IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ඊබ්‍රහිම් මොහොමඩ් ට ජය

කොළඹදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි අද (24) ජය ලැබීය. 
 
එරට මැතිවරණ කොමිසම අද නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව සෝලි සියයට 58.3ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබිණි. 
 
මාලදිවයිනේ විදේශ අමාත්‍යාංශය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ජයගත් බව සඳහන් කර තිබිණි. කෙසේ නමුත් ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 30 වැනිදා යැයි පැවසේ. 
 
ඊයේ (23) පැවැති ජනාධිපතිවරනයෙන් බලයේ සිටි අබ්දුල්ලා යමීන් ජයගනු ඇතැයි පශ්චාත් මැතිවරණ ක්‍රියාවලිය නිදහස් හා සාධාරණ නොවනු ඇතැයි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු බොහෝ පිරිස් පෙන්වා දුන්හ. ජනාධිපතිවරණයට පෙර සිටම අබ්දුල්ලා යමීන් විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් දැඩි පාලනයක් ගෙන ගිය අතර පූර්ව මැතිවරණ ක්‍රියාවලිය නිදහස් හා සාධාරණ නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ සහ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියට එක් නොවූහ. 
 
සෝලි ජයගත් බව ප්‍රකාශයට පත්වීමත් සමඟ මාලිදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එම්.ඩී.පී) පක්ෂ ආධාරකරුවෝ කහ පැහැ ධජ ඇතිව වීදිවල ජය සැමරූහ. 
 
මැතිවරණ ප්‍රතිඵල ජනාධිපති අබ්දුල්ලා යමීන් අද (24) සවස් වනතුරුත් කිසිදු ප්‍රකාශයක් කර නොතිබිණි.  
 
අබ්දුල්ලා යමීන් දැඩි පාලනයක් ගෙන යන බවට විපක්ෂ කණ්ඩායම්වලින් සහ ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබිණි. මාලදිවයින ඉන්දු චීන බල අරගලයේ පොර පිටියක් බවට පත්ව තිබීම ඊට ජාත්‍යන්තරයේ අවධානය වැඩි වශයෙන් යොමු වීමට හේතු විය. 
 
බලයේ සිටින ජනාධිපතිවරයා වන අබ්දුල්ලා යමීන්ට චීනයේ සහාය හිමිවන බව බොහෝ පාර්ශව ප්‍රකාශ කරන්නට වූ අතර මාලදිවයිනේ ක්‍රියාත්මක බොහෝ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට මූල්‍ය දායකත්වය දක්වන්නේ ද චීනයයි. 
අබ්දුල්ලා යමීන්ගේ පාලනය යටතේ බොහෝ මාධ්‍යය ද වාරණයට ලක්ව තිබිණි. මෙම තත්ත්වය මධ්‍යයේ විපක්ෂ අපේක්ෂකයකුට ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට හැකියාවක් නැතැයි බොහෝ පිරිස් කීහ.

මේ තත්ත්වය යටතේ මාලදිවයිනේ විපක්ෂ කණ්ඩායම් යමීන් පරාජයට පත් කිරීම සඳහා විපක්ෂ සන්ධානයක් ගොඩනැගීය. එම ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූයේ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලිය. 
 

   ජනාධිපතිවරණ සටන පැවැත්වුණේ බලයේ සිටින ජනාධිපතිවරයා වන අබ්දුල්ලා යමීන් සහ ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි අතරය. 
අනෙකුත් ප්‍රධාන විපක්ෂ ක්‍රියාකාරීන් සියලු දෙනාගෙන් බොහෝ දෙනා සිරභාරයට පත්ව ඇති අතර අනෙක් ප්‍රධානීන් රටින් පිටුවහල් කර ඇත. 
ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකු-ත් වීමට ආරම්භ වී පැය කිහිපයකට පසු සෝලි සහ යමීන් අතර පරතරය වැඩි වූ විට සෝලි, යමීන් අමතා පරාජය බාර ගන්නට යැයි ද පවසා ඇත. ප්‍රතිඵල නිකු-ත් වීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.
“මම යමීන්ට කතා කළා. ජනතාවගේ කැමැත්තට ගෞරව කරව සාමකාමී සහ සුමට ලෙස බලය පවරන්නැයි මා ඔහුට කියා සිටියා” සෝලි කීය. 
දේශපාලන සිරකරුවන් බවට පත්ව සිටින සියලු දෙනා නිදහස් කරන්නැයි ද සෝලි, ජනාධිපති යමීන්ට අවධාරණය කළේය. 

(055)



අදහස් (1)

මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ඊබ්‍රහිම් මොහොමඩ් ට ජය

Janahitha Monday, 24 September 2018 01:51 PM

ශ්‍රි ලංකාවේ ඉදිරි මැතිවරණයත් ඔය ප්‍රතිපලයම තමා. මේක කවුරුත් සිහි තබාගැනීම ගැනීම සුදුසුයි.

:       2236       77

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 10 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 123 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 658 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2466 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 716 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 369 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site