(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහි නඩුවේ සාක්කි දුන් එම බුද්ධි බළකායේ සේවය කළ පේ‍්‍රමානන්ද උදලාගම මහතා ‘‘මිලේනියම් සිටි’’ යුද හමුදා ආරක්‍ෂක නිවාසයේ තිබී සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලද ලිපි ලේඛන කොළඹ මහාධිකරණයේදී හඳුනා ගත්තේය.
ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක සම්පත් විජේරත්න මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙමින් පේ‍්‍රමානන්ද උදලාගම මහතා අදාළ ලිපි ලේඛන එලෙස හඳුනා ගත්තේය.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා අධිකරණයේ පෙනී සිටියේය.
2002 ජනවාරි මස 02 වැනිදාත් සැප්තැම්බර් මස 03 වැනිදාත් අතර කාලයේ කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොටදී ශ්‍රී ලංකා ජනරජයේ ආරක්‍ෂාවට හා යහපතට හානිදායක විය හැකි ආකාරයට කටයුතු කරමින් ශ‍්‍රී ලංකා ජනරජයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීමේ කාර්යයේ යෙදී සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකා නිලධාරීන් රැදී සිටි අතුරුගිරිය ‘‘මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසය පිළිබඳව, එහි රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් පිළිබඳව, ඔවුන් සිදු කරන මෙහෙයුම් පිළිබඳව හා ඔවුන් ඒ සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව රහස් රැස් කරන ලදැයි විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
විත්තිකරු වෙනුවෙන් නීතීඥ චමීර හපුතන්තී‍්‍ර සහ නීතීඥ පසිඳු තිලකරත්න සමඟ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘මිලේනියම්‘ සිටි නඩුවේ ලිපි ලේඛන හඳුනාගනී
සතයපාල Wednesday, 13 June 2018 02:03 PM
වසර දහසයක් ගතවෙලාත් තවම මෙම නඩුව ඉවර කරන්න බැරිවීමෙන් පෙනෙනවා අපේ රටේ අධිකරණ පද්ධතියේ ඇති අකාර්යක්ෂම හා වියවුල් මන්දගාමි ස්වභාවය. මෙයට පිළියම් කරනවා විනා අධිකරණයට අපහාස කලේ කවුරුද කියා හොයා බලන්න කාලය නාස්ති කිරිම ඵලක් නැති ක්‍රියාවකි.
SimiyonThursday, 14 June 2018 12:15 AM
මේ සඳහා කොමිසමකුත් පත්කළා නේද? වාර්තාව 30 අවුරුද්දකට වඩා තැබුවා නේද?
kiki Thursday, 14 June 2018 12:01 AM
නීතිඥ සාලිය පිරිස්.. නඩුවේ තීන්දුව මම දැන් කියන්නම්... ඔන්න බබෝ යහපාලනය..
Rasika Thursday, 14 June 2018 01:32 AM
මේවට හරියට දඩුවම් නොදීපු නිසයි නැවතත් බුද්ධි අංශය පාවලා දෙන්නේ... මොවුන්ට දඩුවම් කල යුතුයි.