 07:20 AM

ඒ හදන මිසයිලයට ඔක්කොම දේශපාලකයෝ ටික එකට තියල ගැටගහල උඩ අරිමු.

:       2       151

ධනුෂ්ක Tuesday, 03 October 2017 03:56 PM

මේකට නම් ආයුධ පෙන්නන්න එක්ක යන්න ඕනි.

:       9       77

ධම්ම Tuesday, 03 October 2017 04:16 PM

මේ මිනිසාගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න.

:       102       124

terrance Tuesday, 03 October 2017 09:12 PM

නීතිය අනුව නම් වරදක් තමයි. මොහුගේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න ඕන. කලිනුත් ඔය වගේ සිද්ධියක් වුනා මතකයි.

:       30       29

jayath Wednesday, 04 October 2017 12:04 AM

මේ යන විදියට තව ගියොත් මෙහෙත් ඔයවගේ නිෂ්පාදන බිහිවෙලා ආපහු 71 සහ 88 -89 වගේ යුග බිහිවෙන්න බැරි නැහැ . තරුණයෝ ත්‍රී වීල් රස්සාවට යොමුකරවල රටේ ප්‍රශ්න විසඳන්න අමාරුයි ඒ තත්වයට රට තල්ලු කරන්නේ මේ දේශපාලකයෝ ම තමයි

:       2       41

lapaya Wednesday, 04 October 2017 12:30 AM

ලංකාවට එපා නම් උතුරු කොරියාවට මේවා විකුණන්න. හොද ගානකට ගනියි.

:       1       32

Nuwan Wednesday, 04 October 2017 06:36 AM

මෙරට ගිනිඅවි නිපදවන්නන් දිරිමත් කරමු කියන ඔබගේ දැනගැනීම පිණිස - ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අවි පිලිබඳ ජිනිව සම්මුතීන් අනුව අපට කිසි සේත්ම ගිනි අවි නිෂ්පාදනය නවීකරණය අඩුගානේ උණ්ඩයක් වෙනස්කිරිමක්වත් කරන්න අවසර නැහැ

:       0       27

vipula Wednesday, 04 October 2017 06:46 AM

මෙය ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ කියයිද ?

:       0       12

Thushara Wednesday, 04 October 2017 08:49 AM

ඔත්තුව ලැබුණු නිසානේ ගියේ.... නොලැබුණා නම් දන්නේ නැහැ. මොකුත් කියන්න එපා සංහිඳියාවට බාධාවක්.

:       3       13

etarahelaya Wednesday, 04 October 2017 10:28 AM

තව තව කොටි නිදහස් කරමු. එතකොට හරිනේ...

:       0       13

Tissa Thursday, 05 October 2017 07:41 AM

තව වැඩකට ලෙස්ති වෙනව වගේ....

:       0       20

sathyayaa Friday, 06 October 2017 12:32 AM

ප්‍රභාකරනුත් හරි දක්ෂයෙක්. අපේ පාර්ලිමේන්තුවට රිංගාගෙන ඉන්න 8 පාස් නොවුණු අයත් මොන පැත්තකින් හරි දක්ෂකමක් පෙන්නුම් කරනවා. කරන්න දෙයක් නැත්නම් සෙංකෝලය හරි උස්සාගෙන සභා ගැබ වටේ දුවනවා. මුලතිව් වල ආයුධ හදන මේ පුද්ගලයාත් කෙරුවේ කුමක් වුණත් දක්ෂයින් ගොඩට ඇතුලත් වී හමාරයි. මේ හැමෝම පුනරුත්ථාපනය කිරීම කාලීන මෙන්ම ජාතික අවශ්‍යතාවයක්. සංහිඳියාවට කලින් එය සිදු කළ යුත්තක්.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4728 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 106 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 112 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 158 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 875 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 264 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site