(ආරියරත්න රණබාහු)
මේ වසරේදී පවත්වන පළමු මැතිවරණය පළාත් පාලන මැතිවරණය මිස ජනමත විචාරණයක් නොවේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹදී බදාදා (26) පැවැසීය.
ජනමත විචාරණයක් පැවැත්වීම පිළිබඳව ශ්‍රීලනිපය මේ වනතුරු කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද ඇමැතිවරයා කීය.
කොළඹ 10, ටී.බී. ජයා මාවතේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ දහවල් පැවැති මාධ්‍ය හමුවේදී එසේ කී ඇමැතිවරයා මෙසේද කීය.
අපි ඉතාමත් පැහැදිලිව ඉන්නේ පළාත් පාලන මැතිවරණය ඉතාමත් ඉක්මනින් තියන්න ඕනෑ කියන මතයේයි. පසුගිය 25 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදීත් වහාම පළාත් පාලන මැතිවරණයකට යන්න ඕනෑ යැයි කියලා සාකච්ඡා කළා.
වෙනත් සියලූම මැතිවරණවලට ප‍්‍රථම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු යැයි කියන මතයේ අපි ඉන්නවා.
කුණු කන්ද වගේ ඇති වුණ සිද්ධීන්වලදී මහජන නියෝජිතයන්ගේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ශ්‍රීලනිපයේ අපි කිසි ආකාරයකින් පළාත් පාලන මැතිවරණය කල් දාන්න යන්නේ නැහැ. ජනමත විචාරණයක් හෝ වෙනත් මැතිවරණයක් නොවෙයි අපි තියන්නේ පළාත් පාලන මැතිවරණයයි.
පළාත් පාලන මැතිවරණය අපි පවත්වන්නේ නව ක‍්‍රමය යටතේයි. ඒකටයි අපි අවුරුදු 1 1/2 ක් පරක්කු කළේ. සමහර කට්ටිය විවිධ කතන්දර කියනවා ඒ ක‍්‍රමය පැත්තට දාන්න.
නමුත් අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය අපි පවත්වන්නේ අලූත් මැතිවරණ ක‍්‍රමය අනුව යැයිද ඇමැතිවරයා කීය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මුලින්ම පුංචි ඡන්දේ
SIRI Thursday, 27 April 2017 06:58 AM
අමරවීර මහත්තයෝ,... බොරු කියන්න එපා. පළාත් පාලන මැතිවරණය කල් දාන්නේ නැහැ කිවුවට මෙච්චරකල් මොකද කළේ? නව ක්‍රමයට යන්න ඕනේ නිසා කල් දැම්මාලු. මේවා හොඳයි ගැලරියට. යහපාලනයට හේත්තුවෙලා ඇමතිකම් අරගෙන ඒවා භුක්තිවිඳිමින් ජනතාව අන්දන්න එපා. ඔබලා සැමට ලබන ඡන්දේදි නිසි පිළිතුරු ලැබෙයි. එතෙක් ඔබලා හරියට "වතුර රත්වෙනකල් නටපු කකුළුවෝ" වගෙයි.
wasantha Thursday, 27 April 2017 07:57 AM
2020 වෙනකම් ඡන්දේ එපා. සියලුම ඡන්දේ එක වර තබන්න.